වයසට යාම ස්වභාවික ක්‍රියාවලියකි. සෑම තත්පරයක් පාසාම, ඔබේ සෛල වයසට යනු ලබයි. එසේ වුවත් තරුණ, ලස්සන, රැළි වලින් තොර සමක් දිගු කාලයක් පවත්වා ගෙන යන්න අපි හැමෝම කැමැත්තක් දක්වනු ලබයි. නමුත් කණගාටුවට කරුණ නම් වයසට යාමටත් පෙර බොහෝ දෙනෙක්ගේ සම රැළි වැටී තිබීමයි. විශේෂයෙන් බොහොමයක් පුද්ගලයන්ගේ අකලට, සම මත රැළි ඇති වී තිබෙන බව බොහෝ දුරට අපට දක්නට ලැබෙනවා.
ඉතින් මෙලෙස අකලට සම මත රැළි ඇති වීම මඟින් ඔබේ සම වයසට වඩා මෝරා අති බවක් පෙනෙන්නට පුළුවන්.
ඉතින් සම අකලට වයසට යාම වළක්වා තරුණ පෙනුම ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතු ආකාරය ගැන ඔබ කවදා හෝ කල්පනා කර තිබේද?
ඇත්තෙන්ම අපට කාලය යන එක නවත්වන්න බැරි වුණත් අකලට මුහුණේ සුන්දරත්වය විනාශ වෙලා යන එක වලක්වා ගැනීමේ හැකියාව පවතිනවා. මේ සඳහා අප ගන්නා ආහාර විශාල දායකත්වයක් සපයනවා.
ඇත්ත වශයෙන්ම ඔබේ සම, ඔබේ පෝෂණ ප්‍රමාණය පිළිබඳ පරිපූර්ණ කැඩපතකි. ඔබ ප්‍රමාණවත් පරිදි ප්‍රතිඔක්සිකාරක, මේද, ජලය සහ අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබා ගන්නා විට ඔබේ සම ද බැබළේ.
ඒ නිසාම ඔබේ සම අභ්‍යන්තරයේ සිටම පෝෂණය කරමින් සම වයසට යාමේ ලක්ෂණ වන රැළි වැටීම්,අඳුරු ලප ආදීය ඉවත් කර දිගු කල් තරුණ, ලස්සන පෙනුමක් තබා ගැනීමට ඔබට උපකාරී වන ආහාර කිහිපයක් පිළිබඳව අද අප ඔබ වෙත ගෙන එන්න සූදානම්…
ඔබේ සම වයස්ගත වීම මන්දගාමී කරන ගුණාංග සහිත ආහාර වර්ග කිහිපයක්…
බෙරි සතුව වයස්ගත වීම වැළැක්වීමේ ගුණාංග පවතින බව අධ්‍යයන කිහිපයකින් හෙළි වී තිබෙනවා. ඇත්ත වශයෙන්ම ස්ට්‍රෝබෙරි සහ බ්ලූබෙරීස් වැනි බෙරි වල ඇන්තොසියානින්, සහ ෆ්ලේවනොයිඩ් යන ප්‍රතිඔක්සිකාරක අන්තර්ගත වෙනවා. ඒ හේතුකරගෙන තරුණ ලස්සන සමක් ලබා ගැනීමට බෙරි ආහාරයට ගැනීමෙන් ඔබට හැකියාව ලැබෙනවා.
ඒ විතරක්ම නෙවෙයි, බෙරි වල ඇති ප්‍රතිඔක්සිකාරක ගුණ සම සහ හිසකෙස් වැඩිදියුණු කිරීමට ද උපකාරී වෙනවා. මීට අමතරව, බෙරි විවිධ පිරිහෙන රෝග වලින් ඔබේ ශරීරය ආරක්ෂා කරනවා.
කෙසෙල් වල මැග්නීසියම්, පොටෑසියම් සහ විටමින් C අන්තර්ගත වෙනවා.මෙම විටමින් සහ ඛනිජ ලවණ තරුණ පෙනුමක් ලබා ගැනීමට උපකාරී වෙනවා. ඒ වගේම කෙසෙල් ආහාරයට ගැනීමෙන් සම එල්ලා වැටීම වළක්වා ගන්න ඔබට හැකියි. මීට අමතරව, කෙසෙල් වල ප්‍රතිඔක්සිකාරක ගුණ ඇති අතර එය ඔබේ සම වයසට යාමෙන් ආරක්ෂා කරනු ලබනවා.
ඒ විතරක්ම නෙවෙයි, කෙසෙල් වල ඇති ජල ප්‍රමාණය ඔබේ සමේ තෙතමනය දිගු කාලයක් ආරක්ෂා කිරීමටත් විශාල වශයෙන් උපකාරී වෙනවා.
ටූනා, මැකරල්, සාඩින් වැනි මාළුවල හොඳ මේදය ඇති අතර එය අසංතෘප්ත මේදය ලෙස හඳුන්වනු ලබනවා. මීට අමතරව, එහි ඔමේගා-3 මේද අම්ල, බහු අසංතෘප්ත මේද අම්ල සහ මොනොසැටරේටඩ් මේද අම්ල අඩංගු වෙනවා. ඉතින් මේ සියල්ලම ඔබේ සම වයස්ගත වීම මන්දගාමී කිරීමට දායක වෙනවා. තවද, මෙම ආහාර ශරීරයේ පරිවෘත්තීය වේගය, වේගවත් කරනු ලබනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙම ආහාර බර අඩු කර ගැනීමට ද උපකාරී වෙනවා.
චියා බීජ, ඇල්ෆා-ලිනොලනික් අම්ලය (ALA) ලෙස හඳුන්වන හොඳ මේද සහ ඔමේගා-3 මේද අම්ලවල ඉහළ අන්තර්ගතයක් අඩංගු හොඳම වයස්ගත වීම වැළැක්වීමේ ආහාරයක් ලෙස හඳුන්වනු ලබනවා.ඇත්තෙන්ම මෙම සෞඛ්‍ය සම්පන්න මේද ඔබේ පෙනුම වයස්ගත වීම මන්දගාමී කර සෞඛ්‍ය සම්පන්න සහ තරුණ පෙනුමක් ලබා දීමට උපකාරී වෙනවා.
නට්ස් වර්ග ප්‍රෝටීන්, මේදය, තන්තු වල හොඳ ප්‍රභවයක් වෙනවා සේම එහි විටමින් A, D, E සහ K සහ ඉහළ මැග්නීසියම් ප්‍රමාණයක් අඩංගු වෙනවා.
ඒ වගේම නිතිපතා නට්ස් වර්ග ආහාරයට ගැනීම ඔබේ සම වයසට යාම මන්දගාමී කිරීමට සහ සම පැහැපත් කිරීමට උපකාරී වෙනවා. මීට අමතරව, නට්ස් වර්ග නිතිපතා පරිභෝජනය කිරීම මතකය වැඩි කරන අතර සංජානන ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරනවා.
ඉතින් කොට්ටම්බා, walnuts, කජු ඇට වැනි නට්ස් වර්ග නිතර ඔබේ ආහාර වේලට එකතු කර ගන්න. කෙසේ වෙතත්, අධික ලුණු පරිභෝජනය රුධිර පීඩනය වැඩි වීමට හේතු වන බැවින් ඔබ ලුණු දැමූ නට්ස් වර්ග පරිභෝජනය නොකළ යුතුය.
විශේෂයෙන් Walnut යනු වයස්ගත වීම මන්දගාමී කිරීම සඳහා සඳහා සහාය වන හොඳම නට්ස් වර්ගයකි. walnuts වල ඔමේගා-3 බහුල ලෙස අන්තර්ගත වීම මෙයට හේතුවයි.
කව්පි යනු ඔබේ සම වයස්ගත වීම මන්දගාමී කිරීමට සහාය වන හොඳම ආහාර වලින් එකකි. ඊට අමතරව, ඒවායේ මේදය රහිත වීම සහ ප්‍රමාණවත් ප්‍රෝටීන් අඩංගු බැවින් හදවතට ඉතා සෞඛ්‍ය සම්පන්න වෙනවා.
ඔලිව් තෙල් යනු විස්මිත තෙල් වර්ගයකි. ඔබ එය ආහාරයට ගනු ලැබුවත්, ඔබේ ශරීරයට ආලේප කළත් එහි ප්‍රශස්ත ක්‍රියාකාරිත්වය සඳහා අත්‍යවශ්‍ය මේද අම්ලයක් වන ඔලෙයික් අම්ලය ඉහළ මට්ටමක පවතී. මීට අමතරව මෙම මේද අම්ලයේ ප්‍රති-ප්‍රදාහ ගුණ ඇති අතර එය සම අකලට වයස්ගත වීම වළක්වයි. තවද එය බර අඩු කර ගැනීමට ද උපකාරී වේ.
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…
1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…
"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…
අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…
පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…