ලස්සන වෙන්න රහස්

හිසට වද දෙන හිස්සොරි නැති කරගමු

කාන්තාවන්ට හිසකෙස් කියන්නෙ වටිනා ආභරණයක්. දිගු ,පිරිපුන් ,නිරෝගිමත් කෙස් කළඹකට කවුරුත් කැමතියි. ඒ නිසාම හිසකෙස් ගැන විශේෂ අවධානයකින් පසුවීමට කාන්තාවන් හරි උනන්දුවක් දක්වයි. හිසකෙස් පැලීම ,අකලට පැසීම ,වැටීම ,කැඩීයාම මෙන්ම පිරිපුන් නොවූ හිසකෙස් යනු නිරායාසයෙන්ම ගැටලුවක්. ඊට අමතරව අද අපි කතා කරන හිස්හොරි යනු හිසරදයක් තරමටම වදයක් වුණු රූපලාවණ්‍යය මෙන්ම රෝගී තත්ත්වයක් ලෙසත් හදුනාගත හැකි ගැටලුවක්.

හිස්හොරි ඇතිවීමට හේතු
මෙය හිසෙහි සම මතුපිට ඇතිවන තත්ත්වයක් ලෙස හදුනාගත හැකිය. සම මතුපිට ඇති සෛල ස්ථර වරින් වර ගැලවී යාමක් මෙහිදී සිදුවේ. ඒවා සම උඩ හෝ හිසකෙස් අතර රැඳී පවතියි. රෝගයක් ලෙසත් ,රූපලාවණ්‍යය ගැටලුවක් ලෙසත් මෙන්ම පිරිසිදු බව පිළිබඳව ද මෙමගින් ගෙනෙන පීඩනය සුළුපටු නොවේ.මෙම තත්ත්වය ඇතිවීමට හේතු කිහිපයකි.හිසෙහි වියළි බව \ දේශගුණික කරුණු \ ජානමය ගැටලු \ හිසෙහි ගල්වන රසායනික ද්‍රව්‍ය \ සීනි අධික ආහාර ගැනීම \ උෂ්ණාධික ආහාර නිතර ගැනීම වැනි හේතුන් දැක්විය හැක.


මීට අමතරව මෙම තත්ත්වය ඇති අයෙකුගෙන් ඔබට මෙය වැළඳිය හැකිය. මන්ද මෙය බෝවන රෝගයක් වන බැවිනි. දිලීරයක් මඟින් ඇතිවන චර්ම රෝගයක් වන මෙය ඉක්මනින් පැතිරීම සිදුවේ. හිස පීරන පනාව ,හිස පිසදමන තුවාය ,හිස් වැසුම් ,හිස තබන ඇතිරිලි ඔබගේ පෞද්ගලික දෑ ලෙස භාවිතා කළ යුත්තේ එබැවිනි.එනම් ඒවා මාර්ගයෙන් ඉක්මනින් බෝවීම සිදුවේ. අන් අය පරිහරණය කරන සබන්වලින් ද මෙය බෝවිය හැකිය. ඊට අමතරව තමන්ගේම අපිරිසුදුකම නිසාවෙන් ඔබත් හිස්හොරිවලින් පීඩාවිදිනවා විය හැකිය.

හිස්හොරි සඳහා විසඳුම්.

බටහිර වෛද්‍ය ක්‍රමය තුළ මෙන්ම දේශීය ආයුර්වේදය තුළ ද මේ වෙනුවෙන් සැකසුණු විවිධ පිළියම් රැසකි. ඒ අතරින් ජනප්‍රිය ක්‍රම ලෙස හිස්හොරි මඩින රසායනික ආලේපන ,ෂැම්පු වර්ග දැක්විය හැකිය. ඇතැම්විට වෛද්‍ය නිර්දේශ ලෙසද ප්‍රතිඵලදායි මෙවැනි ආලේපන ඔබට භාවිතා කළ හැකිය. පොදු පිළිගැනීම අනුව නම් මේ සඳහා හොඳම විසඳුම් ඇත්තේ දේශීය ආයුර්වේදය තුළයි. ඒ අනුව අත් බෙහෙත් කිහිපයක් මේ සඳහා දැක්විය හැකිය.

හිරු මුදුන්වීමට පෙර ස්නානය කර හිස හොඳින් පිසදමා සුදුසු තෙල් වර්ගයකින් ප්‍රමාණවත් කාලයක් හිස සම්බාහනය කිරීම. ගොඩපර ,දෙහි ,උළුහාල් හොඳින් තම්බා එම මිශ්‍රණය හිසෙහි ගල්වා මද වේලාවකට පසුව ස්නානය කිරීම.මෙය සතියකට වරක් හෝ කළ යුතුය. නෑමට පෙර දෙහි බිඳු කිහිපයක් මිශ්‍ර වතුරෙන් හිස සම්බාහනය කිරීම. කෝමාරිකා හිසෙහි ගල්වා ටික වේලාවකට පසුව ස්නානය කිරීම. පොල්කිරි ,දෙහි කොළ තැම්බූ යුෂ ,දෙහි යුෂ මිශ්‍ර කර අව්වේ තබා සාදාගත් මිශ්‍රණය හිසෙහි ගැල්වීම. යනාදි ලෙස අත් බෙහෙත් සහ සරල උපක්‍රම කිහිපයක් දැක්විය හැකිය. කෙසේ නමුත් මෙම ප්‍රතිකාරයන්ට වඩා මෙයින් වැළකීමට හොඳම ක්‍රමය නම් තමන්ගේ පෞද්ගලික පිරිසිදුකම රැකගැනීමයි. පිරිසක් ඉදිරිපිට හිස කැසීමට නිතර නිතර සිදුවීම ,තද පැහැති ඇඳුම් මත වැටෙන හිස්හොරි කැබලි නිසා අපහසුතාවට පත්වීම ,නිතර නිතර හිස කැසීමට සිදුවීමෙන් ඇතිවන මානසික පීඩාකාරී බව වැනි තත්ත්වයන් මේ නිසා ඔබ මුහුණ දෙන සුලබ සිදුවීම්‍ වේ. එනිසාම තමන්ගෙ සෞඛ්‍යය මෙන්ම රූපලාවණ්‍යය පිළිබඳව ද සැලකිලිමත් වෙමින් ඉතාමත් උනන්දුවෙන් යුතුව කටයුතු කළහොත් ඔබට හිස්හොරි නම් සතුරා පහසුවෙන් පරාජය කළ හැකිය.

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

4 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

4 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

4 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

4 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

4 years ago