ජලය කියන්නේ ශරීරයට අත්‍යාවශ්‍ය සාධකයක්.සුන්දර රූ සපුවක් හොඳ ශරීර සෞඛ්‍යක් පවත්වාගෙන යන්නත් ජලය ගොඩක් ඉවහල් වනවා. දිනකට සාමාන්‍යයෙන් වතුර වීදුරු 08 ක් පානය කිරීම අත්‍යාවශ්‍යයි. නමුත් ඒ නිසාවෙන් වතුර වීදුරු ගණන් එක දිගට බොන එක වැරදියි. මොකද අවශ්‍ය ප්‍රමාණයට වඩා ජලය පානය කිරීමෙන් ශරීරයේ තිබෙන සෝඩියම් මට්ටම අඩු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ජලය පානය කිරීමට හොඳ නැති අවස්ථා කීපයක් ඔයාලට කියල දෙන්නයි අපි මේ හදන්නේ.
නිදාගැනීමට පෙර වතුර බොන එක ශරීරයේ ක්‍රියාකාරීත්වයට හොඳ දෙයක්. නමුත් බොහෝ වතුර ප්‍රමාණයක් නින්දට පෙර ලබා ගන්නේ නම් සැරින් සැරේ මුත්‍රා කිරීමට රාත්‍රියේ අවධිවීමට සිදුවනවා. ඒ තුළින් අවශ්‍ය සැපපහසු නින්ද ලබා ගැනීමට නොහැකිවනවා සේම වකුගඩු නිවරදිව ක්‍රියා නොකිරීම හේතුවෙන් උදෑසන අවදිවීමේදී මුහුණේ ඉදිමීමක් දකින්නට ලැබෙනවා. ඒ නිසා වතුර බිව්වම මේ තත්ත්වය වැඩි වෙන්න පුළුවන්.
ආහාර දිරවීමට අවශ්‍ය එන්සයිම කෙළ වල පවතිනවා. නමුත් ආහාර ගැනීමට පෙර සහ අතරතුර වැඩි වශයෙන් ජලය පානය කිරීම හේතුවෙන් කටට කෙළ උනන එක අඩු කරනවා. ඒ හේතුවෙන් ආහාර දිරවීමට අවශ්‍ය එන්සයිම වල ක්‍රියාකාරීත්වය අවම කරනවා. ඒ තුළින් ඇතැම් ආහාර වල බැක්ටීරීයා විනාශ කිරීමේ හැකියාවද බාල කිරීමට පුළුවන්.
ව්‍යායාම කිරීම ශරීර සෞඛ්‍ය පවත්වාගෙන යැමට අවශ්‍ය දෙයක්. නමුත් ව්‍යායාම කරන අවස්ථාවල වතුර පානය කිරීම අතුරු ආබාධ රැසකට මුහුණ දීමට සලස්වයි. ව්‍යායාම කිරීමේදී ශරීරයේ උෂ්ණත්වය වැඩි වන නිසා ජලය පානය කිරීමෙන් සිසිල් වීමක් සිදු වනවා. එවිට ඔක්කාරය, ඔළුව කැක්කුම, කැරකිල්ල ඇති වන්න පුළුවන්. එමඟින් ගැටළුවලට මුහුණදීමට ඔබට සිදුවේ.
මුත්‍රා වල වර්ණට කහ පැහැති ස්වාභාවයක් ගන්නේ නම් ඒ නිසි පරිදි ජලය ශරීරයට නොලැබී ඇති බවයි. නමුත් මුත්‍රා වල වර්ණය අවර්ණ නම් එයින් අදහස් වන්නේ ඔබ දිනකට ලබා ගත යුතු ජලය නිසි පරිදි ලබා ගෙන ඇති බවයි. ඔබ තව තවත් වතුර බොන්නේනම් ඔබේ ශරීරයේ සෝඩියම් ප්‍රමාණය අවම වි හෘද්‍යාබාධයකට වුව ද ලක්විය හැකියි.
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…
1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…
"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…
අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…
පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…