මැටි වළං වල උයන කෑම එකක රසයි ඇලුනිනියම් ඇතිලියක උයන කෑම එකක රසයි සංසදනය කලොත් වැඩියෙන්ම රස කොයිකේ උයන කෑමද?
ඔයාගේ උත්තරය මැටි බඳුන් වල උයන කෑම කියන එක නේද?
ඇත්තටම මැටි භාජන වල උයන කෑම එක නැවුම් බවක් තියනවා. ඒ රස ගැන කතා කලාම නේ.
ගුණ ගැන කතා කලොත්, ගුණත් වැඩි මැටි බඳුන් වල උයන එක. ඒ කොහොමද? ඔයාගේ ප්‍රශ්නය ඒක නේද?
ඈත අතීතයේ ඉඳලාම ශ්‍රී ලංකාවේ මිනිස්සු වතුර ටික ගබඩා කරලා තියා ගන්න, උයා පිහා ගන්න පාවිච්චි කලේ මැටි කලගෙඩි සහ මැටි වළං.
ඔවුන් විශ්වාස කලා එයින් නැවුම් බව රැකෙනවා කියලා.
මැටි වළං කියලා කියන්නේ කිසිම රසායනික දෙයක් දාන්නේ නැතුව සකපෝරුවක හැදෙන දෙයක් නේ.
පොළවෙන් ගන්න මැටි පදම් කරලා වළං හදන්නේ.
ඉතින් අපි අද හිතුවා මැටි බාජන වල උයන එක හොඳ ඇයි කියලා ඔයාලාට කියලා දෙන්න.
මැටි වළං වල ආහාර පිසින්න පටන් අරගෙන තියෙන්නේ අනාදිමත් කාලයක ඉඳලා. මැටි වළඳක ආහාරයක් පිසෙද්දි තාපය ක්‍රමානුකූලව ලැබෙනවා. එතකොට රොස් වෙන්නෙ නෑ ඉක්මනට.
ආහාරයත් අධිකව පිළිස්සීමට ලක් වෙන්නේ නෑ හෙමීට ඉදෙන නිසා. පෝෂණ ගුණයත් රැකෙනවා.
ඒකයි මාස 06න් දරුවෙක් කෑම ලටන් ගන්න විට මැටි භාජන පාවිච්චියට ගන්න කියන්නේ.
8.මැටි වළං වල් ආහාර පිසීමෙන් ආහාර ජීර්ණය පහසු කරනවා.
එහෙම කියන්නේ ඇයි කියලා දන්නවාද? මැටි කියන්නෙ ක්ෂාරීය දෙයක්.
මැටි වළඳක ආම්ලික දෙයක් ඉව්වොත් එම ආම්ලික බව උදාසීන කරලා ජීර්ණය පහසු කරවනවා.
ආහාර වල ඇති PH අගය සමතුලිත කරන්නට මැටි බඳුන් සමත් වෙනවා. එමෙන්ම ශරීරයේ විෂ ද්‍රව්‍ය ඇත්නම් ඒවාත් ඉවත් කරන්නට සමත් වෙනවා. අපි ලේසියට පහසුවට ඇලුමිනියම්, නොඇළෙන බඳුන් ආහාර පිසීමට භාවිතා කලාට අපේ කමට ගැලපෙන මැටි බඳුන් වලින් අපිට ලැබෙන ප්‍රතිලාභ මෙතෙකැයි කියලා කියන්නට බැහැ. අපි හැකි සෑම විටම මැටි බාජන වල ආහාර පිසීම සිදු කරමු. නිරෝගීමත්ව ජීවත් වෙන්නට එයත් ලොකු පිටුවහලක් වනවාට නම් කිසිම සැකයක් නැත.
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…
1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…
"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…
අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…
පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…