අවශ්‍ය ද්‍රව්‍ය
කොල්ලු ඇට ග්‍රෑම් 250
කරපිංචා කිනිත්තක්
සුදු ළූණු බික් 2
රතු ළූණු ගෙඩි 4-5
අමුමිරිස් කරල් 3-4
උළුහාල් තේ හැඳි 1/2
අමු තුනපහ කුඩු ටිකක්
මිරිස්කුඩු තේ හැඳි 1
කහකුඩු ස්වල්පයක්
කුරුඳු පොතු කෑල්ලක්
ලුණු
තෙල් ටිකක්
මේකට පොත්ත අයින් කරපු කොල්ලු ගන්නවනම් හොඳයි. දැන් කොල්ලු ටික ගරලා හෝදලා වතුර බේරෙන්න තියන්න. වතුර බේරුනාට පස්සෙ කබලෙ රන්වන් පාටට එනකල් බැදගන්න.
දැන් මේක වංගෙඩියෙ හරි ග්‍රයින්ඩර් එකේ හරි ටිකක් කෑලි හිටින්න කොටා ගන්න. මැටි භාජනයක් අරගෙන මේ ටික දාලා තුනපහ කුඩු, මිරිස් කුඩු, කහ කුඩු හා ලුණු එකතු කරලා වතුර ටිකක් වැඩිපුර දාලා තැම්බෙන්න අරින්න. කොල්ලු ටික තැම්බීගෙන එනකොට හීනියට කපාගත් ළූණු, කරපිංචා,අමුමිරිස්, සුදු ළූණු වෙනම තෙම්පරාදු කරලා මේ කරි එකටම එකතු කරන්න.
අවශ්‍ය ද්‍රව්‍ය
වැල් තිබ්බටු කොළ ටිකක්
රතු ළූණු ගෙඩි 4-5
සුදු ළූණු බික් කිහිපයක්
ඉඟුරු කෑල්ලක්
සූදුරු ඇට ටිකක්
උකු පොල්කිරි කෝප්ප 1/2
ලුණු
වැල් තිබ්බටු කොළ වල තියෙන හීනි කටු ටික අයින් කරලා හෝදන්න. ඒකට ඉඟුරු, සුදුළූණු එකතු කරල අඹරලා ගුලියක් වගේ හදාගන්න.
මැටි ඇතිලියක් අරන් ඒකට පොල්කිරි, ලියාගත් රතුළූණු, අමු මිරිස් හා ලුණු දාලා ලිපේ තියන්න. කිරි ටික උතුරන කොට අඹරාගත් කොළ ගුලිය දාලා කලවම් කරගන්න. විනාඩියක් දෙකක් පිසගෙන ලිපෙන් අයින් කරගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය
ළපටි තෙබු කොළ ටිකක්
අමුමිරිස් කරල් 2
රතු ළූණු ගෙඩි 4-5
ගම්මිරිස් කුඩු ස්වල්පයක්
උම්බලකඩ කුඩු ස්වල්පයක්
හීනියට ගාගත් පොල් ටිකක්
දෙහි යුෂ
ලුණු
සෝදලා වතුර බේරෙන්න තියාගත් තෙබු කොළ ටික හීනියට ලියාගන්න.
අමුමිරිස් හා රතුළූණුද හීනියට ලියාගන්න. භාජනයකට පොල්, ගම්මිරිස් කුඩු, ලුණු හා දෙහි දාලා පොල් ටික අනාගන්න. අනාගත්ත පොල් මිශ්‍රණයට කපාගත්ත කොළ එකතු කරන් ඇඟිලි තුඩු වලින් කලවම් කරගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය
අළුපුහුල් ගෙඩියෙන් කාලක්
අමු තුනපහ කුඩු තේ හැඳි 2
මිරිස්කුඩු තේ හැඳි 2
රතුළූණු ගෙඩි 4-5
අමුමිරිස් කරල් 2
සුදුළූණු බික් කිහිපයක්
කහකුඩු තේ හැඳි 1/2
ලුණු
මිටිකිරි කෝප්ප 3/4
අළුපුහුල් වල පිට පොත්ත අයින් කරලා හෝදලා ඇට එක්කම මදය කෑලි වලට කපාගන්න.
මැටි ඇතිලියකට මේ ටික දාලා අමු තුනපහ කුඩු හා මිරිස්කුඩු කබලේ යාන්තමට බැදලා මේකට දාගන්න. දැන් ළූණු, අමුමිරිස්, සුදුළූණු හීනියට ලියාගෙන පුහුල් එකට දාගෙන ඒකටම ලුණු හා කහ එකතු කරලා වතුර කෝප්ප කාලක් එක්ක ලිපේ තියන්න.
මේ ටික තැම්බීගෙන එනකොට මිටි කිරි ටික දාගන්න. දැන් කිරි ටික උතුරනකොට ලිපෙන් බාගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය
අලකොළ ටිකක්
රතු ළූණු ගෙඩි 4-5
සුදුළූණු බික් 3-4
රම්පා/කරපිංචා
අඹරාගත් ගොරකා ටිකක්
පොල්කිරි කෝප්ප 1
උම්බලකඩ කුඩු ස්වල්පයක්
මිරිස් කුඩු තේ හැඳි 2
තුනපහ කුඩු තේ හැඳි 2
කහ කුඩු තේ හැඳි 1/2
ලුණු
අලකොළ පඳුරෙන් කපාගත්තයින් පස්සෙ අඩුම දවස් 3ක්වත් වේලෙන්න තියන්න ඕනෙ. අලකොළ වල කොයිම වෙලාවකවත් තෙත අමු ගතිය රැඳෙන්න දෙන්න එපා, කට කසන ගතියක් එන්න බලනවා. ඒ නිසා ගෙනල්ලා හොඳින් සෝදලා වේලෙන්න තියලා දවස් 3කට පස්සෙ පිසින්න ගන්න. අල කොළ පිසින්න කලින් සෝදන්නෙ නැති නිසා පිරිසිදුව වියලා ගන්න. කපන්න ගන්න පිහිය සහ ලෑල්ල පවා හොඳින් වියලි ඒවා වෙන්න ඕන. අල කොළ වලට වතුර මිශ්‍ර නොවෙන්න තමා සකස ගන්න ඕන.
දැන් අලකොළ වල දඬු වටේ පොත්ත හිමින් අයින් කරගෙන කොළත් එක්කම කපාගන්න.
භාජනයක් අරගෙන ඒකට හීනියට ලියාගත් රතුළූණු, සුදුළූණු, රම්පෙ, කරපිංචා එක්ක කිරි ටික දාලා ලිපේ තියන්න. මේකට අඹරාගත් ගොරකා, මිරිස්කුඩු, කහ, තුනපහ කුඩු එකතු කරන්න.
කිරි ටික උතුරනකොට අලකොළ ටික එකතු කරලා හොඳට හැඳි ගාන්න. රස බලලා ලුණු එකතු කරගන්න.
අලකොළ කෑවට පස්සෙ අපේ පැරැන්නො කියන්නෙ නම් ඇල් වතුර නොබී උණුවතුර බොන්න කියලා.
උපුටා ගැනීමකි.
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…
1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…
"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…
අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…
පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…