තව තව දේවල්

ඔබේ රුව වඩවන කෝමාරිකා සත්කාර රැසක් මෙන්න

කෝමාරිකා සත්කාර වලින් ඔබේ මුළු දිවියම ආලෝකවත් කරන්න පුළුවන්. කෝමාරිකා කියන්නේ අන්න ඒ තරම් වටිනා දිව්‍ය ඖෂධයක්.


ඒ බව ඔබ හොදින් දන්නවා ඇති. අපි අද මේ ගැන ටිකක් වැඩිපුර කථා කරමු. මොනවද මේ කෝමාරිකා කියන්නේ? ඖෂධීය ශාකයක් වෙන මෙහි විටමින් A, C, E, B1, B2, B12, ෆෝලික් ඇසිඩ්, යකඩ, පොටෑසියම්, මැග්නීසියම්, සෝඩියම් ආදී පෝෂ්‍ය පදාර්ථ රාශියකින් අඩංගු වෙනවා.

ඒ වගේම මෙහි සියයට අනූවක් ජලය අඩංගුයි. විවිධ රෝග රුසකටම සරිලන ඖෂධයක් වෙන කෝමාරිකා තුල ඔබේ රුව ඔප් නංවන්න සුවිශේෂි හැකියාවක් තියෙනවා.

කෝමාරිකා ඖෂධයක් ලෙස ලබා දෙන ප්‍රතිලාභ මෙම දිව්‍ය ඖෂධයේ ගුණ කිහිපයක් පහතින් දක්වා තියෙනවා. ගර්භාෂය ඇතුළු ඇග සිසිල් කරයි. මළබද්ධය වළක්වයි.
අම්ල පිත්ත රෝගය සුව කරයි. සමේ තෙතමනය රැක දෙයි. ආහාර ජීර්ණ ක්‍රියාවලාය ක්‍රමාණුකූල කරයි. පිළිස්සුම් තුවාල සුව කරයි. කාන්තාවන්ගේ ගර්භාශගත රෝග සුව කරයි
දියවැඩියා රෝගින් සදහා සුදුසුයි. ප්‍රතිශක්තිය වර්ධනය කරයි. වා, පිත්, සෙම් තිබීම නිසා හටගන්නා රෝග සමනය කරයි. සම පැහැපත් කරයි. හිසකෙස් නිරෝගී කරයි.

රූපලාවන්‍ය සදහා කෝමාරිකා සත්කාර – කෝමාරිකා රූපලාවන්‍යයේදි මහෝෂධයකි. එහි මේ නම් වෙන් කල හැකි එක් කාර්යයක් නොමැත. එය සියල්ලටම ඍජුවම දායක වෙයි.
කෝමරිකා යනු පංච කල්‍යාණියන් තතන ඖෂධයක් ලෙසද හැදින්විය හැකිය. ඡවි කල්‍යාණය වඩවන කෝමාරිකා සත්කාර කෝමාරිකා ඔබේ සමට ලබා දෙන පෝෂණය රැකවරණය අපමණය. එය සමේ තෙතමනය රැක දෙයි. සම පැහැපත් කරයි. කුරුළෑ ආදි ලප කැළැල් ඉවත් කරයි. ඒ වගේම සම පිරිසිදු කිරීමට, සම ස්ක්‍රබ් කිරීමට , සම ටෝනර් කිරීමට හා සම මොයිසරයිසර් කිරීමට ආදි සමට බාහිර සත්කාර රාශියකට කෝමාරිකා ඍජුවම සිය දායකත්වය ලබා දෙයි. රන්වන් පැහැති සමකට : කෝමාරිකා යුෂ එලකිරි සමඟ මිශ්‍ර කර ශරීරයේ ආලේප කර පැයකට පසු ස්නානය කරන්න. පැහැපත් සමකට : කෝමාරිකා මදය මේස හැඳි එකක්, දෙහි යුෂ තේ හැඳි 1ක්, සහ මී පැණි මේස හැඳි 1ක් එකට මිශ්‍රකර සකස් කරගත් ආලේපය දෑස් වටා ප්‍රදේශය හැර මුහුණෙහි ගල්වා විනාඩි 15කින් පසුව සෝදාහරින්න. පැහැපත් සමකට : කෝමාරිකා මදය ගස්ලබු, යෝගට් සමඟ මිශ්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි විස්සක් පමණ තබා සෝදා හරින්න.


හිරු කිරණින් ආරක්ෂා කිරීමට: කෝමාරිකා සඳහා පිපිඤ්ඤා යුෂ ස්වල්පයlක් කලවම් කර ආලේප කරන්න. කැළල් සඳහා : කෝමාරිකා යුෂ ආසාදිත ස්ථානයේ අලේප කර විනාඩි 30 කට පසු සෝදා හරින්න. සමේ ලප කැළැල්වලට : කෝමාරිකා මද වැස්ලීන් සමඟ මිශ්‍ර කර ආලේප කිරීමෙන් ලප කැළැල් නැතිවේ. පැහැපත් සමක් සදහා ක්ලෙන්සර් :කෝමාරිකා යුෂ හා මී පැණි කලවම් එය මුහුණෙ ආලේප කර හොදින් ක්ලෙන්සර් කරන්න. සම පැහැපත් වීම සදහා ස්ක්‍රබ්: කපා සුද්ද කරගත් කෝමාරිකා පිත්තක් උඩට හාල් පිටි ටිකක් දමාගෙන එය කවාකාරව මුහුණ මත පිරිමදිමින් ස්ක්‍රබ් කරන්න. පැහැපත් සමක් සදහා ටෝනර් : කපා සුද්ද කරගත් කෝමරිකා කැබැල්ලකින් යුෂ වෙන්කරගන්න. පසුව එයට රෝස වතුර මේසහැඳි 2ක් ද වතුර මේසහැඳි 2ක් ද එකතු කරගන්න. ඉන්පසු ආලේප කරන්න.


