ලස්සන වෙන්න රහස්

ඔබේ මුහුණ ලස්සනට තබාගන්න මී පැණි වලින් සිදු කල හැකි සත්කාර 8ක් මෙන්න

මුහුණට මී පැණි වලින් ලැබෙන සත්කාර බොහොමයක් තියෙනවා. ඒ අතරින් කිහිපයක් පිළිබදව අප අද ඔබ වෙත ගෙන එන්නට සිතුවා.

ඔබ බොහොමයක් රූපලාවන්‍ය සත්කාර එක්ක හෙම්බත්ව ඉන්නවා වෙන්න පුළුවන්.
සුදුවෙන්න ලස්සන වෙන්න කාන්තාවන් කොයි කවුරුත් ආසයිනේ. ඒ නිසා අපි අපේ සම රැකගන්න ‌කොයිතරම් නම් ‌දේවල් කරනවාද?

ඒත් ඒ සදහා කෘතිමව නිෂ්පාදන කල ආලේපන ලොකු මිල ගණන් යටතේ මිල දී ගන්න කලින් ගෙදර මේ සම්බන්ධව ඉන්න විශ්මිත වැඩකාරයා හදුනාගන්න. ඒ තමයි අපි ‌කොයි කවුරුත් ‌හොදින්ම දන්න මී පැණි,

මී පැණි

මී මැස්සන් විසින් නිපදවන මී පැණි ඖෂධීය ගුණ ගණනාවකින් යුත් ස්වභාවහ දහමේ අපූර්ව වු දායදයකි. සිංහල වෙදකම තුලද නැතුවම බැරි අංගයක් වු මී පැණි ලලනාවන්ගේ රෑ සත්කාර වලද ඉහලම තැනක වැජඹෙනවා. මී පැණි කියන්නේ ඉතා පහසුවෙන් සොයා ගන්න පුළුවන් දෙයක්. ඒ වගේම ඔබට එය වෙළද පොලෙන් වුවත් පහසු මිලට මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔබත් ‌මේ මීපැණි අඩංගු රූ සත්කාර අදම අත්විද බලන්න..

මුහුණට මී පැණි වල ගුණ
මීපැණි තුල අඩංගු අල්පමාත්‍රික වු හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් මගින් හිරු කිරණ නිසා සමේ සිදුවෙන අවපැහැ ගැන්වීම දුරුකර පැහැපත් වෙනවා.
සම පිරිසිදු කරනවා
සමේ තෙතමනය ආරක්ෂා කරනවා
සම නිරෝගීමත් කරනවා
සම දීප්තිමත් කරනවා
කුරුලෑ ඇතිවීම වළක්වනවා.
මී පැණි වල අඩංගු එන්සයිම මැරුණු සම ඉවත් කර අළුත් සම මතු කරනවා

මුහුණට මී පැණි සත්කාර

  1. 1. මුහුණට මී පැණි සම පැහැපත් වීමට
    යෝගට් කෝප්ප භාගයක් ගෙන එයට මී පැණි මේස හැන්දක් මිශ්‍ර කර මුහුණෙහි හා බෙල්ලෙහි ආලේප කරන්න. දැන් එම මිශ්‍රණය විනාඩි 15 පමණ තබා සෝදා හරින්න.
    අලිපේර ගෙඩි භාගයක් පොඩි කරගෙන එයට පිපිඤ්ඤා යුෂ මිශ්‍ර කර මුහුණෙහි හා බෙල්ලෙහි ආලේප කරන්න. දැන් එම මිශ්‍රණය මිනිත්තු 20 පමණ තබා සෝදා හරින්න.
    මීපැණි, ඔලිව් තෙල්, සුදු හඳුන් කුඩු හා කහකුඩු මිශ්‍ර කර මුහුණ මත ආලේප කරන්න. දැන් එම මිශ්‍රණය මිනිත්තු 20 පමණ තබා සෝදා හරින්න.

2. මුහුණ සදහා මී පැණි වියලි සමට
මී පැණි මේස හැදි 2 කට, කිරි මේස හැදි 2ක් එකතුකර මිශ්‍ර කර ගන්න. මෙය පිරිසුදු රෙදි කඩකට ගෙන මුහුණේ බෙල්ලේ, අත්පාවල ආලේප කරන්න. දැන් එම මිශ්‍රණය මිනිත්තු 20 පමණ තබා සෝදා හරින්න.
ඉදුණු කෙසෙල් ගෙඩියකට මී පැණි තේ හැන්දක්, ඔලිව් තෙල් තේ හැන්දක් දමා හොඳින් පොඩි කර මුහුණේ සහ බෙල්ලේ ආලේප කරන්න. දැන් එම මිශ්‍රණය මිනිත්තු 20 පමණ තබා සෝදා හරින්න.
මී පැණි මේස හැදි 1, ඔලිව් තෙල් මේස හැදි 1, දෙහි යුෂ මේස හැදි 1 මිශ්‍රකර මුහුණේ ආලේප කරන්න. විනාඩි 20 කට පසු එය සෝදා දමන්න.

  1. 3. මුහුණට මී පැණි සුසිනිදු දෙතොලකට
    මී පැණි , සීනි සහ ඔලිව් තෙල් මිශ්‍රකර තොල්වල ආලේප කර හොඳින් ඇඟිලි තුඩුවලින් මෘදුව සම්බාහනය කරන්න.

4. මුහුණට මී පැණි ඇස් යට කළු වීම සදහා
මී පැණි මේස හැන්දක්, පිපිඤ්ඤා යුෂ මේස හැන්දක්, අල යුෂ මේස හැන්දක් එකට මිශ්‍ර කර සකසා ගත් මිශ්‍රණය ඇස් යට කළුවූ ස්ථානවල ආලේප කරන්න. දැන් එම මිශ්‍රණය මිනිත්තු 20 පමණ තබා සෝදා හරින්න.

5. මුහුණට මී පැණි සමේ තෙතමනය ආරක්ෂා සදහා
පිපිඤ්ඤා යුෂ තේ හැදි දෙකකට මී පැණි හැන්දක් එකතු කරල හොදින් මිශ්‍ර කරගෙන මුහුණේ ආලේප කරන්න. දැන් එම මිශ්‍රණය මිනිත්තු 20 පමණ තබා සෝදා හරින්න.
මී පැණි සහ තක්කාලි යොදාගෙන මිශ්‍රණයක් සකස් කර එය මුහුණේ ආලේප කරන්න.දැන් එම මිශ්‍රණය මිනිත්තු 20 පමණ තබා සෝදා හරින්න.
පිරිසිදු මී පැණි ඔබේ මුහුණේ ආලේප කර විනාඩි 10කට පමණ පසු මඳ රස්නය සහිත ජලයෙන් සෝදා හරින්න.
මී පැණි මේස හැදි 1 කට ඇපල් යුෂ මේස හැදි 1 ක් මිශ්‍රකර මුහුණේ ආලේප කරන්න. විනාඩි 20 කට පසු එය සෝදා දමන්න.

  1. 6. මුහුණට මී පැණි මැරුණ සම ඉවත් කිරීම සදහා
    තෙල් සහිත සමක් සදහා කහපාට දොඩම් ලෙලි ගෙන කුඩු වේලා කුඩු කර ගෙන එම දොඩම් කුඩු මේස හැන්දකට මී පැණි තේ හැන්දක් එක් අර මුහුණේ ආලේප කර කවාකාරව අතුල්ලන්න. ඉන්පසු සෝදා හරින්න.
    කුඩු කරන ලද ආමන්ඩ් සහ ඕට්ස් ගෙන එයට මී පැණි මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. විනාඩි 20 කට පසු හොදින් අතුල්ලා මිශ්‍රණය ඉවත් කර මුහුණ සෝදා පිරිසිදු කරගන්න
  2. 7. මුහුණට මී පැණි සම පිරිසිදු කිරීමට
    මීපැණි මේස හැන්දකට දෙහි ගෙඩි බාගයක් විතර මිරිකා මුහුණේ ආලේප කරන්න. දැන් එම මිශ්‍රණය මිනිත්තු 20 පමණ තබා සෝදා හරින්න.

8.මුහුණ සදහා මී පැණි ලප කැළල් ඉවත් කිරීමට
කහ කුඩු තේහැන්දකට ලෙමන් යුෂ සහ මී පැණි එකතු කර මිශ්‍රණයක් සකසා එම මිශ්‍රණය මුහුණ හා බෙල්ලෙහි ආලේප කරන්න. දැන් එම මිශ්‍රණය මිනිත්තු 20 පමණ තබා සෝදා හරින්න.

සැලකිය යුතුයි – ඔබට අසාත්මිකතාවයන් ඇත්නම් තනි මතයට ඒවා භාවිතා කරන්න එපා.
ආලේපන භාවිතා කිරීමට පෙර ඒවා ඔබට අසාත්මික වේ දැයි පරීක්ෂා කිරීමට කන පිටුපස හෝ මැණික් කටුව අසල ආලේප කර මද වේලාවක් සිට පරීක්ෂා කරන්න.

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago