ජීවිතයට වැදගත්

මේ දේවල් ඔයා ළඟත් තියෙනවා ජීවිත කාලෙම ඔයා සතුටින්

අපි මේ කාර්යබහුල ජීවිතේ එක්ක මේච්චර ඔට්ටු වෙන්නේ හැම දෙයක්ම කරන්නේ අපි අනාගතේ සතුටින් ඉන්න ඹ්න නිසානේ. ඒ වෙනුවෙන් අපි ගොඩක් මහන්සි වෙනවා. නමුත් සිදුවන පොඩි පොඩි අතපසු වීම් සහ දුර්වලතා නිසා ඒ සතුට අපිට අහිමි වෙන වෙලාවල් එනවා. හැබැයි අන්න ඒ සිදු වන පොඩි පොඩි වැරදි අපි හරියට වටහා ගත්තොත් ඒවා නිවැරදි කර ගත්තොත් අපිට පුළුවන් සතුටින් අපේ ජීවිතේ ගත කරන්න. ඉතින් අපි බලමු අපි මේවා පෙළගස්සවා ගන්නේ කොහොමද කියලා.

නිවැරදි තීරණ

නිවරදි තීරණ නිවරදි වේලාවේ නොගැනීම නිසා අපි ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙනවා. ඊට පස්සේ ඇති තරම් පසුතැවෙනවා. අන්න ඒ නිසා තීරණ ගනිද්දී හැම වෙලාවකම හොඳ සිහි කල්පනාවෙන් යුතුව තීරණ ගන්න ඹ්න. හැඟීම්බරව ඉන්න වෙලාවට කිසිම විදියක තීරණ ගන්න යන්න එපා. මොකද අන්න ඒ වේලාවට ගන්න තීරණ නිසා තමා අපි ගොඩක් දුරට පසුතැවිලි වෙන්නේ. නිවැරදි සිහියෙන් හා බුද්ධිමත්ව ඉන්න වේලාවක ගන්න තීරණ නිසා කවදාවත් ඔයාට දුක් වෙන්න හේතුවක් එන එකක් නැහැ.

සංවිධානාත්මක බව

සංවිධානාත්මක බව ඹ්නෑම වේලාවක  අවුල් වියවුල් ඇති නොවෙන්න බලපාන දෙයක්. තමන්ට පුළුවන් නම් ගෙදරයි රැකියාවයි හරියට පිළිවෙලට සංවිධානය කරන්න, අන්න ඔබට පුළුවන් සතුටින් සියලු දේ කරගන්න. මේ තුළින් එදිනෙදා ඇති වෙන ප්‍රශ්න ගොඩාක් අවම කර ගන්නත් පුළුවන්.

අනිත් අයව විවේචනය කිරීමෙන් වැළකීම

තමන්ගේ සතුට තියෙන්නේ තමන් ගාව. ඉතින් අනවශ්‍ය ප්‍රශන් ඇඟට දාගන් නැතුව ඉන්න එක තමාගේ වැඩක්. ඒකම තමන්ගේ සතුට නැති කරන්නත්, නැති ප්‍රශ්න ඇතිවෙන්නත් බලපානවා. තමුන් නිතරම අනිත් අයව විවේචනය කරනවා නම්,  ඔයාට පේන්නේ අනිත් අයගේ වැරදීම කිය කිය ඉන්නවනම්  කිසිම කෙනෙක් ඔයාට කැමති වෙන්නේ නැහැ. විශේෂයෙන් ආදර සම්බන්ධතා වලදී ඔයාට එයාගේ හොඳක් පෙන්නේම නැත්තන් ඔයාගේ ආදරේට කණ කොකා හඩන්න වැඩි කාලයක් යන එකක් නැහැ.

හැමෝම එක්ක මනා සන්නිවේදනයක් ගැනීම

ගොඩක් වේලාවට අපිට නිවැරදි සන්නිවේදයක් නැති වුනාම ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසාවෙන් ගොඩාක් වෙලාවට එකිනෙකා අතරේ ගැටුම් නිර්මාණය වෙනවා. ගෙදරදී, රැකියා ස්ථානයේ, යාලුවෝ එක්ක වගේම පෙම්වතා, සැමියා සහ දරුවන් එක්ක පවා හොඳ සන්නිවේදනයක් නැත්නම් ඔයාගේ මේ සම්බන්ධතාවයක් ඔයාගෙන් ගිලිහී යන්න යාවී. එකිනෙකාගේ සිතුවිලි හොඳින් හඳුනා ගෙන හොඳින් තේරුම් ගෙන ඉන්න පුළුවන් නම්  හැමදාම සතුටට බාධා වෙන දේවල් සිද්ධ වෙන එකක් නම් නැහැ.

වෙලාවට වැඩ කිරීම

ආපෝ එයාට වේලාවට වැඩක් කරන්න බැහැ. හැමදාම පරක්කුයි අන්න ඔය වගේ කතා අහන කෙනෙක් නම් ඔබ ඉතින් කියන්න තියෙන්නේ ඔබේ මේ පුරුද්ද හැකි ඉක්මණින් නැති කර ගන්න ඹ්න කියලා තමා. හැමදාම office එකට යන්නේ පරක්කු වෙලා නම් තමන්ගේ පෙම්වතා පෙම්වතිය හම්බෙන්න යන්නේ පැයක දෙකක් කට්ටක් කන්න වෙන විදියට නම් බැනුම්, හිත් රිදීම් අනන්තයි. අන්න ඒ නිසා වේලාවට වැඩ කරන කෙනෙක් වෙන්න පුරුදු වෙන්න. ඒ හොඳ පුරුද්ද ඔයාව ඉහළ තැනකට රැගෙන යාවී.

විශ්වසනීයත්වය

විශ්වාසයක් නැත්නම් කිසිම බැඳීමක් මේ ලෝකේ පවතින්නේ නැහැ. ඒ නිසා අනිත් අය තුළ ඔයා ගැන විශ්වාසය ගොඩ නගා ගන්න එක නම් අනිවාර්යයි. ඒ නිසා කවදාවත් කිසිම වේලාවක විශ්වාසය කැඩෙන දේවල් කරන්න යන්න එපා. කිසි දිනෙක තව කෙනෙක්ට බොරුවක් කරන්න එපා. විශ්වාසය කියන්නේ ඉක්මණින් හඳාගන්න බැරි දෙයක් වගේම හරිම ඉක්මනින් බිඳෙන දෙයක්. ඒ නිසා විශ්වාසයක් හරිම පරිස්සමට රැක ගන්න ඕන. එහෙම නොවුනොත් අනිත් අය අතරින් ඔයාව ඉක්මණින්  ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්. ඉතින් එහෙම වුනොත් ඔබ කොහොමද ජීවතේ සතුටින් ගත කරන්නේ.

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago