ලස්සන වෙන්න රහස්

හිසකෙස් වර්ණ ගන්වා ඇත්නම් ඔබ සැළකිලිමත්විය යුතු ප්‍රධාන දේවල් ටිකක්

වර්ථමානයේ විවිධ ජීවන රටා විවිධ ආහාර රටා විවිධ නිර්මාණ විවිධ මෝස්තර මෙන්ම විවිධ රූපලාවන්‍ය අමුද්‍රව්‍ය කටයුතු කෙරෙහි බාල මහළු තරුණ පරම්පරා යොමු වී තිබෙනවා. ඒ අතර හිසකෙස් වර්ණ කිරීම ලොව පුරා රූපලාවන්‍ය ක්ෂත්‍රයේ ප්‍රචලිත කටයුත්තක්. හිසකෙස් වර්ණ කරගැනීම ආසාවෙන් කර ගන්නා දෙයක් වුවත් අවබෝධයෙන් යුතුව කරගත යුතු දෙයක්. වර්ණ ගැන්වීමකින් පසු අනිවාර්යෙයෙන්ම සැළකිලිමත් විය යුතු කරුණු කිහිපයක් තිබෙනවා. සාමාන්‍යයෙන් වර්ණ ගැන්වීමකින් දින තුනකට පසු කොණ්ඩය සේදීම කල යුතුය. ඊට හේතුව කෙස්වල ආලේප කර ඇති වර්ණ මඟින් කියුටිකල් ස්ථරය විවෘත වේ. වර්ණ ගන්වා දින තුනත් ගත වීමෙන් පසු එම ස්ථරය වැසී යයි. එම දින තුනට පෙර සෝදා හරින විට වර්ණයන් සේදී යයි. දින තුනකට පසු සෝදා හැරීමෙන් දිගු කාලයක් වර්ණය පවත්වාගෙන යා හැක. ඉතින් මේ හිසකෙස් වර්ණගැන්වීම සිදු කිරීමකින් පසු අවධානය යොමු කල යුතු කරුණු කිහිපකට අපි අවධානය යොමු කරමු.

1. උණුසුම් ජලය භාවිතා නොකරන්න

වර්ණ ගැන්වීමකින් පසු උණූසුම් ජලය භාවිතා කිරීම නුවණට හුරු ක්‍රියාවක් නම් නොවේ. එමඟින් ආලේප කර ඇති වර්ණයන් සේදී යාම සිදුවේ. එසේම ෂැම්පු හා කන්ඩිෂනර් කිරීමේදී පවා සාමාන්‍ය ජලය භාවිතා කරන්නේ නම් එය ඔබේ කොණ්ඩයේ වර්ණ ගැන්වීම් ආරක්ෂා කර ගන්න පුළුවන් හොඳ ක්‍රමයක්.

2. සල්ෆේට් සහිත ෂැම්පු සහ කන්ඩිෂනර් භාවිතා නොකරන්න

මේවා සහිත ෂැම්පු සහ කන්ඩිෂනර් භාවිතයෙන් හිසකෙස් වල ඇති තෙතමනය හා ස්වාභාවික තෙල් ගතිය ඉවත්ව ගොස් හිස්කෙස් ගැලවී යාම සිදුවේ.

3. Hair Mask එකක් කොණ්ඩය සඳහා භාවිතා කරන්න

Hair Mask එකක් දැමීමෙන් ඔබේ හිසකෙස් වඩාත් හොදින් හා ලස්සනට පෙනෙන සේ සකසා ගන්න පුළුවන්. එසේම පිහිනුම් තටාක භාවිතා කරන අවස්ථා වලදී මේ Hair Mask එකක් භාවිතයෙන් වර්ණ ගන්වා ඇති කොණ්ඩයේ ආරක්ෂාව පවත්වා ගෙන යා හැක. ක්ලෝරීන් සහිත ජලයෙන් ආරක්ෂා වීම ඊට හේතුවයි. එයින් හිසකෙස් ගැලවී ගොස් හිසකෙස් වලට හානී පැමීණීමට ක්‍රියා කරයි.

එලෙසම හිසකෙස් අයන් කිරීමට අවශ්‍ය නම් හෙයාර් ප්‍රොටෙක්ෂන් ස්ප්‍රේ භාවිතා කිරීම අනිවාර්යයෙන්ම කල යුතු දෙයකි. ඔබ වර්ණ ගැන්වීමට ගත් වර්ණයන් සතු ප්‍රමිති වලින්ම ෂැම්පු, කන්ඩිෂනර් ගැනීමට හැකි නම් ඉහළ ප්‍රතිථලයක් ලබා ගන්න පුළුවන්. මේ කරුණු පිළිබඳව ඔබ අවධානයක් ලබා දෙන්නේ නම් ඔබේ හිසකෙස් දිගු කාලයක් ආරක්ෂා වේවි.

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago