ලස්සන වෙන්න රහස්

ගෙදරදී ලේසියෙන්ම ක්ලීනප් එකක් කරගන්නා ආකාරය.

Cleanup එකකින් තියන වාසි මොනවද?
1.සමේ වර්ණය වැඩි දියුණු කරයි
2.සම දීප්තිමත් කරයි
3.සම පෝශණය කරයි
4.සමේ තෙතමනය ආරක්ෂා කරයි
5.බ්ලැක් හෙඩ්ස් සහ වයිට් හෙඩ්ස් නැවත ඇතිවීම අවම කරයි
6.මුහුණේ රුධිර සංසරණය වැඩි දියුණු කරයි

ක්ලීනප් එකක් සතියකට එක වරක් කරන්නත් ඔබ මතක තබාගන්න. දැන් බලමු ක්ලීනප් එකක් කරගන්නෙ කොහොමද කියලා. ක්ලීනප් එකක කොටස් 7 ක් ඇතුලත් වෙනවා. ඒ කොටස් 7ගැන දැන් අපි අනුපිලිවෙලින් කතා කරමු.

  1. Cleanser කිරිම
    ක්ලෙන්සර් කිරීම මගින් ඔබේ සම පිරිසිදු කරන ගමන් සමට හොඳ පෝශණයක් ලබා දෙනවා. ඒ වගේම සමෙහි තියන කුණු දූවිලි සහ අනවශ්‍ය තෙල් ඉවත් කරනවා.

ඕනෑම ක්ලෙන්සර් එකක් මුහුණේ ගල්වා ඇඟිලි තුඩු වලින් විනාඩි කීපයක් මුහුණ කවාකාරව පිරිමදින්න.මද උණුසුම් ජලයෙන් ඔබේ ඇඟිලි තෙත් කරමින් විනාඩි කීපයක් මෙසේ මුහුණ හොඳින් සම්බාහනය කරගන්න. ඉන්පසු සාමාන්‍ය ජලයෙන් මුහුණ සෝදා ,පිරිසිදු තුවායකින් මුහුණ තෙත මාත්තු කරන්න.

  1. Scrub කිරීම
    ඔබේ මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කිරීමට ස්ක්‍රබ් එකක් භාවිතා කල යුතුයි.එමෙන්ම ස්ක්‍රබ් කිරීම මගින් සමට දීප්තිමත් පෙනුමක් සහ මෘදු බවක් ලබා දෙනවා

ඔබ භාවිතා කරන ස්ක්‍රබ් එකක් මුහුණේ ගල්වා ඇඟිලි තුඩු වලින් කවාකාරව පිරිමදින්න. මෙහිදි කට දෙපස , නහය දෙපස සහ නිකට යන ප්‍රදේශයෙන් විශේශයෙන් ස්ක්‍රබ් කරන්න ඔබ මතක තබාගන්න. විනාඩි හතරක් හෝ පහක් ඇඟිලි තෙත් කරමින් මෘදු ලෙස ස්ක්‍රබ් කර මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

  1. වාශ්ප ඇල්ලීම
    වාශ්ප ඇල්ලීම ඔබේ මුහුණේ සම ගැඹුරින් පිරිසිදු කිරීමටත් , black heads සහ white heads ඉවත් කිරීමටත් ,සම වියලීම වලක්වා ගැනීමටත් උපකාරි වෙනවා.

වාශ්ප ඇල්ලීම සඳහා වෙළඳපලේ විවිධ උපකරණ තිබෙනවා. එසේ නැත්තම් නිවසේදි ඔබට පිරිසිදු භාජනයකට උණු වතුර පුරවාත් මෙය කරගන්නට පුලුවන්
විනාඩි පහක් වැනි කාලයක් වාශ්ප ඇල්ලීම ප්‍රමාණවත්.

  1. Black heads සහ white heads ඉවත් කිරීම
    වාශ්ප ඇල්ලීමෙන් පසුව black heads සහ white heads ඉවත් කරගැනීම ඔබට ඉතාම පහසු වෙනවා. මේ සඳහාම වූ කුඩා tool එකක් වෙළඳපොලේ මිලදී ගන්නට තිබෙනවා. එමගින් මේවා ඉවත් කරගැනීම පහසු වන අතර එය සම මත ඉතා තදින් නොතැබීමට ඔබ මතක තබාගන්න ඕන.එහෙම නැත්තම් සම තුවාල වෙන්න ඉඩ තියෙනවා
  2. Face pack
    මෙය cleanup එකකදි අත්‍යවශ්‍යයම පියවරක් නෙමෙයි. නමුත් ඔබට මෙය සිදු කරන්නට පුලුවන්.
    මෙමගින් සමට පෝශණයක් ලබා දෙන අතර, සම පැහැපත් කරගැනීමට සහ සමට දීප්තිමත් බවක් ලබාගන්නටත් පුලුවන්.

ඔබේ සමට ගැලපෙන ඔබ කැමති පැක් එකක් සාදා සම මත ගල්වා, විනාඩි පහලවක් හෝ විස්සක් තිබෙන්නට හැර වියලුනු පසු, සාමාන්‍ය ජලයෙන් තෙත් කර මෘදු ලෙස පිරිමදිමින් ඉවත් කරන්න. ශීට් මාස්ක් පාව්ච්චි කරනවා නම් විනාඩි 20 ක් තබා ඉවත් කරන්න.

  1. Toner කිරීම
    මෙය ඉතාම වැදගත් පියවර සහ අවසන් පියවර වෙනවා. Toner කිරීම මගින් සමේ විවෘත වී ඇති සිදුරු වැසීම, සමේ තෙතමනය ආරාක්ශා කිරීම සිදුවෙනවා.

වෙලදපොලෙන් ගන්න ටෝනර් ඕනි එකක් පාව්ච්චි කරන්න පුලුවන්

7.මොයිස්චරයිසර් කිරීම
ටෝනර් එක වේලුනාට පස්සෙ ඔයාලට පුලුවන් ඔයා කැමති මොයිස්චරයිසර් එකක් පාව්ච්චි කරලා සමෙහි තෙතමනය පවත්වා ගන්න.

විශේෂයෙන්ම කියන්න ඕනි ක්ලීනප් එකක් සවස් වරුවේ කරන්න ඒ වගේම පසුදා උදේ ඔබ එලියට යනවා නම් අනිවාර්යයෙන්ම සන්ක්‍රීම් එකක් පාව්ච්චි කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ක්ලීනප් එකක් කරන්න ඔබේ සමේ ස්වභාවය අනුව නිශ්පාදන තෝරාගන්න ඒක ඔබට හොද ප්‍රතිපලයක් ලබා ගන්න බෙහෙවින් උපකාරී වේ. තවත් එකක් බ්ලැක්හෙඩ් වයිට්හෙඩ් ටුල් එකෙන් ඉවත් කරන්න දන්නෙ නැත්නම් බ්ලැක්පීල් මාස්ක් එක උනත් ඔයාලට පාව්ච්චි කරන්න පුලුවන්.

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago