ළදරු නිශ්පාදන අලෙවි කරන්නේ ඔබට ඒවා මිල දී ගැනීමට සිතෙන ආකාරයටයි. ඇත්ත කතාව නම් ඒවායේ හොඳ දේවල් වලට වඩා කිසි සේත්ම භාවිතයට නුසුදුසු දේ අඩංගු වීමයි. සමහර ළදරු නිශ්පාදන වල පිළිකාකාරක ද්‍රව්‍ය අඩංගුයි කියලා මොහොතකටවත් ඔබ සිතුවාද?
පොඩි බබාලාගේ නිශ්පාදන අලෙවි කරන, ඩොලර් මිලියන ගණන් ලාභ උපයන විවිධ ආයතන පොරොන්දු වෙනවා ඔවුන්ගේ නිශ්පාදනයන් ළදරු සමට ඉතාම හිතකරයි කියලා.
ළදරු නිශ්පාදන අලෙවි කරන සමාගම් කියන දේ සත්‍යද?
ඒ වගේම ඔවුන් කියනවා ඔවුන්ගේ නිශ්පාදනයන් භාවිතා කලාම ළදරු සම අලුත උපන්දා වගේම මොළකැටිව,නිරෝගීව තියෙනවා කියලා.
ඒවායේ අඩංගු දේවල් පිළිකාකරක ද්‍රව්‍ය බවට ඔවුන් නොදැන ඉන්නවා වෙන්නට බැහැ නේද? එවැනි නිශ්පාදනයන් ළදරුවන්ග භාවිතා නොකරන තරමට ඔවුන්ගේ සම නිරෝගී වෙනවා.
ඔබ දන්නවාද මේවා පිළිකාකාරක ද්‍රව්‍ය කියලා?
අනිත් කාරණාව තමයි ඔබේ ළදරුවා මෙවැනි නිශ්පාදන භාවිතා කරන වාරයක් පාසාම ඔබේ දරුවාගේ සිරුරට විෂ රසායනිකයන් එකතු වෙනවා. ඒවා පිළිකාකාරක ද්‍රව්‍ය බවට තහවුරු වීද තිබෙනවා.
බබාට භාවිතා කල හැකි පිළිකාකාරක ද්‍රව්‍ය නොවන ස්වාභාවික දේවල්
හොඳම විසඳුම තමයි නිරන්තරයෙන්ම ස්වාභාවික දේවල් පමණක් දරුවාට භාවිතා කරන එක. උදාහරණයක් විදියට ඔලිව් තෙල්, ආමන්ඩ් තෙල්, පොල් තෙල්, පොල් කිරි වගේ දේවල් ආලේප කරලා සියුම් මසාජ් එකක් බබාට දීලා නහවන්නට පුලුවන්.
මේවායේ පිළිකාකාරක ද්‍රව්‍ය අඩංගු වෙන්නේ නැති නිසා ඉතාම හිතකරයි.
එහෙම නැත්නම් සබන් රහිත ළදරු සේදුම් ද්‍රව්‍යක් භාවිතා කරන්නට පුලුවන්.
කොහොම උනත් සබන් වර්ග නිරතුරු භාවිතා නොකරනවා නම් ඉතාම සුදුසුයි. (බබාට භාවිතා කරන ඕනිම දෙයක් ඔබට ඔබේ මුඛය තුල දමා ගන්නට බැරි දෙයක් නම් ඒවා දරුවාට භාවිතා කරන්න එපා.)
පිළිකාකාරක ද්‍රව්‍ය දරුවාට භාවිතා කරලා හරි සුවඳ හමන දරුවෙක්ද වැදගත්?
ඔබේ දරුවා නිතරම ළදරු සුවඳින් යුක්ත වෙන්නට කිසිම අවශ්‍යතාවයක් නෑ.
ඔබට ඉන්නේ නිරෝගීව, ක්‍රියාශීලීව ඉන්නවා නම් දරුවෙක් නම් ඒක තමයි වටිනම් දේ.
ළදරු සුවඳ අනිවාර්‍ය අංගයක් නෙමෙයි. පිළිකාකාරක ද්‍රව්‍ය ඇඟට පුරවලා ඇයි දරුවා නිකන් ලෙඩ කරන්නේ?
අපි අද ඔබට කියනවා ළදරු නිශ්පාදන වල තිබෙන පිළිකාකාරක ද්‍රව්‍ය 6ක්.
නිරතුරුවම බබාට දෙයක් මිල දී ගන්නකොට අඩංගු ද්‍රව්‍ය තීරුව කියවලා බලන්න මේ දේවල් අඩංගුද කියලා. අඩංගුයි නම් අනිවාර්යයෙන්ම ඒ දේ බබාට මිල දී ගන්න එපා.
මේ විස්තර සොයා ගැනීමත් සමඟම 1990 වසරේ සිට ළදරු පවුඩර් නිශ්පාදනය කරන ආයතන ටැල්ක් රහිතව පවුඩර් නිශ්පාදනය කරන බව පැවසුවත් ඔවුන් ඊට යොදා ගන්නා අමුද්‍රව්‍ය තවමත් ප්‍රශ්නයට තුඩු දෙනවා.
සුවඳ පිළිකාකාරක ද්‍රව්‍ය වලින් එකක්ද? සමාගම් මොකද කියන්නේ?
සුවඳ පිළිබඳ තිබෙන ගැටළුව නම් සමාගමක් පවසන්නේ නෑ සුවඳකාරක ලෙස එකතු කරන ද්‍රව්‍ය ගැන නිවැරදි විස්තරයක්. (‘සුවඳ’ තුළ අඩංගු දේ හෙළි කිරීමට ඔවුන් බැඳී නොමැත).
ඒවා සාමාන්‍යයෙන් ගල් අඟුරු හා ඛනිජ තෙල් වලින් ලබාගත් කෘතිම රසායනික ද්‍රව්‍ය වලින් සාදා ඇති බව නම් කිව යුතුමය.
මෙම සුවඳකාරක ද්‍රව්‍ය වල බලපෑම දීර්ඝකාලීනයි. සම මත මෙම සුවඳකාරක ද්‍රව්‍ය වැඩි වේලාවක් රැඳී පවතිනවා.
එය සමට, කොණ්ඩයට අහිතකර වෙනවා.
ඇදුම රෝගයට බලපෑමක් තියෙනවාද?
කාලාන්තරයක් තිස්සේ සුවඳ කාරක නිශ්පාදනයන්ට නිරාවරණය වූවාම එය ඇදුම ඇති වීමට වැඩි ඉඩක් පවතින බව සොයාගෙන තිබෙනවා.
ඉවත දැමිය හැකි ඩයපර් වල සමහර වෙලාවට සුවඳ එකතු කරලා නිශ්පාදනය කරලා තිබෙනවා.
ළදරු පවුඩර්, ළදරු සේදුම් ද්‍රව්‍ය සහ ෂැම්පූ සහ තවත් බොහෝ ළදරු නිෂ්පාදන වල සුවඳ ද්‍රව්‍ය අඩංගු වෙනවා.
ඔබ ළදරු නිශ්පාදනයක් මිලදී ගැනීමට පෙර ලේබලයේ අඩංගු ද්‍රව්‍ය ගැන ප්‍රවේශමෙන් පරීක්ෂා කරන්න. පිළිකාකාරක ද්‍රව්‍ය අඩංගු නොවන බවට තහවුරු කර ගන්න.
Wet Wipes(ළදරු පිසදැමීම් සඳහා ගන්නා කඩදාසි නරකද?
මෙම රසායනික ද්‍රව්‍ය බොහෝ විට අපිට සොයා ගන්නට ලැබෙන්නේ ළදරුවන් පිසදැමීමට ගන්නා ටිෂූස් වල. (Wet Wipes).
ඒවා ළදරුවන් වෙනුවෙන් ආරක්ෂිත නොවේ. ලේබලය දෙස හොඳින් බැලුවොත් ඔබ දකීවි එහි පොලිඑතිලීන් ග්ලයිකෝල් (පී.ඊ.ජී) සහ පොලි ප්‍රොපිලීන් ග්ලයිකෝල් (පී.පී.ජී) අඩංගු බව.
Wet wipes වෙනුවට භාවිතා කල හැකි දේ?
ලදරුවන් පිස දමන විට ඔබ නිවසේ සකස් කර ගත් ඉවත දැමිහ හැකි රෙදි කැබලි භාවිතා කරන එක හැම අතින්ම ආරක්ෂිතයි.
නැත්නම් සේදිය හැකි රෙදි කැබැල්ලක්, උණුසුම් ජලය සහ සබන් යොදා ගන්න පුලුවන්.
රූපලාවණ්‍ය නිශ්පාදන වලත් මේවා තියෙනවා. බලාගෙනයි..
රූපලාවණ්‍ය නිශ්පාදන වලත් මේ සංයෝගය එතීලීන් ඔක්සයිඩ් ලෙස අන්තර්ගත වෙනවා.
මේ සංයෝගය ප්‍රබල පියයුරු පිළිකාකාරක ද්‍රව්‍ය වලින් එකක් වෙනවා.
බබාට හරි ඔබට හරි නිශ්පාදයක් මිලට ගන්න කලින් ලේබලයේ පොලිඑතිලීන්, පොලිඑතිලීන් ග්ලයිකෝල්, සෝඩියම් ලෝරෙත් සල්ෆේට්, සීටෙයරෙත්, ඔලෙත්, ඔක්සිනෝල්, -සයිනෝල් සහ පීඊජී අඩංගුයි කියා තිබුනොත් එම නිශ්පාදන මිලට ගන්න එපා. ඒවායේ 1,4 ඩයොක්සෑන් අඩංගු වෙනවා.
පැරබන් අඩංගු මොනවායේද?
අවාසනාවකට පැරබන් හැමතැනකම තියෙනවා. සබන්, ශැම්පූ, මොයිෂ්චරයිසර් වර්ග වල, ශරීර සේදුම්කාරක වල වගේ ළදරුවන් ඉලක්ක කර නිශ්පාදනය කරන හැම ආලේපයකම වගේ මේ පිළිකාකාරක ද්‍රව්‍ය අඩංගු වෙනවා.
පැරබන් නිසා මොකද වෙන්නේ?
පැරබන් කියන්නේ ස්නායුක විෂ වීම් ඇති වෙන්න පුලුවන් සංයෝගයක්. පසු කාලීනව ප්‍රජනක කාර්‍යයට හානිදායක වෙන්නත් පුලුවන්. සමට අහිතකරයි. සම කැසීම වගේ අපහසුතා එන්නත් පුලුවන්. ඒ වගේම සිරුරේ හෝමෝන අසමතුලිත කරන්නට පැරබන් සතුරාට පුලුවන්.
මතක ඇතුව ඔබේ දරුවාට නිශ්පාදනයන් මිලට ගනිද්දි ඒවායේ පැරබන් අඩංගුදැයි හොඳින් සොයා බලන්න.
මේ පිළිකාකාරක ද්‍රව්‍ය අඩංගු නැති දේවල් බබාට මිලට ගන්නට ප්‍රවේසම් වන්න.
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…
1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…
"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…
අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…
පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…