පැහැපත් සමක් සදහා මොයිස්චරයිසර්: කෝමාරිකා යුෂ මුහුණේ ආලේප කර පැයක් පමණ තබා සෝදාහරින්න. පිලිස්සුණු සමට : ගස් ලබු, කැරට් පැෂන්ෆ්රුට් වැනි අමුද්‍රව්‍ය වලින් එකක් සමග කෝමාරිකා මිශ්‍ර කර ආලේප කරන්න. වියළි සමට :කෝමාරිකා, කහ හැන්දක්, මී පැණි තේ හැන්දක්, කිරි තේ හැන්දක් සහ රෝස් වතුර බින්දු කිහිපයක් මිශ්‍ර කරන්න. එය ආලේප කර විනාඩි 20 ක් පමණ සිට සෝදන්න. පැහැපත් සමට ස්ක්‍රබ්: කෝමාරිකා ජෙල් කෝප්ප භාගයක්, සීනි කෝප්පයක් සහ ලෙමන් යුෂ මේස හැඳි දෙකක් ගෙන එකට කලවම් කර මුහුණ ආලේප කර සෝදා හරින්න. කුරුලෑ වලට: කෝමාරිකා , වෝල්නට් පිටි සහ මී පැණි එකට කලවම් කර මිශ්‍ර කරන්න.

කේශ කල්‍යාණය වඩවන කෝමාරිකා සත්කාර හිස්හොරි,හිසේ තුවාල සදහා : තම්බාගත් උළුහාල් ස්වල්පයකට කෝමාරිකා මදය ස්වල්පයක් කලවම්කර කෙස් වල ආලේප කරන්න. විනාඩි 20 කට පසු සෝදා හරින්න. හිස්හොරි සදහා : කොට්ටම්බා තෙල් , පොල්තෙල් සමඟ කෝමාරිකා එක්කර ආලේප කරන්න. හිසකෙස් ශක්තිමත් කිරීමට : කෝමාරිකා මදය මේස හැදි 05ක් සහ පොල්තෙල් මේස හැදි 03ක් සමග පැණි මේස හැදි දෙකක් මිශ්‍ර කරගන්න.ඒවා හොදින් මිශ්‍ර කර හිසකෙස් වල ගල්වා හොදින් සම්බාහනය කර මිනිත්තු 30ක් තිබෙන්න හැර සෝදා හරින්න. කෙස් වර්ධනයට : ගොඩපර තම්බාගත් වතුරට කෝමාරිකා මද හොඳින්කලවම් කර හිස ගල්වා තබා ටික වේලාවකින් සෝදා හරින්න.
හිසකෙස් වල කලු පැහැය ආරක්ෂා කර ගැනීමට : කෝමාරිකා මදය හිසකෙස් වල ආලේප කර විනාඩි 10 කට පසු සෝදා හරින්න.. කෙස් මෘදු කිරීමට : කෝමාරිකා මදය මේස හැදි 04ක් සමග පොල්තෙල් මේස හැන්දක් මිශ්‍ර කරගන්න. මෙම මිශ්‍රණය හිසකෙස් වල ගල්වා පැයක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න. හිසකෙස් මෘදු කිරීමට: කෝමාරිකා යුෂ මේස හැදි 3ක්, යෝගට් මේස හැදි 2ක්, ඔල්ව් තෙල් මේස හැදි 3 ක් එකට කලවම් කර කෙස් වල ආලේප කර විනාඩි 15 කට පසු සෝදා හරින්න. ශක්තිමත්, සිනිඳු හා සිනිඳු හිසකෙස් වලට: කෝමාරිකා යුෂ හා පිරිසිදු පොල්තෙල් සමාන ප්‍රමාණයක් මිශ්‍ර කර හිසකෙස් වල ආලේප කරන්න. තෙල් සහිත හිසකෙස්වලට: කෝමාරිකා පිත්තකින් සුරා ගත් මද වලට දෙහි යුෂ මේස හැන්දක් එක් කර හොඳින් මිශ්‍ර කර ගන්න. මිශ්‍රණය හිසේ ගල්වා විනාඩි 45කට පමණ පසු සෝදා හරින්න. වියළ හිසකෙස්වලට: කන්ඩිෂනර් එකකට කෝමාරිකා මද සූරා දමා හිස කෙස්වල ආලේප කිරීමෙන් පසු පැය බාගයකින් පසු සෝදා දමන්න. දන්ත කල්‍යාණය වඩවන කෝමාරිකා සත්කාර දන්ත හා විදුරුමස් රෝග සඳහා : දත් බුරුසුව මත කෝමාරිකා යුෂ තවරා එයින් දත් මදින්න. අක්ෂි කල්‍යාණය වඩවන කෝමාරිකා සත්කාර ඇස් දැවිල්ලට : අරළු කුඩු, සූකිරි, මීපැණි, කෝමාරිකා මද, සමව ගෙන හොඳින් මිශ්‍ර කර ඇස් මත ටික වේලාවක් තබා සිටින්න.

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago