තව තව දේවල්

“ඇත්තටම ආදර යෝජනා නම් ගොඩක් එනවා. ඉස්සරහට ඒ දේවල් ගැන සලකා බලමු.” – නිපුනි ගුණවර්ධන

අන්සතු ඔබ’ ගීතය ජනප්‍රිය වූ තරමටම එහි රූප රචනයට රංගනය එක් කළ නිපුනි ගුණවර්ධනත් ජනප්‍රිය වුණා. විශේෂයෙන් ඇගේ වටකුරු මුහුණසහ කළු ලපය බොහෝ දෙනා ඇයව මතකයේ තබාගන්න හේතුවක් බවට ද පත්වුණා. ‘අන්සතු ඔබ’ හි නිපුනි හදිසියේම ‘නාඩගම්කාරයෝ’ නාට්‍යයේ සංවර්ධන නිලධාරිනිය ලෙස සජිත්ට උදව් කරන්න ඇවිත්.

කොහොමද නිපුනි මේ නාට්‍යයට සම්බන්ධ වෙන්නේ?

“‘අන්සතු ඔබ’ වීඩියෝ එකෙන් තමයි බොහෝ දෙනෙක් මාව හඳුනා ගන්නේ. ඒ හැරුණාම තමයි රංගන අයියා මට මේ චරිතයට කතා කළේ. බොහොම කැමැත්තෙන් වැඩේ බාරගත්තා.”

අසම්මත පෙමට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

“කලින් තරමටම තාමත් ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. මම අද කොතැන උන්නත් මිනිස්සු මාව හඳුනාගන්නේ එතැනින්.”

දිගටම සංවර්ධන නෝනගේ චරිතය රඟපානවාද?

“දැනටමත් කොටස් කීපයක් රූපගත කරලා තියෙන්නේ. මේ දවස්වල එහි රූපගත කිරීම්වලට සහභාගි වෙනවා. මම දිගටම නාට්‍යයේ ඉන්නවාදනැද්ද කියලා තීරණය කරන්නේ තිර රචකයා තමයි.”

තවත් නිර්මාණවලට ආරාධනා ලැබෙනවාද?

“මේ දවස්වල නම් ආරාධනා කීපයක්ම ලැබිලා තියෙනවා. ඉදිරියේදී හොඳ නිර්මාණ කීපයකටම සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. බලමු, මොකද වෙන්නේ කියලා.”

මේ දවස්වල ආදර යෝජනා ගොඩක් එනවා ඇති නේද?

“ඇත්තටම ආදර යෝජනා නම් ගොඩක් එනවා. ඉස්සරහට ඒ දේවල් ගැන සලකා බලමු. මේ දවස්වල මගේ රංගන කටයුතු වෙනුවෙන් තමයිකැපකිරීම් කරන්නේ.”

නාඩගම්කාරයෝ තුළ ඔබට විශේෂිත වූ චරිත තිබෙනවාද?

“එහෙම විශේෂයක් නැහැ. නාට්‍යයේ ඉන්න හැම චරිතයක්ම මට විශේෂයි. හැමෝම එක්ක සහයෝගයන් කටයුතු කරගෙන යනවා.”

මේ දවස්වල මොනවද ඔබගේ අලුත් තොරතුරු?

“මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මම වැඩි කාලයක් ගත කරනවා. ඒ වගේම රංගන ශිල්පිනියක හැටියට සාර්ථකව රඟපෑම් කටයුතු කරගෙන යනවා.”

ලැබෙන ප්‍රතිචාර කොහොමද?

“ඉතාමත්ම හොඳ සතුටු විය හැකි ප්‍රතිචාර ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙනවා. පාරේ යන්න බැරි තරමට බොහෝ දෙනාගේ කැමැත්ත හිමිවෙලාතියෙනවා.”

ජීවිතයට අමතක නොවන අත්දැකීම් ලැබිලා ඇති නේද?

“ඒවා නම් බොහොමයි. මේ දිනවල රූපගත කරන නාඩගම්කාරයෝ නාට්‍යයේ හරි අපූරු සිදුවීමක් කියන්නම්කෝ. මෙ නාට්‍යයේ මට ස්කූටියක්පදින්න තියෙනවා. හැබැයි මම මීට කලින් කවදාවත්ම ස්කූටියක් පැදලා තිබුණේ නැහැ. අධ්‍යක්ෂතුමා ස්කූටියක් පදින්න තියෙනවා කියලා කිව්වාමමම හොඳටම බය වුණා. මේ කොටස අනිවාර්යයෙන්ම මම කළ යුතු නිසාම බය පැත්තක තියලා ස්කූටිය පදින්න තීරණය කළා. ජීවිතේට එකතු වෙනහැම දෙයක්ම අලුත් අත්දැකීමක් කරගන්න මම කැමතියි. අවසානයේ බය අමතක කළාම මට ඒ දේ කරගන්න පුළුවන් වුණා. හැබැයි දවසක් මගේඅතින් බයික් එක රේස් වුණා. එදා නම් මම හොඳටම බය වුණා. ඒ සිදුවීමනම් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.”

1

2

3

4

5

6

7

8

9

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago