තොල් අඳුරු පැහැ වෙන්න විවිධ හේතු බලපානවා. තද හිරු එලියට නිරාවරණය වීම, ආසාත්මිකතා, බාල තත්ත්වයේ තොල් ආලේපන භාවිතය, බුලත් විට කෑම, දුම් පානය, කැෆේන් අඩංගු බීම වැඩිපුර පානය කිරීම ආදිය මින් සමහරක්. මේවා නිසා අඳුරු පැහැ ගැන්වුණු තොල් ඇති අය විශාලමුදලක් වියදම් කරලා විවිධ ප්‍රතිකාර කරනවා.
අද කියන්න යන්නේ තොල්වල අඳුරු පැහැය නැති කරන්න ගෙදරදීම කරන්න පුළුවන් සත්කාර කිහිපයක් ගැන. ඔබත් අඳුරු පැහැ තොල් නිසා වදවිඳිනවා නම් මේ ලිපිය ඔබට සහනයක් වේවි.
01) දෙහි
දෙහි කියන්නේ මුහුණ සුදු වීමට, ලප කැළැල් නැති කිරීමටත් යොදා ගන්නා දෙයක්. ඔබේ අඳුරු පැහැ වුණු තොල් වලටත් ඔබට දෙහි භාවිතාකරන්න පුළුවන්. මේ සඳහා පහත ක්‍රම අනුගමනය කරන්න පුළුවන්.
ඔබ රාත්‍රී නින්දට යාමට පෙර දෙහි බින්දු කිහිපයක් ගෙන එය ඔබගේ තොල් වල ආලේප කරන්න. මාස දෙකක් පමණ එක දිගට මේ විධියට කළොත්ඔබට ඉක්මනින්ම තොල්වල අඳුරු පැහැය නැති කර ගන්න පුළුවන් වේවි.
තරමක් තුනී දෙහි පෙත්තක් කපා ගන්න. එය මතට සීනි ස්වල්පයක් ඉස එය ඔබේ තොල් මත හොඳින් අතුල්ලන්න. එමගින් ඔබේ තොල්වල ඇතිමැරුණු සම ඉවත් වී නැවුම් සම මතු වේ. මෙය දිනපතා සති දෙකක් පමණ කිරීමෙන් ඔබට හොඳ ප්‍රතිපල ලබා ගත හැක.
දෙහි,ග්ලිසරින් හා මී පැණි තේ හැඳි භාගය බැගින් ගෙන හොඳින් මිශ්‍ර කර රාත්‍රී නින්දට පෙර ඔබේ තොල්වල ආලේප කරන්න. ප්‍රතිඵල ලැබෙනතුරුමෙය සිදු කරන්න.
02) රෝස
රෝස කියන්නේ සමට සිනිඳු බවක්, සීතලක් ලබාදෙන මෙන්ම සමට මොයිස්චරයිසින් ලබා දෙන ඉතාම හොඳ ඖෂධයක්. තොල්වල අඳුරු පැහැයනැති කරන්නත් මෙය උපයෝගී කරගන්න පුළුවන්.
මේ සඳහා ඔබට කරන්න තියෙන්නේ රෝස වතුර බිංදුවකට මී පැණි බින්දු කිහිපයක් එකතු කර හොඳින් මිශ්‍ර කර ඔබේ තොල් මත ආලේප කිරීමයි. දිනකට දෙතුන් වරක් මෙසේ කිරීමෙන් ඉක්මන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.
රෝස පෙති තලප මේස හැන්දකට බටර් තේ හැන්දක් සමග මී පැණි හෝ කිරි ස්වල්පයක් එකතු කරන්න. ඉන් පසු එය ඔබගේ තොල් මත ආලේප කරමෘදුව සම්බාහනය කරන්න. මෙය සතියකට දෙවතාවක් සිදු කරන්න.
රෝස පෙති කිහිපයක් ගෙන එය කිරි වල පොඟවා පැයක් පමණ තබන්න. ඉන් සපු එය හොඳින් මිශ්‍ර කර තලපයක් සාදා ගන්න. ඉන් පසු එයට මී පැණිතේ හැඳි භාගයක් හා සැෆ්‍රන් ස්වල්පයක් එකතු කරන්න. මෙම මිශ්‍රණය ඔබේ තොල්වල ආලේප කර මිනිත්තු 15ක් පමණ තබා ඉවත් කරන්න. දිනකටදෙවරක් මෙය සිදු කරන්න.
03) ඔලිව් ඔයිල්
සුන්දර දෙතොලක් ලබා ගැනීමට ඔලිව් ඔයිල් කියන්නෙත් හොඳ ප්‍රතිකාරයක්. ඔලිව් ඔයිල්වල ඇති පෝෂණ ද්‍රව්‍ය මගින් ඔබගේ තොල් වලට මනාපෝෂණයක් ලබා දෙන අතරම තොල්වලට අවශ්‍ය මොයිස්චරයිසින් ද ලබා දී තොල් සිනිඳු කර ලස්සන කරනවා.
නියම තත්තවයේ ඔලිව් ඔයිල් බිදු කිහිපයක් ගෙන ඔබේ තොල් මත ආලේප කර මෘදුව සම්බාහනය කරන්න. දිනපතා නින්දට යාමට පෙර මෙය සිදුකළහොත් ඔබට හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.
ඔලිව් ඔයිල් ස්වල්පයකට සීනි ටිකක් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. ඉන් පසු මෙම මිශ්‍රණය තොල්වල ආලේප කර මෘදුව ස්ක්‍රබ් කරන්න. සතියකටසැරයක් පමණ මෙය සිදු කරන්න. මෙය හරියට කළොත් මාසයක් හෝ දෙකක් ඇතුලත ඔබට ඔබේ තොල්වල ස්වභාවික වර්ණය මෙන්ම දීප්තිමත්පෙනුමක් ලබා ගන්න පුළුවන්.
04) සීනි
ඔබේ සමේ ඇති මැරුණු සෛල ඉවත් කිරීම සඳහා සීනි කියන්නේ ඉතාම වැදගත් ද්‍රව්‍යයක්. මෙමගින් තොල්වල ඇති අඳුරු පැහැති මැරුණු සෛලඉවත් කර නැවුම් පෙනුමක් ලබා දෙයි.
සීනි මේස හැඳි තුනක් සහ බටර් මේස හැඳි තුනක් හොඳුන් මිශ්‍ර කර තරමක් ඝන මිශ්‍රණයක් සාදා ගන්න. එයින් ඔබේ තොල් මෘදු ලෙස ස්ක්‍රබ්කරන්න. සතියකට සැරයක් මෙය සිදු කරන්න.
සීනි තේ හැන්දක්, මී පැණි තේ හැන්දක් සහ ආමන්ඩ් ඔයිල් තේ හැඳි භාගයක් හොඳින් මිශ්‍ර කර එම මිශ්‍රණයෙන් සතියකට වරක් පමණ ඔබේ තොල්ස්ක්‍රබ් කරන්න.
සීනි ස්වල්පයක් cold cream සමග මිශ්‍ර කර රාත්‍රී නින්දට යාමට එයින් ඔබේ තොල් ස්ක්‍රබ් කරන්න. සතියකට වරක් මෙය සිදු කරන්න.
05) බීට්රූට්
තොල් ලස්සන කර ගන්න භාවිතා කරන්න පුළුවන් තවත් පහසුම ද්‍රව්‍යයක් තමයි බීට්රූට් කියන්නේ. බීට්වල අඩංගු ස්වභාවික බ්ලීචින් මගින් ඔබේතොල්වල අඳුරු පැහැය නැති කරනවා.
නැවුම් බීට් යුෂ ස්වල්පයක් ගෙන රාත්‍රී නින්දට යාමට පෙර ඔබේ තොල්වල ආලේප කර තබා උදෑසන සෝදා හරින්න. බීට්වල ඇති රතු වර්ණය ඔබේතොල්වලට රෝස පැහැයක් ගෙන දෙවි.
බීට් යුෂ සහ කැරට් යුෂ සමාන ප්‍රමාණවලින් ගෙන මිශ්‍ර කර ඔබේ තොල්වල ආලේප කරන්න. මිනිත්තු 10 පමණ තබා මද රස්නේ වතුරෙන් සෝදාහරින්න.
06) දෙළුම්
දෙළුම් කියන්නෙත් අඳුරු පැහැ තොල්වලට ඉතාම හොඳ ප්‍රතිකාරයක්. එමගින් වියලුනු තොල්වලට පෝෂණය හා මොයිස්චරයිසින් ලබා දී තොල්රෝස පැහැ ගන්වයි.
පොඩි කර ගත් දෙළුම් ඇට තේ හැන්දකට කිරි ස්වල්පයක් හා රෝස වතුර ස්වල්පයක් එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න. ඉන් පසු මෙම මිශ්‍රණයඔබේ තොල් මත ආලේප කර මිනිත්තු කිහිපයක් පිරිමදිමින් ස්ක්‍රබ් කර ගන්න. පසුව මද රස්නේ වතුරෙන් සෝදා හරින්න. දෙළුම් යුෂ, බීට් යුෂ හාකැරට් යුෂ සමාන ප්‍රමාන වලින් ගෙන මිශ්‍ර කර දිනකට වරක් තොල්වල ආලේප කරන්න.
07) පිපිඥ්ඥා
පිපිඥ්ඥා කියන්නේ මුහුණට පවා හොඳ සත්කාරයක් ලබා දෙන දෙයක්. මෙයින් ඔබේ තොල් වලටත් හොඳ සත්කාරයක් ලබා දෙනවා. මේක කරන්නහරිම ලේසියි. ගෙදර උයන ගමන් හරි පොඩි පිපිඥ්ඥා පෙත්තක් කපලා අරන් ඒක මිනිත්තු පහක් පමණ ඔබේ තොල්වල අතුල්ලන්න. එයින් එහි ඇතිසාරය ඔබේ තොල්වල ට උරාගෙන නැවුම් බවක් ඇති කරයි.
08) මී පැණි
මී පැණි කියන්නේ ඔබේ තොල් වලට අවශ්‍ය මොයිස්චරයිසින් සපයන ඉතාම හොඳ පෝෂණ මාධ්‍යයක්. තොල් රෝස පැහැ කරගන්න මී පැණි භාවිතකරන ආකාරය පහතින්.
රාත්‍රී නින්දට යාමට පෙර මී පැණි ස්වල්පයක් ඔබේ තොල් වල ආලේප කර තබා උදෑසන මද රස්නේ වතුරෙන් සෝදා හරින්න. මී පැණි, යෝගට්, සහකඩල පිටි තේ හැන්ද බැගින් ගෙන හොඳින් මිශ්‍ර කර තලපයක් සේ සාදා ගන්න. මෙම තලපය ඔබේ තොල්වල ආලේප කර මිනිත්තු 30ක් පමණ තබාමද උණුසුම් ජලයෙන් සෝදාහරින්න.
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…
1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…
"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…
අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…
පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…