ලස්සන වෙන්න රහස්

මෙම පානය උදෑසනින්ම හිස්බඩ බිව්වොත් ඔබ ඉක්මනින්ම සුදු වෙලා ලස්සන වෙනවා.

අද කාලේ කාන්තාවන්ගේ ජනප්‍රියම මාතෘකාවක් තමයි ලස්සන විම සුදුවීම සහ beauty drink කියන්නේ. තමන්ගේ රූපය ඔප්නංවා ගැනීම සදහා අදවෙළද පොළේ බොහොමයක් නම් යටතේ බියුටි ඩ්‍රින්ක්ස් වර්ග තිබුණත් අධික මිල සහ ප්‍රතිඵල ප්‍රමාද වීම නිසාවෙන් බොහොමයක් කාන්තාවන්කණස්සලු වෙනවා.ඉතින් සුදු වෙන්න ලස්සන වෙන්න කැමති අයට 100%ක ප්‍රතිඵල සහිත ස්වභාවික beauty drink එකක් ගැනයි. ඒ තමයි කැරට්යුෂ පානය.

කැරට් යුෂ පානය කිරීමෙන් ඔබට ලැබෙන සුපිරිම වාසින් මොනවද ?

1.ඇස් පෙනීම ඉතා හොඳින් වර්ධනය කරයි.

2.සමෙහි ඇති ආසාදන වර්ග, බැක්ටීරියා ආසාදන වර්ග සමනය කරයි.

3.සමෙහි පවතින පැල්ලම් නැති කොට සමට ඒකාකාරී ස්වභාවයක් ගෙන දෙයි.

4.සමෙහි රැලි වැටීම් අවම කොට තරුණ සමක් ලබාදෙයි.සම වයසට යාම ට අදාළ ලක්ෂණ ප්‍රමාද කරයි.

5.සමට හොඳ පැහැයක් ලබා දෙයි.

6.ආහාර ජීර්ණය පහසු කරවමින් මල බද්ධය වලකයි.

7.ශරීරයේ උෂ්ණත්වය අවම කරමින් තම සෞම්‍ය කරයි.

8.ශරීර විෂ නසයි.

9.හිසකෙස් වල පවතින ගැටලු වලට පිලියම් කරයි.අලංකාර දිලිසෙන හිසකෙස් ලබාගැනීමට උපකාර කරයි.

10.කොලෙස්ටරෝල් සහ හෘද රෝග වලට හිතකරයි.

11.මුඛ රෝග වලට කදිමයි.

12.අස්ථි ශක්තිමත් කරයි.

13.ආමාශගත රෝගවලට සහනයක් ලබාදෙයි.ආමාශය සුවපත් කරයි.

14.අර්ශස් රෝග සුවපත් කරයි. මල පිටකිරීමේදී දැනෙන අපහසුතා සමනය කරයි.

15.ස්නායු ශක්තිමත් කරයි.

16.මතක ශක්තිය වැඩි කරයි.

17.පිළිකා රෝග මර්ධනය කරයි

මෙවැනි බොහෝමයක් රෝග සඳහා ඉතාමත් හිතකර වන කැරට් දියවැඩියා රෝගීන් සදහා අහිතකර වීමට පුලුවන්. ඔබට දියවැඩියාව ඇත්නම්කැරට් පානය නිතර භාවිතා නොකරන්න. කැරට් බහුලවම ආහාරයට නොගන්න.

රසවත් කැරට් පානයක් සකස් කර ගන්නා ආකාරය.

අවශ්‍ය ද්‍රව්‍ය : කැරට් අල කිහිපයක්, මී පැණි ස්වල්පයක්, ලුණු ස්වල්පයක්, වතුර කෝප්පයක්.

පළමුව කැරට් අල කිහිපය හොඳින් සෝදා පිරිසිදු කරගන්න. පොතු සූරා කැරට් කුඩා කැබලි වශයෙන් කපා ගන්න. මෙම කැබලි වලට වතුරකෝප්පයක් හෝ ඔබට අවශ්‍ය ප්‍රමාණයක් එක් කරගෙන හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න. ඉන්පසුව කැරට් පානයට මීපැණි ස්වල්පයක් සහ ලුණුස්වල්පයක් රස අනුව එක් කර ගන්න. ඔබට ඇත්තේ මහත ශරීරයක් නම් මෙම පානයට දෙහි බිංදු ස්වල්පයක් කර ගැනීමට හැකි නම් කදිමයි. දවසක් හැර දවසක් උදෑසන හිස්බඩ පානයට ගන්න. ඔබට මෙම පානය කලින් සකස් කොට ශීතකරණයෙ තබා වුවද පානය කල හැකිය. 

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

4 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

4 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

4 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

4 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

4 years ago