හෘදයාබාධයේ මුල් රෝග ලක්ෂණ ගැන අප බොහෝ දෙනෙක් දන්නවා. ඉතින් පපුවේ වේදනාව යනු එහි වඩාත් පැහැදිලි රෝග ලක්ෂණය යි. නමුත් හෘදයාබාධයක ලක්ෂණ පිරිමින්ට වඩා කාන්තාවන් තුළ වෙනස් බව ඔබ දන්නවාද?
සෞඛ්‍ය සම්පන්න නොවන ජීවන රටාවක් අනුගමනය කිරීම, ක්‍රියාශීලී නොවීම, අනවශ්‍ය ආහාර හෝ කැලරි බහුල ආහාර අනුභව කිරීම, ජානමය නැඹුරුතාවයක් සහ ආතතිය යනාදී සාධක කාන්තාවන් තුළ හෘද රෝග ඇති වීමට ප්‍රධාන වශයෙන් බලපානු ලබනවා. එබැවින් එවැනි පුරුදු වලින් හැකිතාක් ඈත් වී සිටීමට කටයුතු කරනවා නම් වඩා හොඳයි. ඒ වගේම ආඝාතය සහ අධි රුධිර පීඩනය වැනි හෘද රෝග ඇති වීමේ අවදානම ඉහළ නංවන රෝගාබාධ කාන්තාවන් තුළ බහුලව දක්නට ලැබෙනවා.
කෙසේ වෙතත් කාන්තාවන් තුළ හෘදයාබාධ ඇතිවීමේ දී දක්නට ලැබෙන රෝග ලක්ෂණ කිහිපයක් පිළිබඳව අද අපි ඔබව දැනුවත් කරනු ලබනවා. මන්දයත් හෘදයාබාධයක් ඇති විමට පෙර ඇතිවන පූර්ව රෝග ලක්ෂණ දැනුවත්ව සිටීම ඔබට ඉතා ප්‍රයෝජනවත් වේ.
කාන්තාවන් තුළ හෘදයාබාධ ඇතිවීමේ දී දක්නට ලැබෙන රෝග ලක්ෂණ කිහිපයක් පහතින්…
ඔබට පඩිපෙළ නැඟීමට හෝ මෝටර් රථයෙන් සිල්ලර බඩු බෑග් රැගෙන යාම වැනි සුළු දෙයකි කිරීමේදී පවා දැඩි තෙහෙට්ටුවක් දැනෙන්නේ නම් එය යම් අවස්ථා වල හෘදයාබාධයක පූර්ව රෝග ලක්ෂණ විය හැකියි.
සාමාන්‍යයෙන් පිරිමින්ට වඩා කාන්තාවන් වැඩි ප්‍රමාණයක් පැහැදිලි කළ නොහැකි තෙහෙට්ටුවකින් පීඩා විඳිති.
හෘදයාබාධයක තවත් පූර්ව ලක්ෂණයක් වන්නේ අත් සහ හකු වල වේදනාවයි. ඒ වගේම බොහෝ කාන්තාවන්ට හෘදයාබාධයක පූර්ව රෝග ලක්ෂණ ලෙස උරහිස් බ්ලේඩ් අතර ද වේදනාවක් ඇති වෙන්න පුලුවන්.
හෘදයාබාධයකින් පෙළෙන විට පිරිමි සහ ගැහැණු යන දෙඅංශයෙන්ම පපුවේ වේදනාව ඇති වීම සිදු වෙනවා. එය හිරිවැටීමේ හැඟීමක්, බරක් හෝ ඉදිරියේදී සිදුවීමට නියමිත විනාශය පිළිබඳ හැඟීමක් ලෙස දැනිය හැකියි.
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…
1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…
"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…
අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…
පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…