වර්තමානය වන විට වෙළඳපොල තුල විවිධ වර්ගයේ විවිධ විලාසිතාවන්ගෙන් යුත් පාවහන් විශාල ප්‍රමාණයක් පවතිනවා. ඇත්තෙන්ම ඒවා ආකර්ෂණීයයි වගේම අලංකාරයි. ඉතින් බොහෝ කාන්තාවන් මෙම පාවහන් වල පවතින ආකර්ශනීය බව නිසාම පාද වලට එය කොතරම් සුවපහසුද නැද්ද යන්න ගැන පවා නොසිතා ඒවා පළඳින්න පුරුදු වෙලා ඉන්නවා. ඇත්තෙන්ම සමහර පාවහන් වර්ග නිතර පැළඳීම අපේ සෞඛ්‍යටත් දැඩි ලෙස අහිතකරයි. නිදසුන් ලෙස දිනපතා අඩි උස සපත්තු පැළඳීම මගින් ඔබට ලබාදෙන සෙන්ටිමීටර කිහිපයක උස, ඔබට දිගුකාලීනව බලපෑ හැකි බරපතළ සෞඛ්‍ය ගැටලු කිහිපයක් ඇති වීමට හේතු සාධක වෙනවා. එබැවින් නොයෙකුත් මෝස්තරයේ පාවහන් පැළඳීමෙන් ලැබෙන අලංකාරය ගැන නොසිතා ඔබේ සෞඛ්‍යය ගැන වැඩි සැලකිල්ලක් දැක්වීමට කටයුතු කරන්න. ඉතින් ඔබේ ශරීරයට හානි කරන සපත්තු වර්ග කිහිපයක් පිළිබඳව අද අපි ඔබව දැනුවත් කරනවා.
පළල් පාද වලට උල් සපත්තු පැළඳීමෙන් ඇත්තෙන්ම ඔබට සුවපහසුවක් දැනෙන්නේ නැහැ. මන්දයත් පළල් පාද වලට උල් සපත්තු ඉතා තද විය හැකි බැවින් ඒවා ඔබේ ඇඟිලි මත දැඩි පීඩනයක් ඇති කරනු ලබනවා. එවිට ඔබේ ඇඟිලි මිරිකීමට ලක් වෙනවා. එය ස්නායු වේදනාව සහ බිබිලි වැනි දේවලට හේතු විය හැකියි. එබැවින් ලස්සන මෝස්තර සහිත පොයින්ටි සපත්තු යුගලයක් මිලදී ගැනීමට පෙර, ඒවා ඔබේ පාද වලට සම්පූර්ණයෙන්ම සුවපහසු වේ දැයි මඳක් සිතන්න.
Flip flop බොහෝ දෙනෙක් පළඳින්න පුරුදු වෙලා ඉන්නවා. ඇත්තෙන්ම ඒවා ගිම්හානය සහ වෙරළ තීරය සඳහා විශිෂ්ටයි. නමුත් සමහර පුද්ගලයන්ට Flip flop පැළඳීමෙන් ද අපහසුතා ඇති වෙන්න පුලුවන්. පළමුවෙන්ම, ඒවා ඔබේ ඇඟිලි අතර ඇතිල්ලෙන නිසා සමට හානි වීමෙන් ඔබේ පාද වලට අපහසුතාවයක් දැනෙන්න පුලුවන්. දෙවනුව, ඒවා පැළඳීම මඟින් ඔබේ පාදවලට නිසි ලෙස ආධාරකයක් නොලැබෙන නිසා ඔබේ වළලුකර සහ දණහිස්වල නොගැලපීම් ඇති විය හැකියි. ඒ වගේම ෆ්ලිප් ෆ්ලොප්ස් දමාගෙන වේගයෙන් ඇවිදීමේදී ඔබේ පාද ඉක්මනින් වෙහෙසට පත් වෙන්න පුලුවන්.
බොහෝ කාන්තාවන් අඩි උස සපත්තු වලට දැඩි ප්‍රියතාවයක් දක්වනවා. ඒ අඩි උස සපත්තු පැළඳීමෙන් ආකර්ෂණීය පෙනුමක් ලැබෙනවාය යන හැඟීමක් ඇති වන නිසායි. නමුත් අඩි උස පාවහන් පැළඳීම බොහෝ විට උළුක්කු, ඇඟිලිවල නියපොතු වර්ධනය අඩාල වීමට , ස්නායු ආබාධ සහ යටි කොන්දේ වේදනාවට හේතු වෙන්න පුලුවන්. ඉතින් මෙම ගැටළු වලින් මිදීම සඳහා, ඔබේ දිනපතා අඩි උස පාවහන් පැළඳීමෙන් වළකින්න. ඔබ පළඳින පාවහන් වල විලුඹ අඟල් 3 ට වඩා වැඩි නොවන බවට වග බලා ගන්න.
මෙය පුදුමයට කරුණක් වෙන්න පුලුවන්. නමුත් පැතලි සපත්තු පවා ඔබේ කකුල් වලට හානි කළ හැකියි. ඇත්තෙන්ම පැතලි සපත්තු පැළඳීමෙන් සමහර පුද්ගලයන්ගේ දණහිස් වල සහ කොන්දේ වේදනාවක් ඇති විය හැකි. නමුත් ඔබ පැතලි සපත්තු පැලදීමෙන් වළකින්න ඕනෙ නැහැ. ඒ වෙනුවට ඔබට ඔබේ පාදවල පිහිටීම නිවැරදි කරන orthotic inserts භාවිතා කළ හැකියි.
ධාවන සපත්තු දුවන විට පමණක් පළඳිනවා යැයි බොහෝ දෙනා සිතුවත් ඒවා ඉතා සුවපහසු සහ සැහැල්ලු බව පෙනෙන නිසා සමහරු දිනපතා පළඳින්න පුරුදු වෙලා ඉන්නවා. නමුත් ඒවා ඉතා නම්‍යශීලී සහ මෘදු බැවින් දිනපතා පැළඳීම මඟින් ඔබේ පාදවලට හානි වෙන්න පුලුවන්. ඉතින් ඔබට ඒ වෙනුවට දෘඪ පතුල් සහිත athletic shoes පළඳින්න පුලුවන්. මන්ද එම පාවහන් වඩාත් ආරක්ෂිතයි.
මේ පාවහන් වර්ගය නම්‍යශීලී නොවන බැවින් අපගේ පාදවලට යම් අපහසුතාවයක් ඇති කරයි. ඇත්ත වශයෙන්ම සපත්තු යුගලක්, නැවත නැවතත් පාදවල චලනය ශක්තිමත් කළ යුතු නමුත් මේවා ඇත්ත වශයෙන්ම ප්‍රතිවිරුද්ධ දෙය කරයි. ඇවිදීමේ යාන්ත්‍රණයට සම්පූර්ණයෙන්ම විරුද්ධ ලෙස ක්‍රියා කරයි. එබැවින් බොහෝ විට Platform shoes නොපළඳිනවා නම් වඩා හොඳයි. ඉතින් පාවහන් පැළඳීමේදී ආකර්ෂනීය බව කෙරෙහි පමණක් නොව ඔබේ පාද වල සුවපහසුව සහ ඔබේ සෞඛ්‍ය කෙරෙහිද සැළකිලිමත් විය යුතු වේ.
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…
1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…
"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…
අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…
පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…