ගැබිනි සමයේ ආහාර ගැන නිතර කතා කරනවා. මොනවද හොද මොනවාද නරක? එමෙන්ම සමහර වැඩිහිටි අම්මලා ගැබිනි මව්වරුන්ගේ කෑම සදහා තහංචි දානවා.
මේවා සීතයි. මේවා ඌෂ්ණයි. මේවා නුගුණයි. ඔබ වගේ දහසක් කතන්දර මැද ගැබිනි මවට නිසි පෝෂණය ලබා ගැනීම අව්‍ය්‍ය වෙනවා.
මේ ඒ පිළිබදව ආයුර්වේද වෛද්‍ය සජිත් චතුරංග අක්මීමන මහතාගේ ලිපියකි. එතුමන් විසින් ඔබ උදෙසා මුහුණු පොතට ලියන ලිපි මාලාවක තවත් වැදගත් ලිපියක් වු මෙම ලිපිය අද ඔබ වෙත ගෙන එනවා.
ගර්භණී මවකගේ පෝෂණය ඉතාම වැදගත් කරුණකි. සෑම සමාජයක්ම ඒ ගැන විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.
ඒ අනුව පහත සඳහන් ආකාරයට ගර්භණී මවකගේ පෝෂණය ගැන සැලකිලිමත් විය යුතුයි. ඒ නිසා මව ගනු ලබන ආහාරවලින් කරුණු තුනක් ඉටු වෙනවා.
ගැබිනි සමයේ පළමු මාස තුන තුළ බිළිඳකුගේ මූලික අංග නිර්මාණය වීම සිදුවේ.
එම නිසා බොහෝ පෝෂ්‍ය පදාර්ථ අඩංගු රස හයම සපිරි ගුණාත්මක බවින් වැඩි ආහාර වේලක් ගත යුතුයි.
මෙහිදි ඍෂි භාෂිත වලට අනුව ගැබිණි මවගේ ආහාරය සාත්වික, රාජසික හා තාමසික වශයෙන් තොරා බේරාගෙන ලබා දිය යුතුය.
ගැබිනි සමයේ ආහාර සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතු ආහාර වර්ග 3ක්
මේවා ජීර්ණය පහසු වන අතර සිරුර පිරිසිදු කරයි. එමෙන්ම මානසික ඒකාග්‍රතාව වර්ධනය කරයි සාත්වික ආහාර වැඩිපුර ගැනීම ශරීරයට ඉතාම ගුණ ගෙන දෙයි.
මෙම ආහාර ගණයට වැටෙනුයේ පැසවන ලද ආහාර ජාඩි, අච්චාරැ, සැමන්, කරවල, උම්බලකඩ ආදිය වේ.
මේවා හැකි තරම් අඩුවෙන් ගැනීම ගැබිණි මව්වරුන් ට හිතකර වෙයි.
එම නිසා සාත්වික ආහාර වැඩිපුර ආහාර වේලට එක් කර ගැනීමත් රාජසික ආහාර මධ්‍යම වශයෙන් එකතු කර ගැනීමත්.
තාමසික ආහාර වලින් හැකි තරම් වැලකී සිටීමත් ගැබිණි මවට ආරක්ෂාකාරී වේ.
ගැබිණි සමය තුළ ගන්නා ආහාරපාන පිළිබඳ විශේෂ සඳහන් කිරීමක් ආයුර්වේදයේ පවතී.
මේ අනුව මෙම කාලයේදී ආහාර පිළිබඳ කෙතරම් සැලකිලිමත් විය යුතුද යන්න පෙනී යයි.
ගැබිනි සමයේ ආහාර: ගැබිණි සමයේ මුල් තෙමසට ආහාර
ගැබිණියගේ මුල් තෙමස කලලය තදින් ගර්භාෂයට බැඳගන්නා කාලයයි. ඒ සඳහා උදවුවීමට වැඩිපුර ශීත ද්‍රව බහුල ආහාර ගත යුතු බව දක්වා ඇත.
ගැබිනි සමයේ මුල් තෙමසේ වඩා සුදුසු ආහාර
එළකිරි, හාතාවාරිය කොළකැඳ, ගොටුකොළ කොළකැඳ,මුං ඇට, තැඹිලි වතුර, බාර්ලි,සව්කැඳ, කිරි කැඳ, ලූණු කැඳ, බතල, හිඟුරල, දෙලුම්, නෙල්ලි, ජම්බු, සැපතිල්ලා, අලිගැටපේර, කෙසෙල්, බෙලි වැනි ආහාර දැක්විය හැකිය.
ගැබිනි සමයේ මුල් තෙමසේ එතරම් නුසුදුසු ආහාර
කොල්ලු, රටඉදි, රඔුටන්, තල, ගස්ලබු, අන්නාසි, දුරියන්, කරවිල, ගෝවා, රාබු, මුරුංගා, කුරක්කන්, කිතුල්පිටි, රයිස්, කොත්තු
නිතර වමනයට එන මව්වරුන් ට බෙලි ගැට මද තම්බා දිම කල හැක.
මාස 04-07 දක්වා කාලයේ ගැබිණියකගේ ආහාර
මේ කාලයේ කලලයේ සියලූ ශාරීරික කොටස් බෙදී වෙන්වී අවසානය. මේ දරුවාගේ වර්ධනය සීග්‍රව සිදුවන අවධියක් හෙයින් පෝෂණය වැඩිපුර අවශ්‍ය වේ.
එමෙන්ම කෑම අරුචිය,ඔක්කාරය වමන දුරුවී මවට ආහාර ගැනීමේ හැකියාව වැඩියෙන් දැනෙනා කාලයකි.
මෙම කාලය තුළ ගැබිණිය වේල් 03 ක් වත් සමබල ආහාරගත යුතුවේ.
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…
1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…
"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…
අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…
පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…