තව තව දේවල්

උපෙක්ෂා ස්වර්ණමාලිගේ සමාජ මාධ්‍ය කළඹමින් පැතිරුණු අලුත් ඡායාරූප

පහුගිය දවසක මුහුණු පොතට එකතු වෙලා තිබුණු සරාගී ඡායාරූප පෙළක් නිසා උපේක්ෂා පිළිබඳව වන කතාබහ නැවතත් අලුත් වෙලා. සමාජමාධ්‍ය කළඹමින් පැතිරුණු අලුත් ඡායාරූපවල විස්තර දැනගන්න අපි උපේක්ෂාට කතා කළා.

කාලෙකට පස්සේ සරාගී ඡායාරූප කිහිපයක් එක්ක උපේක්ෂා නැවතත් කරළියට ඇවිදින්. කොහොමද ඔබට අර ෆොටෝ ෂූට් එකට ලැබෙනප්‍රතිචාර?

“Raffealla Fernando Celebrity Calendar සඳහා මේ අවුරුද්දේ මමත් සහභාගි වුණා. එහිදී ගත් ෆොටෝ කිහිපයක්ම පහුගිය දවසක ෆේස්බුක්එකේ පළ කළා. ඒ ෆොටෝ මේ තරම් ජනප්‍රිය වෙයි කියලා මම හිතුවේ නෑ. ඇත්තටම කියනවා නම් මම බලාපොරොත්තු වුණාටත් වඩා ප්‍රතිචාර මටලැබුණා. මේ ගැන බොහෝ දෙනෙක් මාත් එක්ක කතා කළා.”

දියණියකගේ මවක් විදිහට මේ වගේ ඡායාරූපයකට පෙනී සිටින්න බයක් තිබුණේ නැද්ද?

“ඒ ෆොටෝවල වැරැද්දක් තියෙනවා කියලාවත් ඒකෙන් කාටවත් බලපෑමක් වෙයි කියලාවත් මම හිතන්නේ නෑ. අවුරුදු දහයක් තිස්සේම මම මේවැඩේට සම්බන්ධ වෙන්න හිතාගෙන හිටියත් විවිධ හේතු නිසා මට සහභාගි වෙන්න නොහැකි වුණා. ඒ නිසා මේ වතාවේ උනන්දුවෙන් සහකැමැත්තෙන් සම්බන්ධ වුණා.”

මේ වගේ දේවල් නිසා අපේ සංස්කෘතියට බලපෑමක් වෙනවා කියලා කවුරුත් චෝදනා කළේ නැද්ද?

“සංස්කෘතිය වගේ කාරණා අරගෙන කිහිප දෙනෙක් විතරක් මේ ෆොටෝ ටික ප්‍රශ්නයක් කර ගත්තා. නමුත් ඒ වගේ ෆොටෝ එකකින් සංස්කෘතියටහානියක් වෙනවා කියලා මම හිතන්නේ නෑ. පිටරටවල කරන වැඩවල මේ වගේ ප්‍රමිතියක් දකිනවා. නමුත් ලංකාවේ මේ වගේ දෙයක් කරන්නේකලාතුරකින්. රංගන ශිල්පීන් ශිල්පිනියන් විදියට අපිට ඒ වගේ අවස්ථාවන් හිමි විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. මේක පින්තූර ගැනිල්ලක්විතරක්ම නෙවෙයි. පින්තූර ගන්න කලින් සූදානමේ ඉඳලා පින්තූරෙ ගත්තට පස්සේත් මේ යටතේ වැඩ කටයුතු රැසක් සිද්ධ වෙනවා. රැෆෙල්ලාකැපවීමෙන් උනන්දුවෙන් මේ වැඩේ ලස්සනට කළා.”

දියණිය ඉන්න නිසා උපේක්ෂාට දැන් ඉස්සර වගේ රඟපෑම සඳහා ආරාධනා ලැබෙන්නේ නෑ කියලා කියන්නේ ඇත්තද?

“මවක් වුණා කියලා රඟපෑම්වලට ලැබෙන ආරාධනා අඩුවෙන්නේ නෑ. නමුත් දරුවන් එක්ක කාර්යබහුල වෙද්දී රඟපෑම සඳහා සහභාගි වන එකටයම්කිසි සීමාවන් දාගන්න සිද්ධ වෙනවා. ලැබෙන චරිත තෝරා බේරාගෙන රංගනයේ නිරත වෙනවා. මේ දවස්වල උදයකාන්ත වර්ණසූරිය අයියගේඅලුත්ම ෆිල්ම් එකට සූදානම් වෙනවා. ඊට අමතරව තවත් නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා.”

‘පානාමංකඩ’ ටෙලි නාට්‍යයේ ලොක්කිට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

“වසුන්දරා (ලොක්කි) කියන්නේ මට ලැබුණ වෙනස්ම චරිතයක්. ගැමි පරිසරයක උඩරට නර්තන ගුරුවරියක් විදියට තමයි මම රඟපාන්නේ. මේකතාවේදී මම කතා කරන විදිහ අඳින පළඳින විදිහ හැමදේම වෙනස්. වෙනත් චරිතවලට වඩා ටිකක් අමාරු චරිතයක් වුණත් මම බොහොමකැමැත්තෙන් ඒ චරිතය රඟපානවා.”

මේ වෙද්දි ලංකාවේ ටෙලි නාට්‍ය සහ සිනමා කලාව ගැන උපේක්ෂාට මොනවාද හිතෙන්නේ?

“අද සිනමාවට සහ ටෙලි නාට්‍ය ගැන කතා කළොත් මේ කර්මාන්තය ඛේදනීය තත්ත්වයකට වැටිලා තියෙනවා කියලා මට හිතෙනවා. අද කලාවකිසිම ප්‍රමිතියක් නැති පිළිවෙළක් නැති තැනක් බවට පත්වෙලා. යම් යම් පිරිස් තවමත් හොඳ නිර්මාණ කරන්න උත්සාහ කරනවා. අඩුම තරමින්ඔවුන්ට මූල්‍යමය වටිනාකමක් තියා අගය කිරීමක්වත් ලැබෙන්නේ නෑ. හොඳ උසස් නිර්මාණ කරලා පාඩු ලබන නිර්මාණකරුවන් බොහෝ දෙනෙක්ඉන්නවා. ලංකාව හැම දෙයක්ම කර්මාන්ත වශයෙන් යම්තාක් දුරට හරි පිළිඅරගෙන තියෙනවා. නමුත් කලාවට ඒ වගේ වටිනාකමක් තවමත් ලැබිලානෑ.”

වෘත්තීමය රඟපෑම අස්ථාවරයි කියලා දැනෙන්නේ නැද්ද?

“එහෙම වුණා කියලා දැනට නම් ව්‍යාපාරයක් පිළිබඳව අවධානය යොමු කරලා නැහැ. තවමත් වෘත්තීමය වශයෙන් රංගනයේ නිරත වෙනවා. මොනදේ වුණත් නැවත දේශපාලනයට එන්නෙ නෑ කියලා තීරණයක් අරගෙන ඉවරයි. ඒ තීරණය වෙනස් වෙන්නෙ නෑ.”

කොහොමද දියණියත් එක්ක ගෙවන ජීවිතය?

“මම මගේ ස්වාමිපුරුෂයාගෙන් වෙන්වෙලා මේ දිනවල දියණියත් එක්ක නිදහසේ සතුටින් ජීවත් වෙනවා.”

1

2

3

4

5

6

7

8

9

10

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago