අපි ලස්සන වෙන්න කියලා බලාපොරොත්තුවෙන් විවිධ රූපලාවණ්‍ය නිශ්පාදනයන් එදිනෙදා ජීවිතේ දී භාවිතා කරනවා. අද අප මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ අපට සුදුසුම ආලේපය තෝරා ගන්නේ කොහොමද යන්න පිළිබදවයි.
ඇයි අපි රූපලාවණ්‍ය නිශ්පාදන තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුත්තේ?
යම් ආලේපයක් තෝරා ගැනීමේදී තමන්ගේ සමෙහි ස්වභාවය ගැන අවබෝදයක් තිබීම අනිවාර්යයි. ඒ වගේම තමන්ට කිසියම් ආලේපයක් අවශ්‍ය වන්නේ ඇයි කියලත් ඔබ දැන ගන්න ඕනා. ඒ වගේම ඔබ භාවිතා කරන්න බලාපොරොත්තු වෙන නිශ්පාදන වල ගුණාත්මක භාවය ගැන මනා අවබෝධයක් තියෙන්න ඕනි. නැත්නම් ලැබෙන ප්‍රතිපලය නරක වන්නට පුලුවන්.
මොනාද ආලේපන වල අන්තර්ගත වෙලා තියෙන්නෙ?
ආලේපන බොහොමයක්ම කෘතිමව නිශ්පාදනය කරන නිසා රසායනික ද්‍රව්‍ය වලින් පිරිලා තියෙන්නෙ. එහෙත් බොහෝ දෙනෙක් ඒ ගැන සැලකිලිමත් නැහැ. මේ ද්‍රව්‍ය අතර ලැනොලින්, පෙට්ට්‍රෝලියම් ජෙලි, පැරෆින් ඉටි, ඛණිජ වර්ග, සල්ෆේට්, phynoxiethanol , රසදිය, විවිධ රසායනික දව්‍ය සහ විටමින් වර්ගද භාවිතා වනවා. ඒ වගේම සමහර ශාක කොටස් ද භාවිතා වෙනවා. ඇරෝමා කියන්නෙ ඒ වගේ සම්පූර්නයෙන්ම ශාක සාර වලින් නිශ්පාදනය වන ආලේපනයක්. මේ නිසා මින් තමන්ගේ සමට ඇතිවන හිතකර අහිතකර තත්වයන් ගැන ආලේපනයක් මිලදී ගැනීමට පෙර සැලකිලිමත් විය යුතුයි.
ඒ වගේම අවුරුදු 18 අඩු අයට විවිධ ආලේපන අවශ්‍ය වන්නේ නැහැ. ඒ අයට හොද ෆේස් වොශ් එකක් හෝ ක්ලෙන්සර් එකක්, සමේ ස්වභාවය අනුව මොයිස්චරයිසර් එකක්, සන්ක්‍රීම් එකක් හා ලිප්බාම් එකක් පමණක් භාවිතා කැමතිනම් භාවිතා කිරීම ප්‍රමාණවත්. අනවශ්‍ය පරිදි ආලේපන භාවිතය නිසා සම එල්ලා වැටීම, අව පැහැ වීම, ආසාදන මතුවීම වැනි තත්වයන් ඇති වීමට හැකියි.
සමට අනුව ආලේපන තෝරා ගැනීමේදී
උපදෙස් පිලිපදින්න.
සෑම නිශ්පාදනයක් සමගම නිශ්පාදකයා උපදෙස් මාලාවක් නිකුත් කරනවා. ඉතින් ඒත් බොහෝ දෙනෙක් එම උපදෙස් මාලාව කියවන්නේ නැහැ. ඒම නිසා මුලින්ම කලයුත්තේ ඒ උපදෙස් මාලාව කියවීමයි. නොමැතිනම් එම ආලේපනයෙන් ඔබ අපේක්ශා කරන උසස් ප්‍රතිඵල ලබා ගන්නට නොහැකි වේවි. ඒ වගේම ඔබ භාවිතා කරන රූපලාවණ්‍ය නිශ්පාදන නිසි පරිදි ගබඩා කර තැබීමත්, කල් ඉකුත් වෙන දිනයක් ගැන කල්පනාවෙන් සිටීමත්, කාමර උශ්ණත්වයේ තැබීමත් ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම රූපලාවණ්‍ය නිශ්පාදන භාවිතයට කලින් ඔබගේ දෑත් පිරිසිදු කර ගැනීම වඩාත් වැදගත් වෙනවා.
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…
1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…
"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…
අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…
පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…