සෞඛ්‍ය උපදෙස්

පාද වල වේදනාව සමනය කරනු ලබන සරල ව්‍යායාම 06 ක්

පාද වල තෙහෙට්ටුව, ඉදිමුම සහ වේදනාව හේතුවෙන් පීඩා නොවිඳි කෙනෙක් මෙලොව නොමැති තරම් ය. ඇත්ත වශයෙන්ම වර්තමානය වන විට බොහෝ දෙනෙක් පාද වල වේදනාව හේතුවෙන් පීඩා විඳින බව දක්නට ලැබෙනවා. විශේෂයෙන් මෙම ගැටළුව බොහෝ වේලාවක් සිටගෙන සිටින අයට සහ උදාසීන ජීවන රටාවක් ඇති අයට හුරුපුරුදුයි.
ඉතින් පාද වල මෙම වේදනාවන් සමනය කරන ඉතා පහසුවෙන් කළ හැකි සරල ව්‍යායාම කිහිපයක් අද අපි ඔබට හඳුන්වා දෙනවා.
ඇත්තෙන්ම පාද සඳහා ව්‍යායාම කිරීම මඟින් පාද වල වේදනාව සමනය කිරීමට අමතරව අපේ සෞඛ්‍යට ලැබෙන ප්‍රතිලාභ රැසක් පවතිනවා .එමෙන්ම එය නීරෝගී සෞඛ්‍යක් පවත්වා ගෙන යාමටද උපකාරි වේ.

ඉතින් ඔබේ පාද වල වේදනාව සමනය කරන සරල ව්‍යායාම කිහිපයක් පහතින්.

  1. ව්‍යායාම අංක 1

පළමුවෙන්ම ඔබේ දෙපා ලං කරගෙන ඍජුව සිටගන්න.
දැන් ඔබේ පාදයේ ඇඟිලි තුඩු වලින් හැකි තරම් ඉහළට එසවී තත්පර 30ක්‌ එම ඉරියව්වේම සිටින්න.
මීළඟට පහත් වී ඔබේ පතුල් බිම තබන්න.
මෙය 5-10 වතාවක් කරන්න.

  1. ව්‍යායාම අංක 2

පියවරක් තබන ආකාරයෙන් දකුණු පය ඉදිරියට තබන්න.
දැන් අනෙක් පාදයේ ඇඟිලි වල උඩ කොටස පොලවේ ස්පර්ශ වන ආකාරයට එම පාදය රෝල් කර (ඉහත රූපයේ ආකාරයට ) එම ඉරියව්වෙන් තත්පර 30ක්‌ රැඳෙන්න.
මෙය පාද දෙකටම 5 වතාව බැගින් කරන්න.

  1. ව්‍යායාම අංක 3

බිත්තියක් අසලට පැමිණ ඉහත රූපයේ ආකාරයට එය මත දෑත් තබා ගන්න.
දැන් ඇඟිලි තුඩු වලින් දකුණු පාදය පිටුපසට තබන්න.
අනෙක් පාදය හොඳින් පොළවේ ස්පර්ශ වන සේ ඉහත රූපයේ ආකාරයට තබා තත්පර 30ක් පමණ එම ඉරියව්වෙන්ම රැඳී සිටින්න.
මෙම ව්‍යයාමය 3 වරක් පාද දෙකටම සිදු කරන්න.

  1. ව්‍යායාම අංක 4

මෙම ව්‍යායාමය ඔබට සිටගෙන වගේම ඉඳගෙන ද සිදු කළ හැකියි.
ඔබේ එක් පාදයක පතුලට යටින් ටෙනිස් බෝලයක් තබන්න.
දැන් එම බෝලය ඇඟිලි තුඩු වල සිට විලුඹ දක්වා රෝල් කරන්න.
මෙම ව්‍යායාමය පාද දෙකටම 50 වතාවක් පමණ කරන්න.

  1. ව්‍යායාම අංක 5

පළමුව මේ සඳහා යෝගා බ්ලොක් (Yoga block) එකක් මත සම්බාහන බෝලයක් (Massage ball) තබන්න.
දැන් ඔබගේ වළලුකරට හරියටම පහලින් බෝලය පිහිටන ආකාරයට පාදය බෝලය මතින් තබන්න. (ඉහත රූපයේ ආකාරයට)
දැන් තත්පර 10ක්‌ බෝලය සෑම දිශාවකටම රෝල් කර, තත්පර 3ක්‌ බෝලය යෝගා බ්ලොක් එක මත තද කරන්න.
මෙම ව්‍යායාමය ඔබේ අනෙක් පාදයට ද සිදු කරන්න.

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago