ලස්සන වෙන්න රහස්

කලර් හිසකෙස් රැකගත හැකි ක්‍රම කිහිපයක්

හිසකෙස් කියන්නෙ කාන්තාවන් කවුරුත් ඉතාමත් ආදරෙන් රැකගන්න දෙයක්. තමන්ට උපතින් ලැබෙන හිසකෙස් කවර ආකාරයේ ඒවා වුවත් සමාජය තුළ දකින පෙනෙන විලාසිතා ඇසුරින් අපේ ඇහැ නවතින කොණ්ඩා මෝස්තර බොහෝයි. ඒවායින් අද වනවිට කර්ල් හිසකෙස්වලට ඇති උනන්දුවක් විශේෂයෙන් දැකිය හැකියි. ඒ අනුව කර්ල් දිගු නිරෝගිමත් පිරිපුන් කෙස් කළඹක් හිමිකරගැනීමට ගැහැනු ළමයි තුළ ඇති විශේෂ උනන්දුවක් දැකිය හැකියි. සැබැවින් උපතින්ම මෙවැනි කෙස් කළඹක් ලැබීම එක්තරා ආකාරයකට භාග්‍යයක් ද වෙනවා. ඉතින් මෙවැනි හිසකෙස් සාමාන්‍ය හිසකෙස් ප්‍රවේසම් කරන ආකාරයට සත්කාර කර රැකගැනීමට හැකි නොවන බව ඔබ දන්නවා ඇති.

ඒ වෙනුවෙන් සුවිශේෂී සත්කාර කිහිපයක්ම පහලින් ඔබට දිස් වේ.

  • කර්ල් හිසකෙස්වල පොදු ලක්ෂණ – මේවා ස්වභාවයෙන්ම වියළි හිසකෙස් වේ. එනම් සාමාන්‍ය හිසකෙස්වලට සාපේක්ෂව කර්ල් කොණ්ඩයක් යනු ඉතාමත් වියළි වූ එකකි.වක්‍රාකාරව කැරකී ඇති නිසාම ඉක්මනින් කැඩී යා හැකිය.සාමාන්‍ය හිසකෙස්වලට වඩා ඉතාමත් සියුම් ස්වභාවයක් ද ගනි.
  • කර්ල් කොණ්ඩයට සත්කාර – කර්ල් හිසකෙස් නිතර නිතර ෂැම්පු කිරීම නොකළ යුතුය. ස්වභාවයෙන්ම වියළි කර්ල් හිසකෙස් තවත් වියළි කිරීම අවශ්‍ය නොවේ. ඒ නිසාවෙන්ම සාමාන්‍ය හිසකෙස් වලට මෙන් දිනපතා ෂැම්පු අවශ්‍ය නොවේ.නමුත් ඔබට කන්ඩිෂනර් භාවිතා කළ හැකිය. ෂැම්පු නොකළත් කන්ඩිෂනර් කිරීම ඔබට කළ හැකිය.ෂැම්පු තෝරාගැනීම ද අවධානයෙන් කළ යුතු වේ. එනම් හිසකෙස්වල ඇති තෙතමනය සහ තෙල් ඉතාමත් වැඩි වශයෙන් ඉවත්කර දමන ෂැම්පු මඟහැරිය යුතුය. ඔබ තෝරාගන්නා ෂැම්පු වර්ගය ඔබේ හිසකෙස්වල තෙතමනය සහ තෙල් සහිත බව ආරක්ෂා කරන එකක් වියයුතුය.කොණ්ඩය පිසදමන තුවාය ද ප්‍රවේසමෙන් තෝරාගත යුතුය. මන්ද ඉතාමත් දැඩි ලෙස හිසකෙස් කැඩී යා හැකි තුවා භාවිතා කිරීම යෝග්‍ය නොවේ.හිසකෙස් පීරීම ද කල්පනාකාරීව කළ යුතු දෙයකි. ඉක්මනින් කැඩීයාමට බලන ඉක්මනින් අවුල් වන කර්ල් කොණ්ඩය පීරීම ඉතාමත් ප්‍රවේසමෙන් කළ යුතුය.
  • සාමාන්‍ය හිසකෙස් මෙන් එකදිගට පීරිය නොහැකි නිසා කොණ්ඩය කොටස් කර පීරීමට ඔබට සිදු වේ. ඒ සඳහා තෝරාගන්නා පනාවද හොඳම තත්වයෙන් තිබිය යුතුය. කන්ඩිෂනර් කිරීමෙන් පසුව දැති ලොකු පනාවකින් පීරීම සුදුසු වේ.නිතර කොණ්ඩය අයන් කිරීම ,ඩ්‍රයර් කිරීම වැනි දෑ කර්ල් කොණ්ඩයකට හිතකර නොවේ.එනම් උණුසුම් තාපය යෝග්‍ය නොවන නිසයි. හැකි තරම් රාත්‍රියේ නෑම අවම කරන්න. එවිට ඩ්‍රයර් කිරීමකින් තොරවම ඔබේ හිසකෙස් වියලෙයි.හිස්හොරි වැනි තත්වයන්ට ඔබේ කර්ල් කොණ්ඩයට පැමිණීමට ඉඩ නොදෙන්න. එමගින් වන හානිය සාමාන්‍ය හිසකෙස්වලට වඩා වැඩිය. සුවවීමට ද කාලයක් ගතවේ.එමෙන්ම කොණ්ඩය වවාගැනීමට සහ එහි නිරෝගිමත් පැවැත්ම වෙනුවෙන් ඔබට හොඳ හෙයාර් මාස්ක් එකක් දැමිය හැකියි. එමගින් හිසකෙස්වල තෙතමනය ආරක්ෂා කරගත හැකිය. එසේම දිනපතාම නොවුණත් සතියකට වරක් හෝ හොඳ තෙල් සත්කාරයක් කරන්නත් අමතක නොකරන්න.
iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago