ලස්සන වෙන්න රහස්

මුහුණේ ඇතිවන කුරුලෑ කරදරෙන් මිදෙන්න ක්රම 05 ක්

සුන්දර පැහැපත් පෙනුමක් තිබෙන මුහුණක කුරුලෑවක් ආවොත් අවලස්සන ගතියක් මතුවෙන්න පුළුවන්. ඒ නිසා කුරුලෑවක් මූනේ එනවා කියන්නේ තරුණ තරුණියන්ට ලොකු ගැටළුවක් වෙන්නත් පුළුවන්. තාරුණ්‍යට එළඹ්මත් සමඟ මේ ප්‍රශ්නයට ගොඩක් අය මුහුණ දෙනවා.

සමේ තෙල් ස්‍රාවය වන ග්‍රන්ථි වලින් Sebum නැමැති දියරයක් ස්‍රාවයක් වෙනවා. මෙම ස්‍රාවය වැඩීවීමෙන් රෝම කූප වල කුඩා සිදුරු අවහිර වන අතර ඒ තුළින් blackheads, whiteheads නිර්මාණය වනවා. ඒවා බැක්ටීරීයා මඟින් ආසාදනය වීමෙන් සමේ සැරව බිබිලි නැතිනම් කුරුලෑ ඇතිවෙනවා.

ටෙස්ටොස්ටොරෝන් හෝමෝනය ස්‍රාවය වීම වැඩිවීම, ඔසප් චක්‍රයේ සිදුවන හෝමෝන වෙනස්කම්, ප්‍රවේණිගත වීම කුරුලෑ ඇතිවීමට මෙන්ම වර්ධනයද බලපායි.කුරුලෑ සහිත සමක් දෙවරකට වඩා සෝදන්න හොඳ නැහැ. මඳ උණුසුම් ජලයෙන් ඉතා මෘදු සබන් හෝ ක්ලෙන්සර් වර්ගයක් භාවිතයෙන් සෝදා ගන්න. ඒ වගේම රූපලාවන්‍ය ආලේපන භාවිතය අවම කිරීම හෝ නැවැත්විය යුතුමයි. නිදාගැනීමට පෙර රූපලාවන්‍ය ආලේපන ඉවත් කිරීම සිදු කරන්න ඹ්න. ඒ වගේම blackheads, whiteheads අතින් මිරිකා දැමීම අනිවාර්යෙන්ම නොකල යුතු ක්‍රියාවක්. ඒ වගේම හිස්සොරි තත්ත්වය බරපතල නම් ඊට පිළියමක් ද සොයා ගත යුතු අතර හිසකෙස් පිරිසිදුව තබා ගත යුතුයි.හිස්සොරි වැඩිනම් මුහුණේ කුරුලෑත් වැඩිවෙනවා. ඒ වගේම දහඩිය වැඩිනම් හොදින් සෝදාගන්න.නැත්නම් කුරුලෑ වර්ධනයට එයත් බලපානවා. ඒනම් අපි බලමු මුහුණේ ඇතිවන කුරුලෑ කරදරෙන් මිදෙන්න තියෙන ක්‍රම කිහිපයක්.

1. ලෙමන් යුෂ බිංදු කිහිපයක් ගෙන ඒවා කුරුලෑ තියෙන තැන් වල ආලේප කරන්න. සංවේදී මෘදු සමක් ඇත්නම් ජලය හා මිශ්‍ර කරන්න. දිනකට දෙවරක් බැගින් සති තුනක් කරන්න.

2. රාත්‍රී නින්දට යෑමට ‌පෙර මී පැණී බිංදු ලෙස ගෙන කුරුලෑ තියෙන තැන් වල ආලේප කර පසුදා සෝදා හරින්න.

3. කෝමාරිකා මද ආලේප කර විනාඩි 10 කට පසු සෝදා හරින්න.දිනකට දෙවරක් මෙය කිරීම ප්‍රමාණවත්.

4. කෝපී වලට ජලය ස්වල්පයක් මිශ්‍ර කර කවාකාර ලෙස සම විනාඩි 10ක් පමණ පිරිමැද සෝදා හරින්න.

5. ඔලිව් බිංදු ආලේප කර පිරිමඳින්න. රස්නය සහිත වතුරෙන් පොඟවා ගත් තුවායක් ඒ මත තබා විනාඩි කිහිපයකින් පසු සෝදා හරින්න.

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago