හැඩට ලස්සනට ප්‍රියමනාපව ඉන්න අපි හැමෝම හරි කැමතියි නෙහ්. අන්න ඒ ගැන කතා කරනකොට ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව හිසකෙස් වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. හිස්කෙස් කෙනෙකුගේ පෞරුෂත්වය, තරුණ බව පෙන්නුම් කිරීමට ප්‍රධානතම සාධකයක් විදියට හඳුන්වන්න පුළුවන්. හැබැයි අපි හැමෝම කැමති මේ හිසකෙස් අකලට සුදු වෙන එක නම් බහුලව දකින්නට ලැබෙන දෙයක්. ඉතින් අද අපි ඔයාලා හැමෝම පීඩා විඳින මේ ගැටළුවට ප්‍රතිකර්ම කිහිපයක් ගෙන ආවා.
1. කීකිරිඳිය, මුකුණුවැන්න, ගොටුකොළ, එළකිරි හෝ ජලය සමග මිශ්‍ර කොට අඹරා ආලේප කරන්න.
2. කරපිංචා කොළ පොල් තෙල්වල බැද පසුව එම කොළ ඉවත් කර ලබාගන්නා තෙල් වලින් හිස ගැල්වීම ඉතා සුදුසුය. මෙයද කෙස්වලට වටිනා පෝෂණ කාරණයකි.
3. ගොටුකොළ, මොනරකුඩුම්බිය, ඉරමුසු, මුකුණුවැන්න, කීකිරිඳිය, නෙළුම් අල, හාතාවාරිය, පොල් පලා, කරපිංචා, ලුනුවිල යන ද්‍රව්‍ය වලින් කුමන වර්ගයකින් හෝ සාදාගන්නා ලද කැඳ වර්ගයක් සතියකට දින තුනක් පමණ පානය කිරීම ඉතාම සුදුසුයි.
4. කෝමාරිකා මදය, බිත්තර කහමදය සමඟ මිශ්‍ර කොට ආලේප කිරීමත් ඉතා සුදුසුයි.
5. දෙහි කොළ යුෂ, දෙහි යුෂ සහ පොල්කිරි හිරු එළියෙන් රත්වන්නට තබා ආලේප කිරිම.
6. අමු නෙල්ලි,දෙහි යුෂ සමග මිශ්‍ර කොට නෑමට පෙර හිසෙහි ආලේප කිරීම.
7. නෙල්ලි ගෙඩි කෙස් වර්ධනයට යොදා ගන්නා වටිනා ඹෞෂධයක්. නෙල්ලි ගෙඩි කැබැලි කර පවනේ වියළා පොල් තෙල් සමඟ රත්කර සාදා ගන්නා තෙල් දිනපතා ගා මසාජ් කිරීමෙන් හිස කෙස් අකලට සුදු වීම පාලනය කරගන්න පුළුවන්.
8. අරලු, බුළු, නෙල්ලි, නිල් අවරිය පත්‍ර, ලෝහ අළු හා කීකිරිඳිය සමාන ප්‍රමාණයෙන් ගෙන බැටලු මුත්‍රා වලින් අඹරා කෙස්වල ආලේප කිරීමෙන් හිස කෙස් කළු පැහැ වේ.
9. නෙල්ලි ගෙඩි ඉස්ම ස්වල්පයකට දෙහි ඇඹුල් බින්දු කිහිපයක් මිශ්‍ර කර හිස ගල්වා මසාජ් කරන්න. මේ මඟින් කෙස්වල පෝෂණය වැඩි වී නව කෙස් කළු පැහැයට පත් වේවි.
10.හෙනා පත්‍ර පොල් තෙල්වල බැද පසුව එම පත්‍ර ඉවත්කර තෙල් හිසේ ගැල්වීම මඟින් කෙස් කළු පාට වේ. හෙනා පත්‍ර පොල් තෙලින් අඹරා එම කල්කය කෙස්වල ගෑමෙන්ද කෙස් කළු පාට කරගන්න පුළුවන්.
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…
1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…
"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…
අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…
පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…