ලස්සන වෙන්න රහස්

තරුණියන්ට ගැලපෙන කොණ්ඩ මෝස්තර 04 ක්

විවිධාකාර වූ කොණ්ඩා මෝස්තර වයස් භේදයකින් තොරව සියලු දෙනා භාවිතා කරනවා. නමුත් තරුණියන් අතර මේ කොණ්ඩා මෝස්තර විලාසිතා ජනප්‍රියතාවය වැඩියි. කාන්තාවක් සුන්දරත්වයෙන් අගතැන්පත් කරන්න කොණ්ඩයකට පුළුවන්. සරල ගමනක් වෘත්තීය ගමනක් විනෝද ගමනක් උත්සව ගමනක් ආදී විවිධ ගමන් සඳහා කාන්තාවන් එකිනෙකට වෙනස් කොණ්ඩා මෝස්තර භාවිතා කරනවා. ඉතින් අද අපි කතා කරන්නේ එවැනි හිත වශී කරන කොණ්ඩ මෝස්තර කිහිපයක් ගැනයි.

1. කොණ්ඩය උඩට කර බැඳීමේ කොණ්ඩා මෝස්තරය

හුරුබුහුටි පෙනුමක් ලබා දෙන ලොව පුරා ජනප්‍රිය කොණ්ඩ මෝස්තර විලාසිතාවක් ලෙස මෙය හැඳින්විය හැක. රවුම්, ඹ්වලාකාර හා ඩයමන්ඩ් හැඩ මුහුණක් තිබෙන යුවතියන්ට මෙය වඩාත් ගැළපෙන අතර ඹ්නෑම අවස්ථාවක් සඳහාද ගැළපේ.

කොණ්ඩය ඉහළට කර පීරා පෝනී ටේල් එකක් දමා ගන්න. ඉන්පසු කොණ්ඩය දෙකට බෙදා එක් කොටසක් අග තෙක් ගොතා එය අතින් අල්ලාගෙන අනෙක් කොටස ඔරලොසුවේ කටු කරකැවෙන දෙසට නවා ගැටගසන්න. කොණ්ඩ කටු කිහිපයක් රැඳවීමෙන් ආරක්ෂාව වැඩි කරගන්න පුළුවන්.

2. කොණ්ඩයේ භාගයක් පමණක් උඩට කර බැඳීමේ කොණ්ඩා මෝස්තරය

යුරෝපීය රටවල ඉතා ප්‍රසිද්ධ මොස්තරයක් ලෙස මෙය හැඳින්විය හැක. ජනප්‍රිය පුද්ගලයන්ගේ කොණ්ඩ මෝස්තර අනිකුත් තරුණියන් අනුකරණය කිරීමෙන් කොණ්ඩ මෝස්තර බොහොමයක් ජනප්‍රිය තලයට යයි.මහන්සියකින් තොරව ඉතා පහසුවෙන් මෙම මෝස්තරය ඔබටම කර ගත හැකියි. ඹ්නෑම හැඩති මුහුණකට මෙය ගැළපේ.

කොණ්ඩය යටට හා උඩට කොටස් දෙකකට මෙය බෙදා ගන්න. උඩ කොටසට පෝනි ටේල් එකක් දමා රබර් පටියක් ආධාරයෙන් හිර කර ගන්න. පෝනිටේල් එක ඔතා බන් එකක් ආකාරයෙන් සකස් කර හිස උඩින් තබා කොණ්ඩ කටු ආධාරයෙන් රඳවා ගන්න. තවත් ආරක්ෂාවක් අවශ්‍ය නම් හෙයා ස්ප්‍රේ භාවිතා කල හැක.

3. කොණ්ඩයේ මලක් සමඟ ඇති කොණ්ඩා මෝස්තරය

උත්සව අවස්ථාවකට ගැළපෙන මෙම ක්‍රමය තරුණියන්ට මනා පෙනුමක් ගෙන දෙයි. කොණ්ඩයේ පිටුපස මලක් අමුණා ලෙස පෙන්වීමෙන් මෙහි අලංකෘතතාවය වැඩි කර ඇත. රවුම් මුහුණක් ඇති තරුණියන්ට මේ මොස්තරය තුළින් වඩාත් පිරිපුන් පෙනුමක් ලබා ගන්න පුළුවන්. කොණ්ඩය කොටස් දෙකකට වෙන් කර මුලින් කොණ්ඩයේ ගැට පීරා සකස් කර ගන්න.

එය ෆැල්ට් වීමට වතුර ටිකක් ඉස ගන්න. ඉදිරිපස හිසකෙස් කොටස් ගෙන එය තුනකට බෙදා ගොතාගන්න. ඇහිබැම කෙළවර තෙක් ගෙතූ පසු එය හරවා ගොතන්න. දෙපැත්තෙන්ම හිසකෙස් එකතු කරමින් හරවා ගොතන්න. මුහුණේ ඉදිරියේ ඇති කොණ්ඩය එකතු කරමින්ද ඉහල සිට පහලට ගොතන්න. ඉතිරි ලිහා ඇති කොණ්ඩය ගොතා රබර් පටියකින් තද කරගන්න. ඉන්පසු ගෙතුමා පෙරලා කරකවන්න. කොණ්ඩ කටු වලින් රඳවා ගන්න.

4. පිග් ටේල් ගෙතුම් කොණ්ඩා මෝස්තරය

සරල පහසු කොණ්ඩා මෝස්තරයක් ලෙස මෙයද හැඳින්විය හැක. විනෝද චාරිකා සඳහා මෙය වඩාත් උචිත වන අතර මුහුණේ ඹ්නෑම හැඩයක් සහිත තරුණියකට ගැළපේ.

කොණ්ඩය කොටස් දෙකකට වෙන් කර හිසේ ඉහළින් දෙපැත්තට වෙන් කර රබර් පටි දෙකක් දමා බැඳ ගන්න. එක් පැත්තක රබර් පටිය ළඟ සිට පහළට ගොතන්න. අවසානයේ එය තද කර රබර් පටියක් යොදන්න. මෙවැනි කෝණ්ඩ මෝස්තර සිදු කිරීමෙන් ඔබේ හුරුබුහුටි පෙනුමත් තරුණ පෙනුමත් තවතවත් හැඩ කරගන්න පුළුවන්.

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago