කෑම ජාති

කල්තියාගෙන කෑමට එකතු කරගන්න පුළුවන් කෑම වර්ග වල රෙසිපි 05ක් මෙන්න.

  1. සුදුළූණු අච්චාරු.

අවශ්‍ය ද්‍රව්‍ය

සුදුළූණු ග්‍රෑම් 250
අමුමිරිස් ග්‍රෑම් 100
කැරට් අල 2
විනාකිරි බෝතල් 1/2
මිරිස්කුඩු තේ හැඳි 1
කෑලි මිරිස් තේ හැඳි 1
කහ තේ හැඳි 1
අබ තේ හැඳි 1 1/2
ගම්මිරිස්
ඉඟුරු
මුරුංගා පොතු කිහිපයක්
කුරුඳු
ලුණු

සුදුළූණු ටික සුද්ද කරගන්න. කැරට් සාමාන්‍ය සයිස් එකට දික් අතට කපාගන්න. අමුමිරිස් ටික දික් අතට වෙන් නොවෙන විදියට පලාගන්න.
අබ, කහ, ඉඟුරු හා මුරුංගා පොතු, සුදුළූණු බික් දෙකක්,ගම්මිරිස් වලට විනාකිරි පොඩ්ඩක් දාලා අඹරගන්න.
මැටි ව​ළඳක් අරගෙන ඒකට විනාකිරි වලින් බාගයක් හා ලුණු දාලා උතුරවගන්න. දැන් ඒකට සුදුළූණු ටික දාලා කලවම් කරගන්න. ඒකටම කැරට් හා මිරිස් ටිකත් දාගන්න.
දැන් වෙනම මැටි හට්ටියකට ඉතිරි විනාකිරි හා අඹරාගත් අබ මිශ්‍රණය දාලා දියකරගන්න. දැන් ඒකට තම්බගත්ත සුදුළූණු මිශ්‍රණය දාගන්න.
කුරුඳු පොතු කෑලි ටිකක් උඩින් දාලා හොඳට කට ගැට ගහලා දවස් 3කට පස්සෙ කෑමට ගන්න.

  1. උම්බලකඩ බැදුම්.

අවශ්‍ය ද්‍රව්‍ය

කෑලි කරගත් උම්බලකඩ ග්‍රෑම් 100
කපාගත් ළූණු ග්‍රෑම් 750
දික් අතට කපාගත් අමුමිරිස් කරල් 5-6
චොප්කරගත් සුදුළූණු බික් 5-6
කරපිංචා
කුරුඳු පොතු කෑලි කිහිපයක්
කරදමුංගු, කරාබුනැටි
කෑලිමිරිස් තේ හැඳි 1
ලුණු
සීනි මේස හැඳි 1/2
දෙහි යුෂ ටිකක්

මුලින්ම ළූණු ටික ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනකල් බැදගන්න.
දැන් වෙනම ඇතිලියකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට කරපිංචා, සුදුළූණු, අමුමිරිස්, කරදමුංගු, කරාබුනැටි, කුරුඳු පොතු කෑලි ටික දාලා බැදෙන්න අරින්න.
ඒකටම උම්බලකඩ කෑලි ටිකත් දාලා බදින්න. හොඳට බැදුනම ලිප ඕෆ් කරලා කෑලිමිරිස්, ලුණු, සීනි හා දෙහි යුෂ දාලා හොඳට කලවම් කරගන්න.
ඒකටම කලින්ම බැදගත් ළූණු ටිකත් කලවම් කරගන්න.

  1. හාල්මැස්සන් බැදුම.

අවශ්‍ය ද්‍රව්‍ය

වියළි හාල්මැස්සන් ග්‍රෑම් 100
වියලි කජු ග්‍රෑම් 50
ළූණු ගෙඩි 1
රම්පා/කරපිංචා
චොප්කරගත් සුදුළූණු බික් 2
ලුණු
කෑලිමිරිස් තේ හැඳි 1

මුලින්ම හාල්මැස්සන් ටික සහ කජු වෙන වෙනම ගැඹුරු තෙලේ බැදගන්න.
භාජනයකට තෙල් ටිකක් දාලා රත් වෙනකොට ඒකට කපාගත් ළූණු, චොප්කරගත් සුදුළූණු, රම්පේ, කරපිංචා දාලා බැදෙන්න තියන්න.
ටිකකින් කෑලිමිරිස් තේ හැඳි 1ක් එකතු කරලා අන්තිමට හාල්මැස්සන් ටික සහ කජු ටික දාගන්න.
කෑලිමිරිස් කළු වෙන්න දෙන්න එපා. හොඳට කලවම් කරලා ලුණු රස අනුව දාලා කලවම් කරගන්න.

  1. කරවල මෝජු.

අවශ්‍ය ද්‍රව්‍ය

කෑලි කරවල ග්‍රෑම් 200 (තලපත් ​හෝ කට්ටා)
විනාකිරි කෝප්ප 1/2
අමුමිරිස් ග්‍රෑම් 100
මිරිස්කුඩු තේ හැඳි 1 1/2
රටඉඳි ගෙඩි 4-5
සීනි මේස හැඳි 3
ගම්මිරිස්කුඩු තේ හැඳි 1
ඉඟුරු තේ හැඳි 1
චොප්කරගත් සුදුළූණු තේ හැඳි 1
ලුණු
තෙල්

කරවල තරමක කෑලි කපලා ගැඹුරු තෙලේ බැදගන්න. අමුමිරිස් ටිකත් වෙන් නොවෙන සේ පලලා තෙලට දාලා සාමාන්‍ය තරමට බැදගන්න.
මැටි භාජනයකට විනාකිරි දාලා රත් වෙනකොට මිරිස්කුඩු, සීනි, ගම්මිරිස්කුඩු, චොප්කරගත් ඉඟුරු, සුදුළූණු දාලා උතුරවගන්න.
ඒකට ඇට අයින් කරල චොප්කරගත් රටඉඳි ටික දාලා අන්තිමට අමුමිරිස් හා කරවල ටික එකතු කරගන්න.
අවශ්‍ය නම් පමණක් ලුණු එකතු කරන්න.

  1. දෙල් බැදුම.

අවශ්‍ය ද්‍රව්‍ය

දෙල් ගෙඩියක්
ළූණු ගෙඩි 2
කූණිස්සන් ග්‍රෑම් 100
කරපිංචා
රම්පා
එනසාල් ඇට කිහිපයක්
කරාබුනැටි 3-4
කුරුඳු පොතු කිහිපයක්
ලුණු
සියඹලා යුෂ ටිකක්
සීනි ග්‍රෑම් 30

දෙල් ටික තීරු කපලා කහ ටිකක් අතගාලා තියන්න. ළූණු ටික හීනියට කපාගන්න. කූණිස්සන් සෝදලා ගරලා වේලගන්න.
දෙල් ටික ගැඹුරු තෙලේ රන්වන්පාට වෙනකල් බැදගන්න. කූණිස්සො ටික සහ ළූණු වෙනම තෙලට දාලා බැදගන්න.
දැන් පෑන් එකකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට රම්පේ, කරපිංචා දාල බැදෙන්න අරින්න.
දැන් ඒකට සියඹලා යුෂ, සීනි, ලුණු, කුරුඳු පොතු, එනසාල් හා කරාබුනැටි එකතු කරන්න.
දැන් මේකට කූණිස්සන් හා ළූණු ටික එකතු කරන්න.
අන්තිමට බැදගත් දෙල් ටික දාලා කලවම් කරලා ලිප ඕෆ් කරගන්න. හුළං නොවදින තැනක අසුරගන්න.

උපුටා ගැනීමකි

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

4 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

4 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

4 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

4 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

4 years ago