ලස්සන වෙන්න රහස්

මානසික පීඩනයක් ගෙන දෙන ඉන්නන් පහසුවෙන් ඉවත් කරන්න පුළුවන් ක්රම 10 ක්

වර්ථමානයේ බොහෝ කාන්තාවන් පීඩාවට පත්වන කරුණක් ලෙස ඉන්නන් හඳින්විය හැක. කාන්තාවන්ගේ රූපසොබාවයට අභියෝග කරන්නක් ලෙස මේ ඉන්නන් හැඳීන්විය හැක. මෙය Human Papilloma Virus  මඟින් සම මතුපිට ස්ථරය තුළ කුඩා ගැටිති ඇතිවීමයි. මෙයට හේතුව ශරීරයේ ප්‍රතිශක්තිකරණය අඩුවීමයි. විශේෂයෙන්ම සඳහන් කල යුතු කරුණ වන්නේ ඉන්නන් ප්‍රමාණයෙන් කුඩාවට මුල් කාලයේ පැවතියද පසුව ඒවා විශාල ඉන්නන් බවට ප්‍රතිනිර්මාණය වන අතර එය සුන්දරව සිටීමට ප්‍රිය කරන කාගෙත් සුන්දරත්වය නැති කිරීමට පවා බලපායි. ඉතින් අද අපි බලමු මෙම කරදරකාරී ඉන්නන් නැති කිරීමට අපිට කරන්න පුළුවන් දේවල් කිහිපයක් ගැන.

1. කැකුලු හාල් පිටි සත්කාරය

කැකුලු හාල් විනාකිරි සමඟ මිශ්‍ර කර පේස්ට් එකක් සකසා ඉන්නන් ඇති ස්ථානයේ ගල්වා වෙළුම් පටියකින් ආවරණය කර සතියක් පමණ එක දිගට භාවිතා කිරීමෙන් ඉන්නන් ඉවත් කර ගත හැක.

2. ලෙමන් යුෂ  සත්කාරය

ලෙමන් යුෂ මී පැණි ස්වල්පයක් සමඟ මිශ්‍ර කර ඉන්නන් ඇති ස්ථාන වල ගල්වා වෙළුම් පටි වලින් ආවරණය කර තැබීමෙන් ඉන්නන් ඉවත් කල හැක. එලෙසම අවට සමේ ආරක්ෂාවට වැස්ලීන් ස්වල්පයක් ආලේප කිරීම හිතකරයි.

3. උදුපියලි යුෂ සත්කාරය

උදුපියලිය කොල කොටා ඉස්ම ගෙන ඊට හොඳින් අඔරාගත් සුදු ලූණු ගෙඩි දෙකක් පමණ මිශ්‍ර කරගන්න. එම ආලේපය ඉන්නන් ඇති ස්ථාන වල ගල්වා එක දිගට දින තුනක් පමණ භාවිතා කිරීමෙන් ඉන්නන් ඉවත් කල හැක.

4. විනාකිරි සත්කාරය

පුළුන් කැබැල්ලක් ගෙන විනාකිරි ස්වල්පයක් දමා ඉන්නන් ඇති ස්ථානයේ තබා ප්ලාස්ටර් ගසා අලවා තැබීමෙන් ඉන්නන් වෙළීයාම සිදුවේ.

5. ඇපල් සයිඩර් විනාකිරි සත්කාරය

ඉන්නන් ඉවත් කිරීමට ප්‍රතිඵලදායීභාවයෙන් වැඩි ඇපල් සයිඩර් විනාකිරි පුළුන් කැබැල්ලකට ගෙන ඉන්නන් ඇති ස්ථානයේ ගැල්වීමෙන්  ඉන්නන් ඉවත් කර ගත හැකිවේ.

6. කෙසෙල් ලෙලි සත්කාරය

හොඳන් ඉදුණු කෙසෙල් ලෙල්ලක් ගෙන ඉන්නන් ඇති ස්ථානයේ ආවරණය කර ප්ලාස්ටරයක් ආධාරයෙන් ආවරණය කරගන්න. සති දෙකක් රාත්‍රියේ නින්දට පෙර එක දිගට සිදු කිරීමෙන් ඉන්නන් ඉවත් කර ගත හැක.

7. සුදුලූණු සත්කාරය

සුදුලූණු බික් කිහිපයක් ගෙන අඔරා පේස්ට් එකක් සකස් කර ඉන් ස්වල්පයක් ඉන්නන් මත ආලේප කර ප්ලාස්ටරයක් ආධාරයෙන් ආවරණය කර තබා ගන්න. සතියක් පමණ එක දිගට සිදු කිරීමෙන් ඉන්නන් ස්වාභාවිකව ඉවත් වේ.

8. එළඟිතෙල් සත්කාරය

එළඟිතෙල් ස්වල්පයක් ගෙන ඉන්නන් ඇති ස්ථානවල හොඳින් ආලේප කර සම්බාහන කරන්න. දිනකට දෙවතාවක් කිරීමෙන් යහපත් ප්‍රතිඵල ලබා ගත හැක.

9. අන්නාසි යුෂ සත්කාරය

අන්නාසි යුෂ හැඳි දෙකක් ගෙන එයට මේස ලුණු හැන්දක් දමා ඉන්නන් මත ආලේප කර සම්බාහනය කරන්න. අන්නාසි වල ඇති බැක්ටීරීයා විනාශ කිරීමේ ගුණය නිසා ඉන්නන් වියළීම සිදුවේ. මෙය සතියක් පමණ එකදිගට භාවිතා කල යුතුය.

10. බී ලූණු සත්කාරය

බී ලූණු ගෙඩියක් කපා හුණු ස්වල්පයක් ගල්වා ඉන්නන්  මත ආලේප කර දින කිහිපයක් සිදුකිරීමෙන් යහපත් ප්‍රතිඵල ලබා ගත හැක. ඒ වගේම මේ ඉන්නන් ඇති ස්ථාන ස්පර්ශ කිරිමෙන් වැළකී සිටිය යුතු අතර කැඩීමෙන්ද වැළකි සිටිය යුතුය. එවා කැඩීමෙන් තුවාල වලට විසබීජ ඇතුල්විය හැක.

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago