ඔබේ නියපොතු ශක්තිමත් කර ගැනිම සදහා ස්වභාවික සත්කාර 05 ක්

ශක්තිමත්, නිරෝගී වගේම දිගු නියපොතු ලබාගැනීම සෑම කාන්තාවකගේම සිහිනයක් විදියට දක්වන්න පුලුවන්. ඇත්ත වශයෙන්ම එය කාන්තා රූ සපුව ඔප්නංවාලීමට දායක වෙනවා.

කෙසේ වෙතත්, සමේ මිය ගිය සෛල සහ කෙරටින් නම් ප්‍රෝටීන් වලින් සෑදී ඇති නියපොතු වල ශක්තිමත්භාවයට ජාන, පෝෂණය සහ හෝමෝන වැනි සාධක බලපානවා. ඒ වගේම සමහර ස්වභාවික හා පාරිසරික සාධක ද නියපොතු වල ශක්තිමත් බවට බලපානු ලබනවා.ඒ වගේම වයස සහ බරපතල රෝගාබාධ නියපොතු වල ශක්තිමත් බව නැති වී ඒවා කැඩී යාමට හේතු වෙනවා.ඒ විතරක්ම නෙවෙයි, වැරදි රූපලාවන්‍ය සත්කාර හේතුවෙන් නියපොතු බිඳෙනසුළු විය හැකියි.

කෙසේ වෙතත් ඔබේ නියපොතු ඉක්මනින් කැඩී ගියහොත් හෝ නැවත වර්ධනය වීමට බොහෝ කලක් ගත වෙනවා නම් බැබලෙන ශක්තිමත් නිය පෙළක් ලබා ගැනීමට ඔබට භාවිතා කල හැකි ස්වභාවික සත්කාර කිහිපයක් අද අප ඔබ වෙත ගෙන එනවා.

1. ලෙමන් යුෂවිටමින් C නියපොතු වර්ධනයට සැබවින්ම උපකාරී වෙනවා.

ඉතින් මේ සඳහා ඔබට අවශ්‍ය වන්නේ ලෙමන් ගෙඩියක් පමණ යි.

ක්‍රමයලෙමන් බෑයක් ගෙන ඔබේ නිය මත මිනිත්තු 5 ක් පමණ අතුල්ලන්න.

පසුව උණුසුම් ජලය භාවිතයෙන් එය සෝදා හරින්න.අවම වශයෙන් දිනකට වරක්වත් ඔබ මෙම සත්කාරය කරනවා නම් වඩා හොඳයි.එය ඔබේ නියපොතු ශක්තිමත් කරනවා පමණක් නොව ඒවා පිරිසිදුව තබා ගැනීමටත් බැක්ටීරියා වලින් තොර වීමටත් ඉඩ සලසනවා.

2. පොල්තෙල්.

උණුසුම් පොල්තෙල් වලින් ඔබේ නියපොතු සම්බාහනය කිරීමෙන් නියපොතු වර්ධනය ප්‍රවර්ධනය කළ හැකියි.පොල්තෙල් විටමින් E වලින් පිරී ඇති අතර එය ප්‍රතිඔක්සිකාරක වල විශිෂ්ට ප්‍රභවයක් විදියට හඳුන්වන්නට පුලුවන්.සෑම රාත්‍රියකම නින්දට පෙර පොල්තෙල් ඔබේ නියපොතු වල ගල්වා ඔබේ නියපොතු සම්බාහනය කරන්න. අවසානයේදී ඔබට වෙනස පෙනෙනු ඇත.

3. දොඩම් යුෂ.

දොඩම් කොලජන් නිෂ්පාදනයට උපකාරී වෙනවා. කොලජන් යනු නියපොතු වර්ධනයට සහ නියපොතු වල ශක්තිමත් බාවයට අත්‍යවශ්‍යම වන දෙයක්.ඒ වගේම දොඩම් වල ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය ඕනෑම ආසාදනයක් වළක්වනු ලබනවා.

බඳුනකට දොඩම් යුෂ ටිකක් ගෙන විනාඩි 10 ක් පමණ ඔබේ නියපොතු එහි පොඟවා ගන්න.

අවසානයේ උණුසුම් ජලයෙන් ඔබේ නියපොතු සෝදා හරින්න.

අපේක්ෂිත ප්‍රතිඵල සඳහා අවම වශයෙන් දිනකට වරක් මෙම සත්කාරය කරන්න.

4. ඔලිව් තෙල්.

ඔබට හානි වූ, බිඳෙනසුලු නියපොතු තිබේ නම් එයට පිළියමක් ලෙස ඔලිව් තෙල් භාවිතා කරන්න. මන්දයත් ඔලිව් තෙල් ඔබේ නියපොතු ශක්තිමත් කර වියළි බව නැති කරනවා.එසේම එය රුධිර සංසරණයට සහ නියපොතු වර්ධනයට ද උපකාරී වෙනවා.

වර්ජින් ඔලිව් තෙල් ස්වල්පයක් රත් කර ඔබේ නියපොතු වල ගල්වා විනාඩි පහක් මෘදු ලෙස සම්බාහනය කරන්න.

දැන් අත්වැසුම් වලින් ඔබේ දෑත් ආවරණය කර එක රැයක් තබා පසුදා උදෑසන ඉවත් කරහරින්න.

5. බයෝටින් පරිභෝජනය කරන්න.

Biotin යනු නියපොතු වර්ධනය සඳහා සහ ඒවා ශක්තිමත් කිරීම සඳහා අත්‍යවශ්‍යම වන විටමින් වර්ගයයි. ඉතින් කෙසෙල් හෝ අලිගැටපේර වැනි බයෝටින් බහුල ආහාර ඔබේ ආහාර වේලට ඇතුළත් කර ගන්න.ඒ සමඟ ඔබට බයෝටින් අතිරේක ද ඔබට ලබා ගත හැකියි. ඔබ බයෝටින් අතිරේක ගැනීම ආරම්භ කිරීමට පෙර වෛද්‍යවරයෙකුගෙන් විමසන්න.

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago