පුද්ගලයෙක්ගේ චරිතයක් මනින කොට මුහුණට හිමිවන්නේ වැදගත් ස්ථානයක්. එයිනුත් තොල් වලට ලැබෙන්නේ විශේෂ තැනක්. ඹ්නෑම කෙනෙක්ගේ ඇස් යන තැනක් තමා තොල් කියලා කියන්නේ. සාමාන්‍යයෙන් අපි අපේ සිතුවිලි වාචිකව ප්‍රකාශ කරන නිසා ඒ තුළින් අපගේ චරිත ලක්ෂණ, හැසිරීම හා මානසික තත්ත්වය හෙළි කරයි. ඉතින් අද අපි බලමු මේ හැඩකාර තොල් වලින් කියවෙන්නේ මොකක්ද කියලා.
ඉතා චරිතවත් ජීවිතයට ආදරය කරන පිරිසක් වන මොවුන් . ඔවුන්ට තමන් ගැන උසස් අදහසක් ඇති කර ගෙන ඉන්නවා. වටපිටාවේ ඉන්න අනිකුත් අය තමන් වෙත ඇද ගැනීමේ හැකියාවක් ඔවුන්ට තියෙනවා. ඒ වගේම ඔවුන් අන් අයගේ අවධානයට ලක් වෙන්න ගොඩක් ආසයි. අනිත් පිරිස් අතර ඉද්දී ඉතා විනෝදකාමීව, හාස්‍යජනක ප්‍රකාශ ඉදිරිපත් කරමින් ඉන්න හරි දක්ෂයි.
මේ පුද්ගලයින් හුදෙක් රැකබලා ගැනීම සඳහා මෙලොවට බිහි වු අය බව සැලකෙනවා. පුංචි කාලේ ඉදන් පූස් පැටියෙක් බලු පැටියෙක් හරි නිවසට රැගෙන ගොස් කවා පොවා රැක බලා ගැනීමට මොවුන් ආසයි. සහජ බුද්ධියක් සතු මොවුන් අන් අය ආරක්ෂා කිරීමට ආශාවක් සතුවන්නන් වෙනවා. ඕනෑම පීඩනකාරී කරදරකාරී අවස්ථාවකදී ඔවුන් මුලින්ම සිතන්නේ අනෙක් පුද්ගලයින් ගැන. දිනක මෙවැනි අය ඉතා හොඳ දෙමාපියන් බවට පත් වෙති.
ගැටළුවක් ප්‍රශ්නයක් නිරාකරණය කර ගැනීමේ සහජ බුද්ධිය මොවුන් සතුයි. අනෙක් අයට මනාව සවන්දීමෙන් ඔවුන්ට මේ හැකියාව ලැබී ඇත. අන් අයගේ විවේචන හමුවේ මොවුන් කිසි විටකත් අධෛර්යමත් වන්නේ නෑ වගේම තමන්ගේ අඩුපාඩු නිවැරදි කර ගැනීමටත් ඔවුන් පුරුදු ව සිටිනවා. එබැවින් ඔවුන් සැමවිටම අන් අයගේ අදහස්,යෝජනා චෝදනා ඉතා උසස් කොට සලකනවා. මේ අයව රැවැට්ටීම මුලා කිරීම පහසු දෙයක් නොවන අතර ඕනෑ ම පීඩනයක් ගැටළුවක් හමුවේ සිනා මුසු මුහුනින් ඒවාට මුහුණ දීමේ විශේෂ ශක්තිය ඔවුන් සතු ය.
නව අදහස් වලින් යුක්ත ඉතා නිර්මාණශීලී මොවුන් මෙලොවට බිහි වී ඇත්තේ ලෝකය ලස්සන කිරීමට යැයි සැලකෙනවා. වෙනත් කෙනෙකු යටතේ සිදුකරන රැකියාවක් කිරීමට සුදුසු නැත. මොවුන් කැමති තමන්ගෙම රැකියාවකට. මොකද ඔවුන්ට ඹ්න ජව සම්පන්න ජීවන රටාවක්. දැඩි සමාජශීලී පිරිසක් වන මොවුන් නව පුද්ගල සබඳතා ඇති කර ගැනීමට ඉතාමත් ප්‍රිය කරනවා. විවිධ තැන් වල සංචාරය කරන්නත් ප්‍රිය මොවුන් අලුත් ත්‍රාසජනක අත්දැකීම් ලබ ගන්නත් ගොඩක් කැමතියි.
මොවුන් බොහෝ විට දක්‍ෂ චිත්‍රශිල්පීන් කතෘවරැන් හෝ සංගීත්ඥයින් බවට පත්වේ. කෙනෙක්ගේ මුහුණ සහ නම් සිහිපත් කිරීමේදී ඔවුන්ට විශිෂ්ට මතක ශක්තියක් ඇත. ඉතින් මොවුන් දන්නා සෑම කෙනෙකු සමඟම සම්බන්ධතා පවත්වන අතරම වටපිටාවේ සිදුවන සියළු දේ ගැන දැනුවත්. දැඩි සමාජශීලී පිරිසක් වන මොවුන් සෑම විට ම තම අදහස් නොසඟවා ඉදිරිපත් කිරීමට උත්සාහ කරනවා. තමන් විසින් නියලෙන ඹ්නම වැඩක උපරිම සාර්ථකත්වයක් ලබා ගන්න මොවුන් දක්ෂයි.
මොවුන් බොහෝ විට තනිකඩයි. ඒ ඔවුන් එසේ සිටීමට වැඩි කැමැත්තක් දක්වන නිසා. විනෝද ගමනක් ගියා වුවද ඔවුන් තෝරා ගැනීමට කැමති හුදෙකලාවේ ගත කළ හැකි ස්ථාන පමණයි. නමුත් මොවුන් අනෙක් පිරිස අතර ජනප්‍රිය පුද්ගලයෙකු වීමට දක්ෂ වන අතරම අන් අයගේ දක්ෂතා අගය කිරීමටත් මොවුන් දක්ෂයි.
බොහෝ විට දයානුකම්පිත සංවේදී හා කාරුණිකයි. ඔබට එන ඕනෑම අවාසනාවන්ත කාලයකදී ඔබ දැඩි ලෙස කලබලයට පත් වෙනවා. ඒ වගේම අන් අයට උපකාර කිරීමටත් සැමවිටම කාලය සොයා ගන්නවා වගේම අසරණයන්ට උදව් කරන්නත් ඔබ අවට ලෝකය රැකබලා ගැනීමටත් ඔවුන් උත්සුක වෙනවා.
කුඩා මහත තොල් පිහිටා අනිවාර්යයෙන්ම දඟකාර නොහොබිනා විසේකාර චරිතයක් වෙන්න පුළුවන්. ඔබේ සිත කෙලෙස හෝ පිනවා ගැනීම ප්‍රධාන ප්‍රධාන අරමුණ වේනවා. තමන් තමන් ගැනම තැකීමක් නොකරන මොවුන් තරමක් ආත්මාර්ථකාමී චරිතයක් වෙනවා. ඒ වගේම තමන්ගේ මිතුරන් ගොඩක් විශ්වාස කරනවා. ඒ නිසා ඔවුන් ද ඔබ ගැන දැඩි විශ්වාසයකින් කටයුතු කරනවා. ඒ වගේම කම්සැප කෙරෙහි වැඩි කැමැත්තක් දක්වනවා.
වඩාත්ම වගකීම් සහගත හා විශ්වාසදායක පුද්ගලයන් මොවුන් සේ සලකයි . පටන් ගන්නා ඹ්නෑම දෙයක් නියමිත වේලාවට නිසි ලෙස අවසන් කිරීමට ඔවුන්ට පුළුවන්. ඕනෑම අවස්ථාවක මොවුන් විශ්වාස කරන්න පුළුවන්. ඉතා සරල ලෙස ජීවත් වීමට ප්‍රිය කරන නිසා මොවුන්තේ ජීවිතයේ ගැටළු අඩුයි.
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…
1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…
"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…
අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…
පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…