ලස්සන වෙන්න රහස්

ඔබේ සම අවලස්සන කරන Pigmentation ලප ඉවත් කරන ස්වාභාවික සත්කාර​ 7ක්

කවුරුත් දන්න Pigmentation ලප ඔබේ සම අවලස්සන කරන්න  බෙහෙවින්දායක වෙනවා. මේ ලප ඇති වීමට බලපාන ප්‍රධාන හේතු කිහිපයක් තිබෙනවා. ඒ අතර පාරජම්බුල කිරණ, අධික අව් රශ්මියට නිරාවරණය වීම, නිදන්ගත වකුගඩු හා අක්මා රෝග, කුරුලෑ වලින් පසු බලපෑම්, ගැබ් ගැනීම, සමේ රෝග විටමින් අසමතුලිතතාවය සහ ආමාශගත රෝග ආදීය ප්‍රධාන තැනක් ගන්නවා. මේ නිසා Pigmentation ඇතිවීම වළක්වා ගන්න ටිකක් අපහසුයි. හැබැයි Pigmentation නිසා ඇතිවන මේ ලප කැලැල් ඉවත් කර ගන්න එක නම් ඔබට නිවසේදී වුනත් මේ ස්වාභාවික ක්‍රම මඟින් කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු මොනවාද ඒ ක්‍රම ටික කියලා.

01. කෝමාරිකා

කෝමාරිකා කියන්නේ විශිෂ්ට මොයිස්චරයිසරයක් විතරක් නෙවේ  පිළිස්සුම් සහ Pigmentation ලප සුව කරන ස්වාභාවික බෙහෙතක්. මේ කෝමාරිකා පත්‍රයේ යුෂ මිරිකා Pigmentation ලප ඇති ස්ථානයයේ ආලේප කර  මිනිත්තු 10 කට පසු සිසිල් ජලයෙන් සෝදා හරින්න.

02. ලෙමන්

Pigmentation ලප ඉවත් කරමින් ඔබේ සම පැහැපත් කර පිරිසිදු කර සහ විෂබීජහරණය කිරීමට ලෙමන් වලට පුළුවන්. මේ ලෙමන් යුෂ මුහුණේ ආලේප කිරීමට පෙර ඔබේ සම පැඟිරි වලට ආසාත්මිකතාවයක් හෝ සංවේදීතාවයක් නොමැති බවට ඔබ තහවුරු කර ගත යුතුයි. මේ ලෙමන් යුෂ මීපැණි සමඟ මිශ්‍ර කර මුහුණෙහි ගල්වා මිනිත්තු 10 කට පසු සිසිල් ජලයෙන් සෝදා හරින්න.

03. සුදුළූණු

සුදුළූණු වල සමට අත්‍යවශ්‍ය සම පෝෂණය කරන තෙල් විශාල ප්‍රමාණයක් අඩංගු වන නිසා ඔබේ සමේ ලප කැලැල් ඉවත් කර පැහැපත් කිරීම සිදු කරයි. ඉතින් සුදුළූණු ගෙඩියක් ගෙන එහි පොතු ඉවත් කර තලා ඔබේ මුහුණේ අතුල්ලන්න. ඉන්පසු සිසිල් ජලයෙන් සෝදා හරින්න.

04. රතු ලූණු

Murunga sudu curry

අප ආහාරයට ගන්නා රතු ලූණු වල වල සල්ෆර් සහ විටමින් C අඩංගු වන නිසා ඒ තුළින්  Pigmentation ලප ඉවත් කිරීමටත් සමේ රැළි ඉවත් කිරීමටත් කුරුලෑ වලට එරෙහිව සටන් කිරීමටත් පුළුවන්. ඉතින් රතු ළූණු ගෙඩියක් ගෙන එහි යුෂ මුහුණේ Pigmentation ලප ඇති  තැන්වල  ආලේප කර මිනිත්තු 10 කට පසු සිසිල් ජලයෙන් සෝදා හරින්න.

05. ඇපල් සයිඩර් විනාකිරි

Pigmentation ලප ඉවත් කර සම පැහැපත් හා සිනිඳු කිරීමට ඇපල් සයිඩර් විනාකිරි වලට පුළුවන්. ඇපල් සයිඩර් විනාකිරි Pigmentation ලප ඇති තැන් වල ගල්වා විනාඩි 20 ක් පමණ තබා සිසිල් ජලයෙන් සෝදා හරින්න.

06. කහ

කහ ස්වල්පයක් සමඟ ස්වාභාවික තැඹිලි යුෂ මිශ්‍ර කර මද රස්සේ දැනෙන තරමට රත් කර Pigmentation ලප ඇති තැන් වල ගල්වා විනාඩි 20 ක් පමණ තබා සිසිල් ජලයෙන් සෝදා හරින්න.

07. යෝගට්

ලැක්ටික් අම්ලය යෝගට් වල අඩංගුව පවතින නිසා ඒ තුළින් සම අලුත් කිරීම, විෂබීජහරණය කිරීම සහ Pigmentation ලප ඉවත් කිරීම සිදු කරයි. යෝගට්  Pigmentation ලප මත ගල්වා විනාඩි 20 ක් පමණ තබා සිසිල් ජලයෙන් සෝදා හරින්න.

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago