ආදරය ලොව වැඩිම නිර්වචන ප්‍රමාණයක් ලබා දී ඇති වචනයක් වුවත් එයට අදටත් නිශ්චිත නිර්වචනයක් නැහැ. ආදරය කියන්නේ විශ්ව භාෂාවක් වගේ හැම හදවතකටම දැනෙන, වැටහෙන අපූර්වතම හැඟීමකටයි. ඒ ආදරේ ලස්සන මිහිරිතම අවස්ථාවක් තමයි වැළඳගැනීම කියන්නේ.ඇත්තටම මේ වැළඳගැනීමෙන් ආදරේ තව තවත් වැඩිවෙනවා.අන්න ඒ ආදරේ වැඩි කරන විවිධ වූ වැළඳගැනීම් ටිකක් ගැන තමා අපි අද කියන්නේ.
ඔයාලා දෙන්නා අතරේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් Polite Hug එකකින් ඒක පෙන්නන්න පුළුවන්. මේ වැළඳගැනීම කරන්නේ තදින් Hug කරන්නේ නැතිව ඇඟේ පහළ කොටසින් යම් හිඩසක් තියෙන විදියටයි. මේකෙන් ආදරයක් සෙනෙහසක් පෙන්නුම් කරන්නේ නෑ.
ඔයාගේ ආදර සම්බන්ධතාවය ගොඩක් සීරියස් එකක් Bear Hug එකෙන් පෙන්නනවා. ඒකෙන් කියන්නේ ඔයා ඔයාගේ පෙම්වතියට හෝ පෙම්වතාට ගොඩක් ආදරේ හා හැඟීම් පිරිලා කියන එක. හොඳ සම්බන්ධතාවයක් Bear Hug එකෙන් පෙන්නුම් කරනවා.
මේකෙන් වෙන්නේ ඔයා ඔයාගේ පෙම්වතාගේ ළඟට දුවන් ගිහින් එයාට ඔයාව වඩාගන්න සලස්වන එක. මේක ගොඩක් ආදරණීයයි. ඉතින් Legs around the Waist Hug එකෙන් ඔවුන් දෙදෙනා අතර තියෙන කායික සම්බන්ධතාවය මෙන්ම හිතින් කොච්චර ළඟද කියලත් පෙන්නනවා.
මේ වැළඳගැනීම දෙදෙනාගෙන් එක් අයෙක් විතරයි කරන්නේ. ඒත් ඔයා ඉන්නේ ඉදිරියෙන් නම් එයා පිටුපසින් ගිහින් වැළඳගන්නවා. ඒකෙන් එයාගේ හැඟිම් එයාට පෙන්නුවත් ඔයාගේ හැඟිම් දකින්නේ නෑ. Stand still Hug එකෙන් ඔයාගේ හිතේ එයා ගැන මොකක් හරි අවුලක් තියෙනවා කියන එක පෙන්නනවා. ඒම නම් දෙන්නා කතා කරලා ප්‍රශ්නේ විසඳගන්න එක තමා හොඳම දේ.
ඔබේ පෙම්වතාගේ හෝ පෙම්වතියගේ ඇස් දිහා කෙලින් බලාගෙන වැළඳගැනීම Intimate Hug කියලා කියනවා. වැළඳගැනීම පමණක් නොවේ සිප ගැනීමත් මෙතන අනිවාර්යයෙන්ම වෙනවා. Intimate Hug එක තුළින් දෙදෙනා අතරේ තියෙන බැඳීමේ ශක්තිමත් බව සමීප බව එකිනෙකා තේරුම් ගත් බව මනාව පෙන්නනවා.
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…
1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…
"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…
අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…
පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…