කුසතුල දරුවාගේ මොළය වර්ධනය ගැන අපි බොහොම උනන්දුයි. සෑම ගැබිනියක්ම දරුවාගේ මොළය වර්ධනය ඇතුළු සමස්ථ වර්ධනයටම හැකි උපරිමයෙන් කැප වෙනවා.
ඇත්තටම ගැබිණි මවකට දරුවාගේ මොළය වර්ධනයට කරන්න පුළුවන් දෙවල් තියෙනවාද? එහෙනම් ඒ මොනවාද?
අපි අද ඒ ගැන බලමු.
ඩිප්ලෝමාධාරී පෙර පාසල් ගුරුවරියක් හොෂීණි මහේශිකා මහත්මිය විසින් මුහුණු පොතට රචිත ලිපි පෙලක පලමු පියවර ඇයගේ අවසරය සහිත අපි ඔබ වෙත ගෙන එනවා.
කුසතුල දරුවාගේ මොළය වර්ධනය ගැන දැනුවත් වෙමු
දරුවා කුසතුල සිටින අවදියේ දී දරුවාගේ මොලයේ වර්ධනය ( babies brain development in the womb) සදහා සිදු කල හැකි දේවල් මොනවාද?
දරුවා කුස තුළ සිටින කාලයේ දරුවාගේ මොලයේ වර්ධනය සහ ස්නායු වල වර්ධනය සඳහා අනිවාර්ය වන්නේ මවගේ පෝෂණයයි.
ඒ නම් ෆෝලික් ඇසිඩ්( දරුවාගේ ස්නායු වර්ධනය සඳහා බොහෝ වැදගත් වේ) ,යකඩ ,කැල්සියම් ඔමේගා 3 සහ විටමින් ඩී.
ෆෝලික් ඇසිඩ් ,යකඩ සහ කැල්සියම් ශ්‍රී ලංකාවේ නම් ගර්භනී මව්වරුන්ට සායන වලින් ලබා දෙනවා.
ඒවා නියමිත ආකාරයට නියමිත කාල සීමාව තුළ ලබා ගැනීම අනිවාර්යයි
දරුවා පිළිසිඳ ගත් දින පටන් හා දරුවා ලැබී අවම මාස 6ක්)මීට අමතරව අපි අනිවාර්යයෙන් ලබා ගත යුතු ආහාර වර්ග කීපයක් සඳහන් කරන්නම් .
පරිප්පු, කිරි, cheese,බිත්තර,කොස් ඇට ,කොස් හා පොලොස්, වට්ටක්කා ඇට,ආමන්ඩ්,මාලු,කොල පැහැති එලවලු, කොල වර්ග නිවිති, ධාන්‍ය වර්ග බෙහෙත් නෙල්ලි. දෙලුම්.මේ වගේ ආහාර ගැනීම තුළින් දරුවාට අවශ්‍ය නිසි පෝෂණය ලැබෙනවා.
ගර්භනී මවක් වශයෙන් ඔබටබ් අනිවාර්යයෙන් සැමියාගේ උදව් උපකාර සහ ආදරය ලැබිය යුතුයි.
මීට අමතරව දරුවාගේ මොළය වර්ධනය සඳහා මව සහ පියා යන දෙදෙනාම කළ යුතු අනිවාර්ය දෙයක් වෙන්නේ නිතරම කුස පිරි මදිමින් දරුවාට ආදරයෙන් කතා කිරීමයි.
එය අනිවාර්ය අංගයක් කර ගත් මවකට දක්ශ දරුවන් උපදී.
ඒ හරහා දරුවාගේ ස්නායු සහ මොළයේ වර්ධනය නිසි ආකාරයෙන් සිදු වනු ඇත. විශේෂයෙන්ම දැන් youtube එකේ එකේ තියනවා brain development music for babies කියලා ඒවා අහන්න පුළුවන් නම් එයත් ගොඩක් හොඳයි. නමුත් දුරකතනය බඩට කිට්ටුව තබා ගැනීම අහිතකරයි.
දුරකථනයෙන් නිකුත් වන තරංග එක එල්ලෙ බඩ තුලට නිරාවරණය වීම තුලින් බබාගෙ ස්නායු වර්දනය අඩාල වේ.
එම නිසා බඩ උඩ දුරකථනයට තබා
ගැනිම කිසිසේතම සුදුසු නොවේ.
මව ලබන නිදහස සහ සුවබර නින්ද කුස තුල සිටින දරුවා නීරොගිමත් සහ බුද්ධිමත් කරයි.
ඒ නිසා මව සුවබර නින්දක් ලබා ගැනීම අනිවාර්යයයි.
ඔබත් දැනටමත් ගර්භණී මවක් නම් ඉහත කරුණු සැලකිල්ලට ගත්තොත් ඔබටත් පුළුවන් කුස තුල සිටින දරුවාගේ මොළය වර්ධනය කරගන්න.
මාස 0 සිට අවුරුදු 1 දක්වා දරුවන්ගේ මොලය වර්ධනය සහ ඒ සදහා කල හැකි ක්‍රියාකාරකම් සහිත ලිපියක් ඊලගට බලාපොරොත්තු වෙන්න.
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…
1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…
"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…
අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…
පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…