ලස්සන වෙන්න රහස්

රුව වඩවන විටමින් E පිළිබද දැනුමට බිදක්

විටමින් කියන්නෙ සිරුරට අත්‍යාවශ්‍ය දෙයක්. අපි එදිනෙදා ගන්නා ආහාර අපේ දෛනික විටමින් අවශ්‍යතාවය නිරායාසයෙන්ම සම්පූර්ණ කරනවා. නමුත් ඇතැම් අවස්ථාවල යම් යම් විටමින් ඌණතා හඳුනාගත හැකියි. කෙසේ නමුත් අපි මේ කතා කරන විටමින් E යනු කාන්තා ඔබට ඉතාමත් සමීප විටමිනයක්. ඒ මන්ද ඔබ භාවිතා කරන රුව රකින නිෂ්පාදන සියල්ලේම පාහේ මෙම විටමිනය අන්තර්ගතව පැවතීමයි. එනිසාම මෙහි ගුණ ගැන කතා කිරීම ඉතාමත් වැදගත්. – විටමින් E -ශරීරයට අත්‍යාවශ්‍ය විටමින් අතර ඉදිරියෙන්ම සිටියි. මේදයේ දියවෙයි. එමෙන්ම ප්‍රබල ඔක්සිකාරකයකි.දෛනික අවශ්‍යතාවය 15mg පමණ වේ. ශරීරයේ ප්‍රතිශක්තිකරණය වඩවන මෙය රුධිර සංසරණය නියාමනය කරයි. සීනි පාලනය ,පිළිකාවට එරෙහිව සටන් කිරීම දැකිය හැකිය. සම වියළීම ,සම වියපත් වීම ,සම රැළි වැටීම වළක්වාලයි. ඇස්වල සුවතාවයට ද ගුණදායකය. එමෙන්ම කකුල් පැලීම ,තොල්පට පැලීම සහ වියළීම ,හිසකෙස් සඳහා ද ඉතාමත් වැදගත් විටමින් වර්ගයකි. විටමින් E ස්වභාවික සහ කෘත්‍රිම ලෙස හඳුනාගත හැකිය. ස්වභාවික විටමින් E වල D- Alpha- Tochopherol අඩංගුය. කෘත්‍රිම විටමින් E වල DL- Alpha – Tocopherol අඩංගු වේ. මේවායින් ස්වභාවික විටමින් E ලබාගැනීම වඩාත් වැදගත් වේ. ඒ අනුව ස්වභාවික විටමින් E අඩංගු ආහාර කිහිපයක් හදුනාගත හැකිය. එනම් , මාලු අක්මා තෙල් ,එළවළු තෙල් ,ධාන්‍ය ,මස් ,මාලු ,ගම් බිත්තර ,බ්‍රොකොලි ,ගෝවා ,නිවිති ,වට්ටක්කා ඇට ,අලිපේර යනාදිය තුළ විටමින් E අඩංගුය. එනම් ස්වභාවයෙන්ම අපි ගන්නා ආහාර තුළින් අදාළ අවශ්‍යතාවය පූර්ණ වන බවයි. එනිසාම බාහිරව ආහාර අතිරේක ලෙස ගැනීම අවශ්‍ය නොවේ. සාමාන්‍යයෙන් විටමින් E ඌණතාවයන් ද දැකිය නොහැකිය. අක්මාව ,අග්න්‍යාශය ,බඩවැල් ආශ්‍රිත රෝග සහිත පුද්ගලයන් තුළ නම් මෙහි යම් ඌණතාවයක් දැකිය හැකිය.රුව රකින විටමින් E රූපලාවණ්‍යය නිෂ්පාදන තුළ මෙම විටමිනය අනිවාර්යයෙන් අඩංගුව පවතියි. ඒ මෙහි ඇති රුව රකින ගුණාංග නිසාමය. ෆාමසියෙන් කරල් ලෙස ලබාගත හැකි විටමින් E ඔබේ රුව රැකගැනීමට භාවිතා කළ හැකි ක්‍රම කිහිපයකි පහතින්…

රාත්‍රි නින්දට පෙර එඬරු තෙල් මේස හැඳි දෙකකට විටමින් E කරල් දෙකක තෙල් එකතු කර මුහුණේ අවපැහැ වුණු තැන්වල හොඳින් ආලේප කරන්න. පසුදින උදෑසන සෝදා හරින්න. ඔබ භාවිතා කරන හිස ගල්වන තෙල්වලට විටමින් E ස්වල්පයක් එක් කිරීමෙන් නිරෝගිමත් දිගු පිරිපුන් හිසකෙස් ලබාගැනීමට ඔබට හැකියි වේ. වියළි ,පැලුම් සහිත තොල් ආශ්‍රිතව විටමින් E ආලේප කිරීම ඔබට මනා පෙනුමක් ගෙනදෙයි.අත්ල ගොරෝසු වීම වළක්වා ගැනීමට විටමින් E තෙල් ස්වල්පයක් ආලේප කිරීම කළ හැකිය. නින්දට පෙර විටමින් E ආලේප කර සම්බාහනය කිරීම සම රැළි වැටීම පාලනය කරයි. ඉතින් ලස්සන වෙන්න කැමති කාටත් විටමින් E යනු හොඳ මිතුරෙක්.

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago