සෞඛ්‍ය උපදෙස්

මිනිත්තු දෙකක්වත් යන්නේ නැතුව ඉක්මන් නින්දක් ඹ්න නම් මෙන්න ක්‍රම ටික

සුවපහසු නින්දක් හැමෝටම ඹ්න දෙයක්. කොටින්ම කිව්වොත් අත්‍යාවශ්‍ය දෙයක්. සැපදායක නින්දක් ලැබෙන්නේ නැත්නම් ඔන්න ලෙඩ රෝග බොහොමයකට අතවනන්නයි ඔබ සූදානම් වෙන්නේ. ඒ වගේම තමා සැප නින්දක් නැති කෙනෙක් බොහෝ සෙයින් ආතතියට ලක් වෙලා තමා ඉන්නේ. වර්ථමානය වන විට තිබෙන කාර්යබහුල ජීවිතයත් එක්ක දැඩි ශාරිරික පීඩාවන් වගේම අධික වෙහෙසකරබව නිසා රාත්‍රියේදි නින්ද නොයාම බොහෝ දෙනෙකුටම තියෙන ගැටළුවක්. නමුත් නින්දක් කියන්නේ දවසේ මහන්සිය නිවන අත්‍යවශ්‍යම විවේකයක්.

ඉතින් සැප නින්දක් ගන්න කලින් එයට සුදුසු වටපිටාවක් හදාගන්න ඹ්න. ඉතින් ඔබේ නිදන කාමරය තුළ   සිසිල් අඳුරු සහ නිශ්ශබ්ද වටපිටාවක් ඇතිකරගැනීම වඩාත් සුදුසුය. ඒ නිසා සුවබර නින්දක් ලබාගැනිමට මෙන්න මේ ක්‍රම ටික අත්හදා බලන්නකෝ.

පියවර 1

උරහිස් හොඳින්ම ඔබට හැකි පමණින් පහළ දමන්න. ඉන් පසු එක් අතක ඉහළ බාහුව හා යටි බාහුව ලිහිල් කර ක්‍රමානුකූලව අනෙක් අතේද සිදුකිරීම.

පියවර 2

හණු ප්‍රදේශය, දිව සහ ඇස් වටා පේශීන් ඇතුලුව මුහුණේ තිබෙන සියලු මාංශ පේශීන් ලිහිල් කිරිම.

පියවර 3

නිදහසේ හුස්ම පිටකර පපු ප්‍රදේශය ලිහිල් කරන්න. ඊට පසුව කලවා සිට පතුල් තෙක්  පාද ලිහිල් කිරීම.

පියවර 4

ඇඳට ගොස් තම සිරුර ලිහිල් කරගෙන මනස සැහැල්ලු වූවාට පසු තත්පර 10 කින් සිරුර නින්දට සූදානම්ව පවතිනවා. ඉතින් මනස සන්සුන් කර ගැනීම සඳහා පහත ක්‍රියාකාරකම් තුන සිදු කර බලන්න.ඒ තුළින් මනස සන්සුන් වී කලබලකාරි සිතිවිලි නැති කරවයි.

නිල් අහසක් යට ජලාශයක් මැද නිසසල ජලය මත නවතා ඇති ඔරුවක වැතිරී සිටින අයුරු සිහියට නගා ගන්න.

පැද්දෙන හෝ එල්ලෙන ඇඳක වැතිරී සිටින අයුරු සිහියට නගා ගන්න.

තුන්වනුව “සිතන්න එපා! සිතන්න එපා! සිතන්න එපා!” යනුවෙන් තත්පර 10 ක් පමණ තමන්ටම කියාගන්න.

ඉතින් දිගු කාලීනව ඔබට ලැබිය යුතු නිසි නින්ද නොලැබී ගියහොත් වැඩිම පීඩාවක් එල්ල වන්නේ ඔබේ

මධ්‍යම ස්නායු පද්ධතියටයි. මතකය ආශ්‍රිත ගැටලු හටගැනීම, ප්‍රතිශක්තිකරණය දුර්වල වීම, අධි රුධිර පීඩනය, බර වැඩිවීම, ආතතිය ආදි සෘණාත්මක බලපෑම් හටගැනීම තුළින් ඔබේ සිරුර දැඩි අවධානමක් කරා රැගෙන යන්නට එයට හැකිවේවි. .ඒ නිසා දිනපතා නිසි නින්දක් ලබා ගැනීම ඉතා වැදගත් වේ. ඉතින් මේ පුංචි උපක්‍රම ටිකත් අත්හදා බලන්නකෝ.

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago