කෑම ජාති

කංකුන් වල අපි නොදන්න රෝග සුව කරන්න තියෙන පුදුම හිතෙන ගුණ 12 ක්

කංකුන් අපි ගොඩක් දෙනෙක් කන්න ආස පලා වර්ගයක්. එහි විද්‍යාත්මක නාමය Convolvulaceae වන අතර විවිධ ප්‍රදේශ වල විවිධ නම් වලින් කංකුන් ප්‍රචලිත වී ඇත. උදාහරණ ලෙස ශක පර්වා, විල පලා, කාලම්බි, ශත පර්වි, වල්ලිකොටි දැක්විය හැක.ජලය ආශ්‍රිතව හොඳින් වැවෙන අතර පඳුරු වශයෙන් සරුවට වැඩේ. සුදු පැහැති මලක් හට ගන්නා අතර මල් පරවී යාමත් සමඟ නටුවෙහි පවතින ගෙඩිය තුළ බීජ අන්තර්ගත වේ. ඒ්වා තුළන් ද මෙම පළා නටු වලින් ද මෙවා පැළ කර ගත හැක. ආහාරයක් පමණක් නොව ඹෞෂධීය ගුණයන්ගෙන්ද යුක්ත මේ පළා ලංකාවේ  පමණක් නොව ඉන්දුනීසියාව, පීලපීනය, වියටිනාමය වැනි රටවලද වඩාත් ප්‍රචලිත වේ.

ශරීරයේ සෞඛ්‍යආරක්ෂිත බවට මෙන්ම වර්ධනයටත් ඉවහල් වන මෙම පළා වර්ගය තුළ විටමින් A, විටමින් C, යකඩ, කැල්සියම්, ඇමයිනෝ අම්ල අන්තර්ගත වේ. ඉතින් අද අපි බලමු මේවා සතු ගුණාංගයන් මොනවාද කියලා.

  • ගැබිණි මව්වරුන් සඳහා

කංකුන් ගැබිණි මව්වරුන් සඳහා ඉතා ගුණ දේ. දරුවාගේ ඇස් පෙනීම වර්ධනයට, ශරීර වර්ධනයට, හිසකෙස් වර්ධනයට, සමේ වර්ධනයට මෙන්ම මවටත් අවශ්‍ය ශක්තීන් ලබා දීමටත් බෙහෙවින් උපකාරී වේ. එලෙසම ගැබිණි සමයේ ඇතිවන මළබද්ධයත් දියවැඩියා තත්ත්වයත් සමනය කරයි.

  • ශරීර ශක්තීන් වැඩි කිරීම සඳහා

කංකුන් ආහාරයට ගැනීමෙන් ශරීරයේ ශක්තිමත්භාවය වැඩි කරන අතර කංකුන් එළඟි තෙල් වලින් බැඳ ආහාරයට ගැනීමෙන් ශක්තිමත්භාවය තවතවත් වැඩි දියුණු කර ගත හැක.

  • ශුක්‍ර දෝෂ සඳහා

කංකුන් ආහාරයට ගැනීම මඟින් ශුක්‍ර තරල වල ද්‍රව ගතිය අඩුකර අවශ්‍ය ප්‍රමාණයට ඝන ද්‍රව්‍යක් බවට පත් කිරීමටත් එහි වර්ණය නිසි පරිදි ගෙන ඒමටත් ශුක්‍රාණු ප්‍රමාණය වර්ධනය කිරීමටත් හැකිවේ. එලෙසම කංකුන් එළඟිතෙල් වලින් බැඳ පැය 4ක් පමණ ගතවීමෙන් පසු ආහාරයට ගැනීමෙන් ශුක්‍රාණු වල දියාරු ගතිය සමනය කර ගත හැක.

  • මව්කිරි වර්ධනය සඳහා

මව්කිරි වර්ධනය කර ගන්න නියම විදියක් තමා කංකුන් කියන්නේ. මව්කිරි පිරිසිදු කර දෙන්නටත් සමත් මේ පළා වර්ගය කිරට හෝ එළඟිතෙල් වලින් මලවා ආහාරයට ගැනීමෙන් මව්කිරි වර්ධනය තවතවත් ඉක්මණ් කරගන්න පුළුවන්.

  • ලිංගික අප්‍රාණිකත්වය සඳහා

ශුක්‍රාණු වර්ධනයටත් උපකාරී වන කංකුන් ලිංගික අප්‍රාණිකත්වයෙන් මිදීමටත් බෙහෙවින් උපකාරී වනවා. කංකුන් යුෂ අවුන්ස එකකට අමුක්කරා අල චූර්ණයෙන් තේ හැඳි භාගයක් දමා එළගිතෙල් වලින් මඳක් බැඳ ආහාරයට ගැනීමෙන් මෙම රෝගී තත්ත්වය ඉක්මණින් සුව කර ගත හැක.

  • දද කුෂ්ට රෝග සඳහා

කංකුන් කොළ අඔරා දෙහි ඇඹුල් දමා අනා එම ස්ථානවල ආලේප කිරීමෙන් සුව කරගත හැක.

  • පීනස සඳහා

කංකුන් මැල්ලුම එළඟිතෙල් වලින් බැඳගෙන ආහාරයට ගැනීමෙන් සමනය කර ගත හැක.

  • ලේ වීෂවීම සඳහා

කංකුන් කොටා එහි යුෂ ගෙන මේස හැඳි දෙකක් පමණ පානය කිරීමෙන් සුව කර ගත හැක. ඉහත දැක්වූ ගුණාංගයන් මෙන්ම දියවැඩියාවට, ශරීර දැවිල්ලට, පණු රෝග වලට, කුෂ්ට රෝග වලට, අර්ශස් රෝග වලට, දියමැටියන් කෑ විට ද කංකුන් භාවිතයට ගැනීම ප්‍රත්‍යක්ෂ ඹෞෂධයක් ලෙස පෙන්වා දිය හැක. නමුත් උදරගත රෝග තත්ත්වයන් පවතින විට කංකුන් ආහාරයට ගැනීම නම් නොකළ යුතු දෙයක්. ආහාරය පිස ගැනීමේදී ද වුවද පළා වර්ගයේ කොළ වර්ණය ආරක්ෂා කර ගනිමින් පිස ගත යුතුය.

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

4 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

4 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

4 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

4 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

4 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

4 years ago