ලස්සනට ඉන්න අපි කවුරුත් කැමතියි. ඒ වෙනුවෙන් බොහෝ දෙනා විවිධ අත්හදාබැලීම් ද සිදු කරනු ලබනවා. නමුත් නිසි ප්‍රතිඵල නොලැබෙන තැන ඒ සියල්ලම අතැර දමා මානසිකව පසුතැවීමක් විතරක් ඉතුරු වෙනවා. ලස්සන වීම ,පැහැපත් වීම හැකි ඉක්මනින් කළ හැකි දේවල් නොවෙයි. ඉක්මනින් ලස්සන වෙන්න දිනෙන් දින ලෝකයේ විවිධ නිෂ්පාදන වෙළඳපොළට ආවත් ඒවායින් ලැබෙන ප්‍රතිඵල ද හරි තාවකාලිකයි. නමුත් ඒවාගෙන් ලැබෙන අහිතකර ප්‍රතිඵල නම් සදාකාලිකවම පවතිනවා. කෘත්‍රිම ක්‍රම නැතුව ස්වභාවික ක්‍රම මඟින් රූපය පවත්වාගැනීමට හැකියි නම් එය ඉතාමත් ප්‍රතිඵලදායකයි. ඉක්මනින් ප්‍රතිඵල නොලැබුණත් ඉවසීමෙන් කාලයක් තුළ කෙරෙන සත්කාර මඟින් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකියි. එසේ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකි ස්වභාවික රූපලාවණ්‍යය කාරකයක් ලෙස ‘ කෝපි ‘ දැක්විය හැකියි. ඖෂධීය ගුණයෙන් වගේම රූපලාවණ්‍යය ගුණයන්ගෙන්ද අනූන කෝපි ඔබට ගෙනෙන වාසි රැසකි. එනම් කෝපි තුළ සැඟවුණු රූ රහස් රැසක් තිබේ.
කෝපි ,කඩල පිටි ,යෝගට් මිශ්‍ර කර සාදාගන්නා ආලේපය ද ඉතාමත් ප්‍රතිඵලදායි ආලේපනයකි. මෙය face pack එකක් ලෙසත් සම්පූර්ණයෙන්ම සිරුරටත් භාවිතා කළ හැකිය. සම පැහැපත් කරන ආලේපනයකි. කෘත්‍රිම කිසිවක් නොමැති බැවිනි අතුරු ආබාධ රහිතය.
කෝපි හිසකෙස් රැකගැනීමටත් ඉතාමත් අගනා සත්කාරකයකි. ඒ අනුව කෝපි ,පොල්තෙල් ,යෝගට් ,විටමින් E යොදා සාදාගන්නා මිශ්‍රණය හිසකෙස් සඳහා භාවිතා කළ හැකිය.කෙස් අකලට ගැලවීම ,නිරෝගී නොවන හිසකෙස් සඳහා මෙය කදිම විසඳුමකි.
එමෙන්ම කෝපි ,සීනි ,ඔලිව් තෙල් මිශ්‍රණය මුහුණට මනා පෙනුමක් ගෙනදෙයි. මැරුණු ,විඩාවට පත්වූ සමට නැවුම් බවක් ලබාදෙයි. සමෙහි රැඳුණු කුණු දූවිලි ඉවත්ව සුන්දර පෙනුමක් ලබාගත හැකිය. කෝපි ,කිරි සහ බිත්තර සුදු මදය එක් කොට සාදාගන්නා මිශ්‍රණය ද ප්‍රතිඵලදායකය. එය මුහුණට මාස්ක් එකක් ලෙස භාවිතා කළ හැකිය. කෝපි ඔබේ වියළි සම ,විඩාවට පත්වූ සම ,රැළි වැටුණු සම ඉතාමත් හොඳ පෙනුමකින් ඔබට තිළිණ කරයි.
පාදවලට ,වැලමිට ,දණහිස්වලට ද ඔබට මේ සත්කාර කළ හැකිය. රූපලාවණ්‍යය කාරකයක් ලෙස භාවිතා කිරීම කෙසේවෙතත් කෝපි යනු ඉතාමත් ජනප්‍රිය පානයක් බව අපි කවුරුත් දන්නවා. මෙහි අඩංගු කැෆේන් නිසා මොළය අවදිව තැබීමට කෝපි සමත්කම් දක්වයි. එය අපේ සෞඛ්‍යයට එතරම් සුබ දෙයක් නොවන බවත් තරයේම සිහිතබා ගත යුතු කරුණකි.
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…
1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…
"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…
අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…
පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…