ඕනෑම කෙනෙක් සතුව යම් හැඩයක් පවතිනවා. ලස්සනක් තියෙනවා. නමුත් සමහරු හිතන්නේ තමන්ගේ මූණ ලස්සන වුන පමණින් ඇය හෝ සුන්දර කෙනෙක් කියලා. නැහැ. කොච්චර තමන් හැඩ වුනත් තමන්ගේ දත් අවපැහැ ගැන්වෙලා නම් එය දකින කෙනාට ප්‍රියතාවයක් ඇති වෙන්නේ නැහැ. මේ හේතුව නිසා සුන්දර හිනාවක් අපිට කාටවත් දෙන්න පුළුවන් කමක් නැහැ. මේ දේ එක්තරා විදියකට හිරිහැරයක් කියන්නත් පුළුවන්. අපේ දත් දෙපළ නීරෝගී වන තරමටම අපේ සිනහව තවත් ලස්සනයි. සාමාන්‍යයෙන් දත් වල ස්වභාවික පැහෑය හා දීප්තිය වයසත් එක්කම හීන වෙලා යනවා. නමුත් වයස්ගත වීමට අමතරව දත් වල කහ හෝ පැල්ලක් ස්වභාවයක් ඇතිවීමට තවත් හේතු බලපායි. දත් වල එනමලය තුනීවීයාම, ජානමය තත්වයන්, කටේ වියළිබව, නාසය අවහිර වීම නිසා කටින් පමණක් හුස්ම ගැනීම, අධික ෆ්ලෝරයිඩ් භාවිතය, මුඛ සෞඛ්‍ය සනීපාරක්ෂාව ගැන අඩු අවධානය, වයින්, තේ, කෝපි හා සෝඩා වැනි පාන වර්ග අධික භාවිතය, ඇතැම් ආහාර වර්ග පරිභෝජනය, ඇතැම් රෝග තත්ත්වයන්, දුම්කොළ හා සිගරට් භාවිතය, දත් වලට බලපෑම් එල්ල වූ කම්පන හෝ අනතුරු සිද්ධි, දත් වල අවපැහැය ඇතිවිමට ප්‍රතිජිවක අධි මාත්‍රාවන් ගැනීම, දේශගුණික තත්ව, ආසාදන හා අක්‍රමවත් පරිවෘත්තිය ක්‍රියාවලිය ආදී හේතු ගණනාවක් මේ සඳහා බලපාන්න පුළුවන්. අන්න ඒ නිසා අපි අද බලමු මේ හිරිහැරයෙන් මිදෙන්න අපිට කරන්න පුළුවන් මොනවද කියලා.
හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්
3% ක හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් තේ හැඳි 1 ක් සහ වතුර තේ හැඳි 1 ක් මිශ්‍ර කර මුවසේදුම් දියරයක් ලෙස දිනකට දෙවරක් භාවිතා කල හැකියි. ඒ වගේම හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් තේ හැඳි 2 ක් බේකිං සෝඩා තේ හැඳි 1 ක් සමඟ මිශ්‍ර කර සතියකට වාර කිහිපයක් සති 2ක් 3ක් පමණ මෘදුව දත් මදින්න. නමුත් අධික භාවිතයෙන් එනමලයට හානිවෙන්න පුළුවන්. නිර්දේශිත ආකාරය බැහැරව නිතර භාවිතයෙන් වැළකී සිටිය යුතුයි.
බේකිං සෝඩා
බේකිං සෝඩා තේ හැඳි 1/4 ක් ගෙන දත් බෙහෙත් ස්වල්පයක් සමඟ දත් බුරුසුවකට දමා දත් මදින්න. අවසානයේ උණුසුම් වතුරෙන් කට සෝදන්න. සතියකට වාර 2 ක් පමණ මෙය අනුගමනය කරන්න. ඒ වගේම විකල්පයක් ලෙස, බේකිං සෝඩා තේ හැඳි 1 ක් වතුර තේ හැඳි 2 ක් සමඟ මිශ්‍ර කර දත් මදින්න. සතිකයට වාර කිහිපයක් මෙය භාවිතා කරන්න. නමුත් බේකිං සෝඩා හෙවත් සෝඩියම් බයිකාබනේට් අධිකව භාවිතා කිරීමෙන් දත් වල ආරක්ෂක එනමලය සීරීම සිදුවිය හැකියි. ඒ නිසා සති කිහිපයකට වඩා නොකරන්න.
පොල් තෙල්
පොල් තෙල් වල ලෝරික් අම්ල ඇති නිසා බැක්ටිරියා මර්දනය කර දත් සුදු කර දීප්තිමත් බවක් ඇතිකරයි. මෙය oil pulling හෙවත් තෙල් ඉරීමේ ක්‍රමය විදියට හඳුන්වනවා. අතිශය පිරිසිදු පොල් තෙල් මේස හැඳි 1 ක් කටට දමාගන්න. තෙල් දත් හරහා දිව මතුපිට ගමන් කරන ලෙස මිනිත්තු 20 ක් පමණ තෙල් කට තුල කළතවන්න. උගුරේ කැළතවීමෙන් වළකින්න. පසුව කෙළ ගසා වතුරෙන් කට හොඳින් සෝදා වෙනදා පරිදි දත් මදින්න. මෙය උදෑසට ආහාර ගැනීමට පෙර නිතිපතා කරන්න.
හීන් මදුරුතලා
හීන් මදුරුතලා නැත්නම් තුල්සි කොළ කිහිපයක් පැය කිහිපයක් අව්වේ වේලාගන්න. ඒවා කුඩු කරගන්න. ඉන් ස්වල්පයක් දත් බෙහෙත් සමඟ බුරුසුවකට දමා දත් මදින්න. හීන් මදුරුතලා කොළ කිහිපයක් අබතෙල් සමඟ අඹරා පේස්ට් එකක් සාදාගන්න. මෙය දත් පිරිසිදු කරගැනීමට පමණක් භාවිතා කරන්න.
දොඩම් පොතු
ඔබ කෑමට ගන්නා දොඩම් පොත්තක් ඔබේ දත් මත මිනිත්තු 2 ක් පමණ අතුල්ලන්න. මද උණුසුම් වතුරෙන් කට සෝදා දිනකට දෙවරක් පමණ මෙය සිදු කරන්න.
ඇපල්
දත් වල කහ පැහැය ඉවත්කරගැනීමට දිනකට ඇපල් ගෙඩියක් හෝ දෙකක් ආහාරයට ගැනීම සුදුසු බව පරීක්ෂ වලින් තහවුරු වෙලා තියෙනවා. මේවා හොඳින් සපන විට ඒවායේ ඇති ආම්ලික ස්වභාවය හා තන්තු බහුල රළු කොටස් දත් පිරිසිදු කරන්න සමත් වෙනවා. ක්‍රන්චි ස්වභාවයේ කැරට්, සැල්දිරි, බ්‍රොකොලි, පිපිඤ්ඤා වගේ ආහාර ද මේ සඳහා ඉතා සුදුසුයි.
ඇපල් සයිඩර් විනාකිරි
අමු, නොපෙරූ ඇපල් සයිඩර් විනාකිරි සහ වතුර සමාන කොටස් වලින් ගෙන මිශ්‍ර කරන්න. මුව තුළට උගුරක් දමාගෙන මිනිත්තුවක් පමණ කට කළතවා හොඳින් සාමාන්‍ය වතුරෙන් කට සෝදන්න. කිහිපවරක් සතියක් පමණ කරන්න. නමුත් ඇපල් සයිඩර් විනාකිරි අධි භාවිතය එනමලයට හානි ඇතිකරවන්න පුළුවන්.
කුඩා කොහොඹ දඬු
කොහොඹ රිකිලි කොටසක් දත් බුරුසුවක් ලෙස භාවිතා කරමින් දිනපතා දත් පිරිසිදු කරගන්න. අග යන්තම් සපමින් කුහු ස්වභාවයක් ඇතිකරගන්න. පසුව එම කොටස දත් මත මෘදුව අතුල්ලා දත් මදින්න.කොහොඹ කොළ යුෂ නිස්සාරණය කර ඒවා ස්වල්පයක් දත් වල ගල්වා අතුල්ලන්න. මිනිත්තු කිහිපයක් තිබෙන්නට හැර මෘදු කෙඳි ඇති බුරුසුවකින් දත් මදින්න. අවසානයේ උණුසුම් වතුරෙන් කට සෝදන්න. ඒ වගේම කොහොඹ තෙල් බිංදු කිහිපයක් දත් බෙහෙත් සමඟ මුසු කර බුරුසුවකින් දත් මදින්න.
කහ පේස්ට්
කහ කුඩු තේ හැඳි 1 ක් සහ වතුර තේ හැඳි 1 ක් මිශ්‍ර කර පේස්ට් එකක් සාදාගන්න. ඒවා මිනිත්තු 2 ක් පමණ දත් මැද නැවත නැවත වතුරෙන් කට සෝදන්න. දිනකට එක්වරක් කරන්න. විකල්පයක් ලෙස, වියළි කාබනික කහ මුල් ස්වල්පයක් කුඩු කර තේ හැඳි 4 ක් බඳුන්කට දමන්න. ඊට බේකිං සෝඩා තේ හැඳි 2 ක් හා පිරිසිදු කාබනික පොල් තෙල් මේස හැඳි 3 ක් දමා කළවම් කර දිනකට දෙවරක් දත් මැදිම සිදු කරන්න.
ස්ට්‍රෝබෙරි
ස්ට්‍රෝබෙරි ගෙඩි 2 ක් හොඳින් අඹරාගන්න. ඉන් ස්වල්පයක් ගෙන දත් වල අතුල්ලන්න. සති කිහිපයක් යන තුරු දිනකට දෙවරක් මේ පිළියම සිදු කරන්න. විකල්පයක් ලෙස, ස්ට්‍රෝබෙරි ගෙඩියක් පොඩි කර බේකිං සෝඩා තේ හැඳි 1/2 සමඟ මිශ්‍ර කරන්න. දත් වල මේවා ගල්වා මිනිත්තු කිහිපයක් තිබෙන්නට හැර කට සෝදා සාමාන්‍ය ලෙස දත් මදින්න.
ඒ වගේම දත් කහ වීම වළක්වාගැනීමට දිනකට දෙවරක් දත් මැදීම, දිනකට එක්වරක් හෝ ඩෙන්ටල් ෆ්ලොස් වලින් දත් පිරිසිදු කරගැනීම, බැක්ටීරියානාශක මුවසේදුම්දියරයක් භාවිතා කිරීම, කාබනීකෘත බීම වර්ග පානය කිරීමෙන් පසු කට වතුරෙන් සෝදා හැරීම, කෝපි, තේ ඇතුළු දත් වල කහට ඇතිකරන වෙනත් ආහාර පාන පරිභෝජනය සීමා කිරීම, මාස 6 කට වරක් ඔබේ දන්ත වෛද්‍යවරයා වෙත යොමු වී දන්ත සෞඛ්‍ය පරික්ෂා කරගැනීම, දුම්බීමෙන් වැළකීම, දුම්කොළ කෑමෙන් වැළකීම සිදු කරන්න.මේවා දත් වල කහට පැල්ලම් ඇතිකරනවා සේම විදුරුමස් රෝග පමණක් නොව මුඛ පිළිකා වර්ධනය වීමට පවා හේතු කාරණා වෙනවා. දත්වල බරපතල දුර්වර්ණ වීමක් හෝ පැල්ලම් බැඳි ඇති බවක් දැකිය හැකිනම් අහේතුකව දත් වල අසාමාන්‍ය අවපැහැයක් ඇති වී ඇත්නම් හෝ ඒත් සමඟම වෙනත් රෝග ලක්ෂණ අත්දැකින්නේ නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවීමට සැළකිලිමත්වන්න.
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…
1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…
"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…
අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…
පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…