ලස්සන වෙන්න රහස්

රූසපුව වඩවන කුංකුම වල ඇති ගුණ මෙන්න

රූසපුව වඩවන වටිනා ඔසුවක් වු කුංකුම රේණු හෙවත් Saffron ගැන නම් නොදන්න කාන්තාවක් නැති තරම්. මොකද ගොඩාක් අය හරිම සැලකිල්ලක් දක්වනවා කුංකුම පිළිබදව.

රූසපුව වඩවන වටිනා ඔසුවක් වු කුංකුම රේණු හෙවත් saffron ගැන නම් නොදන්න කාන්තාවක් නැති තරම්. මොකද ගොඩාක් අය හරිම සැලකිල්ලක් දක්වනවා කුංකුම ගැන.
අද ගොඩාක් ගර්භණි අම්මලාත් කුසේ ඉන්න දරු පැටියාව ලස්සන වෙන්න කුංකුම භාවිතා කරන්න ඕනි විදිය ගැන අහනවා. ඒ වගේම ලස්සන වෙන්න මඟ බලාගෙන ඉන්න තරුණියෝ කුංකුම ගැන ගොඩාක් විස්තර හොයනවා. ගොඩාක් තරුණියන් කුංකුම රේණු කිරි සමඟ පානය කරන්නටත්, එයාලාගේ ආලේපනයන් වලට රේණු කීපයක් දමා භාවිතා කරන්නටත් පෙළඹිලා ඉන්නවා.

අපි අද බලමු කුංකුම රේණු වල අපි නොදන්න ප්‍රයෝජන මොනවාද කියලා.

කුංකුම රේණු වලින් ලස්සන වෙනවා විතරද?
වටිනා ඖෂධයක් වූ කුංකුම(kunkuma) හෙවත් Saffron පිළිබඳවයි මේ….

Crocus sativus යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන කුංකුම සියවස් ගණනාවක සිට ප්‍රධාන කුළුබඩුවක්, සුගන්ධක ද්‍රව්‍යක්, සායම් ද්‍රව්‍යක් හා ඖෂධීය ද්‍රව්‍යක් ලෙස ප්‍රචලිත වී ඇත.
දීප්තිමත් දම් පැහැයකින් යුක්ත වන ස්ත්‍රී පුෂ්ප වල මැද ඇති රේණු ත්‍රිත්වය වියළි කුංකුම නිපදවීමට යොදාගනියි.

ලොව මිල අධිකම දේවල් වලින් එකක් වන කුංකුම රේණු
වියළි කුංකුම නිපදවීමට විශාල කාලයක් හා ශ්‍රමයක් වැය කිරීමට සිදුවන බැවින් බර අනුව ලොව මිල අධිකම ද්‍රව්‍ය අතරින් එකක් බවට මෙය පත්ව ඇත.

කුංකුම ශාකයේ නිජබිම කාෂ්මීරය වන අතර වර්තමානයේදී ප්‍රංශය , ඉතාලිය, ඉන්දියාව , ඉරානය හා ග්‍රීසිය වැනි රටවල කුංකුම වගාකරනු ලබන අතර හොඳම ගුණාත්මක භාවයෙන් යුතු කුංකුම නිපදවන්නේ ඉරානය හා කාෂ්මීරය බව පිළිගැනීමක් ඇත.

සාමාන්‍යයෙන් කුංකුම දීප්තිමත් රතු මිශ්‍ර කහ පැහැයකින් යුක්තවන අතර සමහර කුංකුම වර්ග දීප්තිමත් තැඹිලි පැහැයට හුරු කහ පැහැයකින් යුක්ත වේ.

කුංකුම වල Crocin හා procrocin යන රසායනික සංයෝග ප්‍රධාන වශයෙන් අඩංගු වන අතර 08-13% පමණ වාෂ්පශීලී තෙල් අඩංගු වේ.

ආයුර්වේදයට අනුව කුංකුම මේවයින් යුක්ත වේ
ආයුර්වේද මූලධර්ම අනුව කුංකුම,
කටුක හා තික්ත රසයෙන්
ලඝු හා ස්නිග්ධ ගුණයෙන්
උෂ්ණ වීර්‍යෙන්
කටු විපාක වලින් යුක්ත වේ.

මෙය වාත පිත කඵ යන තුන්දොස්ම සමනය කරන බව ආයුර්වේද ග්‍රන්ථ වල සඳහන් වේ.

ආයුවේදයේ සඳහන් කුංකුම වල ගුණ

  1. 1 ස්නායු උත්තේජනය කරන ගුණයෙන් යුක්තයි. (අධික මාත්‍රාවෙන් ගැනීමෙන් මත් බව ඇති වේ)
  2. 2 වේදනා නාශක ගුණ ඇත.
  3. 3 මොලයේ ඇති දුර්වලතා මගහරිමින් බලය ලබා දෙයි.
  4. 4 මානසික ආතතිය දුරු කරයි.
  5. 5 සෙම් නසන ගුණයෙන් යුක්තයි.
  6. 6 ආහාර අරුචිය, අජීර්ණ , වමන රෝග සඳහා ගුණ දෙයි.
  7. 7 කුංකුම හදවතට හිතකර වේ.
  8. 8 රුධිරය පිරිසිඳු කරයි.
  9. 9 මුත්‍රකාරක ගුණ ඇති නිසා මුත්‍ර පිටකිරීම අපහසු අවස්ථාවලදී යෙදීමෙන් මුත්‍ර පිටකිරීම පහසු කරයි.
  10. 10 වාජීකරණ ගුණයෙන් යුක්ත වන නිසා ලිංගික බෙලහීනතාව නැති කරයි.
  11. 11 ගර්භ සංකෝචක ගුණයෙන් යුක්ත නිසා ස්ත්‍රීන්ගේ මාසික ඔසප් වීමේදී ඇතිවන සංකූලතා මගහරවයි.
  12. 12 වර්ණ විකෘතිතා මගහරිමින් සම පැහැපත් කරන අතර චර්මයට හිතකර වේ.
  13. 13 දද, කුෂ්ට ඇතුලු චර්ම රෝග සඳහා ගුණදායක වේ.
  14. 14 කුංකුම අඩංගු කුංකුමාදී තෛලය සමේ ආලේප කිරීමෙන් ලප , කැලැල් නැති කරමින් ප්‍රභාමත් කරයි.

Saffron නොහොත් කුංකුම රේණු පානය කරනවා නම්
කුංකුම රේණු 3ක් 4ක් උණුසුම් ජලය සමග හෝ එළකිරි සමග මිශ්‍ර කොට මිනිත්තු 15ක් පමණ තබා පානය කළ හැක.

මීට අමතරව කුංකුම අඩංගු සම්පාදිත ඖෂධ රැසක් ආයුර්වේද ප්‍රතිකාර වලදී යොදා ගනු ලැබේ.

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago