දරුවාට ගණිතය උගන්වන්න අම්මලා හරිම උනන්දුයි නේද? මේ ඒ සම්බන්ධව වැදගත් කාරණා කිහිපයක්.
නමුත් ඔබේ පුංචි පැටියා ගණිතයට අත්පොත් තබන්නේ ඔහු පරිසරය ගවේෂණය කරන්න පටන් ගත් වහාම කිව්වොත් ඔබට විශ්වාස කරන්න අමාරු වේවි.
වර්ණ හදුනා ගැනීම, හැඩ අනුව වර්ග කිරීම, ඔවුන්ගේ ඇගිලි උපයෝගි කරගෙන 10 වෙනකම් ගණන් කිරීම වැනි ගණිත කුසලතා දක්වන්න පටන් ගත් වහාම ඔබේ දරුවා ඉතා ලාබාල අවදියේදිම ඔබට ඒවා ඉහළ නංවන්න කටයුතු කරන්න පුළුවන්.
ඔබේ දරුවාට ගණිතය කිසිම විටෙක කම්මැලි විෂයක් කරන්න එපා. ඔබට නිවෙස තුල සිටියදි මෙන්ම නිවසින් පිටත ලෝකය තුලදී ඔබේ දරුවාගේ ගණිතමය හැකියාවන් පහසුවෙන් ඔප් නංවන්න පුළුවන්.
දරුවන්ගේ ගණිතමය හැකියාව ඉහළ නැංවිය හැකි උපක්‍රම කිහිපයක් මෙන්න. මේ ක්‍රම අනුගමනය කර ඔබේ දරුවාගේ දක්ෂතාවයන් ඔප් නංවාගන්න.
දරුවාට ගණිතය උගන්වන්න ක්‍රම
ඔබේ දරුවාට ගැලපෙන ක්‍රමය අවබෝධ කරගැනීමෙන් ඉහළ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.
ඒ නිසා ඔබේ දරුවාට වඩාත් ඵලදායී වන්නේ කුමන ආකාරයේ ඉගෙනුම් විලාසයද යන්න හඳුනා ගන්න.
ඒ වගේම දරුවා උනන්දුව දක්වන අධ්‍යාපනික ක්‍රම හා මෙවලම් ලබා දෙන්නත එවිට ඔබේ දරුවාගේ අවධානය ඒ සදහා ලබා ගැනීම පහසුයි.
දරුවාට ගණිතය උගන්වන්න: ඉගැන්වීම් ක්‍රම
ඒ සදහා ඔබ ළමා උද්‍යානයට යන අතරතුර සාප්පු සලකුණු, වීදි , බලපත්‍ර තහඩු ආදිය ගණන් කරන්න ඉඩ දෙන්න පුළුවන්.
3. ඇමතුම් අංක හදුනාගන්න ඉඩ දෙන්න
මිතුරෙකු හෝ නෑදෑයෙකු අමතන විට ඔහුට එම ඇමතුම් අංක හදුනාගන්න ඉඩ දෙන්න .
කුඩා දරුවන්ට ගණිත කුසලතා ඉහළ නැංවීම සඳහා මෙය හොඳ ක්‍රමයකි.
ඒ වගේම මෙහිදි ඔවුන්ට වමේ සිට දකුණට අංක කියවීමේ පුහුණුව ලබා ගන්න පුළුවන්.
දරුවාට ගණිතය උගන්වන්න: ශ්‍රවණ ඉගැන්වීම් ක්‍රම
5.ගණන් කරන රිද්ම හා ගීත ගායනා කරමින් නටන්න
“One little, two little, three little Indians, four little, five little, six little Indians, seven little, eight little, nine little Indians, ten little Indian boys…”
1 2 3 ළිපට ගල් තුනයි – 4 5 6 දුසිමේ භාගේ වේ- 7 8 9, නමය නපුරු වේ- 10 මේ තමා දෙඅතේ ඇගිලි වේ
වැනි යු ටියුබ් හෝ වෙනත් ළමා ගීත ම්‍රලාශ්‍ර වලින් ලබා ගත් ගණන් කරන ගීත ගායනා කරමින් දරුවා හා නර්තනයේ යෙදෙන්න.
දරුවා විනෝදය ලබමින් ගණිතය ඉගෙන ගනිවි.
දරුවාට ගණිතය උගන්වන්න: භෞතික ඉගෙනුම් ක්‍රම
7. හැඩතල හදුනා ගැනීම කරන්න
ඔබේ දරුවා පළමු ශ්‍රේණියට ඇතුල් කිරීමට පෙර හැඩතල හඳුනාගෙන ඒවා ඇඳීම කරන්න හැකි විය හැකියි.
ඔබ නිවසේ සිටින විට දරුවා තුල මෙම කුසලතාව පහසුවෙන් වර්ධනය කරන්න.
නිවස වටා ඇවිදිමින් ඔහුට චතුරස්‍ර, රවුම්, ත්‍රිකෝණ, දිගටි, හදවත් වැනි හැඩයන් සෙල්ලම් බඩු, බිම ටයිල් ආදිය ඇසුරින් හඳුනා ගැනීමට ඉඩ දෙන්න.
ඔබ සහ ඔබේ කුඩා දරුවා දකින ඕනෑම දෙයක හැඩය හා ගණන කියමින් විනෝද වෙන්න.
8. හැඩතල වර්ග කිරීම සහ බ්ලොක්ස් වලින් සෙල්ලම් කරන්න
හැඩතල ප්‍රහේලිකා සහ බ්ලොක්ස් වලින් සෙල්ලම් කිරීමට ඉඩ දීමෙන් ඔබේ ළදරුවාගේ ළමා කාලයේ ඇති වෙන චලන කුසලතා මෙන්ම අවකාශීය තර්කනය වර්ධනය කරගන්න පුළුවන්.
ඒ අතරම මූලික ජ්‍යාමිතිය හඳුන්වා දීමටද මෙය කදිම ක්‍රමයකි.
මම කුඩා කාලයේ මගේ අම්මා මට හැඩතල ඉගැන්වීමට හැඩතල වර්ග කරන සෙල්ලම් දුන් අයුරු මට තාම මතකයි. ඒවා හරිම ආදරණියයි.
දෙමව්පියනි, විනෝදකාමී හා වර්ණවත් හැඩ වර්ග කිරීම සහ බ්ලොක්ස් භාවිතා කර, ඔබේ දරුවා තුල ගණිතය කෙරෙහි උනන්දුවක් ඇති කරවන්න.
9. සොබාදහම නිරීක්ෂණය කරමින් ඉගෙන ගන්න
ඔබ පිටතට යන සෑම විටම ඔබේ දරුවාගේ ගැටළු විසඳීමේ කුසලතා සහ වියුක්ත චින්තනය වර්ධනය කරන්න.
මලක පෙති ගණන, කුරුමිණියෙකුගේ ලප ගණන, පොකුණක සිටින මාළු ගණන සහ තවත් බොහෝ සොවභාව දහමේ රටාවන් සොයා බලන්න.
දරුවා තුල ගණිතමය හැකියාව ඉහළ නැංවීමේදි මෙම සරල ,විනෝදජනක හා ඵලදායී ක්‍රමවලට ඔබ සහ ඔබේ දරුවා කැමති වෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.
ඔබේ දරුවන්ට විනෝදයෙන් ගණිතය ඉගෙනීම පහසු කිරීම සඳහා නිර්මාණශීලී වන්න. ඒ වගේම පරිකල්පනය භාවිතා කරන්න.
ගණිතය පමණක් නොව සියලුම විෂයන් මෙලෙස නිර්මාණත්මක මෙන්ම විනෝදාත්මක ක්‍රම වලින් ඔබේ දරුවාට උගන්වන්න පුළුවන්. ඒ තුලින් ඔබේ දරුවාගේ ඉගනීම පෝෂණය කරන්න.
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…
1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…
"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…
අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…
පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…