ලස්සන වෙන්න රහස්

ඔබේ මුහුණ ටෝනර් කිරීම පිළිබද සියලු දේ දැන ගමු.

සෑම කාන්තාවක්ම කැමැතියි තවත් කෙනෙක් තමන්ව වර්ණනා කරනවා නම්. එහෙම වර්ණනා කරන තත්ත්වයට ලස්සන වෙන්න තමයි හැම කෙනෙක්ම උත්සාහ දරන්නේ.

කෙනකු දෙස බැලූ බැල්මට අපට පළමුව දිස්වන්නේ එම පුද්ගලයාගේ මුහුණයි. යම් පුද්ගලයකුගේ අභිමානය කෙරෙහි මුහුණෙන් ද විශාල බලපෑමක් එල්ල කෙරෙන අතර හදවත දකින කැඩපත මුහුණ ලෙසින් ද හැඳින්වේ.

බොහෝ දෙනා සිතන්නේ මුහුණ ලස්සන වීම රඳා පවතින්නේ ඔබේ මේක් – අප් පෙට්ටියේ තියෙන දේවල්වල ප්‍රමාණය අනුව කියලා. අවාසනාවට ඒ මතය වැරැදියි.

ලස්සන කියන්නේ ඔබේ ඇතුළත සහ පිටත දෙකේම ඇති නිරෝගීකම පෙන්වන හොඳම සාක්ෂියක්. ලස්සන කාන්තාවක් වීම එතරම් අපහසු දෙයක් නොවෙයි.

මුහුණ ලස්සන කරගන්න නම් ඔබ පළමුව සිතිය යුත්තේ මුහුණේ පිරිසුදුභාවය පිළිබඳවයි.

යම් යම් අවස්ථාවලදී මුහුණේ තැන් තැන්වල නොයෙකුත් ආකාරයේ ලප ඇති වේ. අව්වට පිළිස්සීම, හෝර්මෝන ක්‍රියාකාරීත්වයේ වෙනස්වීම, දරුණු රෝග සඳහා ලබාගන්නා ඖෂධ, රසායනික ද්‍රව්‍ය භාවිත කිරීම වැනි හේතු නිසා දිලීර වර්ග සම මතුපිට ඇතිවීමෙන් මුහුණේ විවිධ ලප ඇති විය හැකියි.

නියම ආකාරයට මුහුණ පිරිසුදු නොකළ විට සමෙන් උඩට මතුවන තෙල්වල දුහුවිල්ල එකතු වී එම කොටස් ඝනවී රෝම කූපවල සිරවීම නිසා ඇතිවන කළු පැහැයෙන් යුතු කුඩා තිත් කළු ලප ලෙස හඳුන්වයි. රෝම කූප මඟින් එළියට මතු වූ තෙල් රෝම කූප අතර ඝන වූ විට ඒවා සුදු ලප ලෙස හඳුන්වයි. නියමාකාරයෙන් මුහුණ පිරිසුදු නොකිරීම නිසා කළු හා සුදු ලප යන දෙවර්ගයම ඇති වේ.

මුහුණ පිරිසුදු කළ පමණින් ද මේ ගැටලුවලින් මිදිය නොහැක.

නිවැරැදි පිරිසුදු කිරීම්වලින් පසුව පසු සත්කාර ද කිරීම වැදගත්.

බොහෝ දෙනා ස්ක්‍රබ්, ක්ලෙන්සර් වලින් සත්කාර කළ ද ටෝනර් කිරීම අතපසු කරති. මෙයින් සිදුවන්නේ කුණු දූවිලි වඩ වඩාත් සම තුළට ගමන් කිරීමයි.

ටෝනර
ටෝනර් එකක් කියන්නේ මෘදු, දියරමය පිරිසුදුකාරකයක්. ටෝනර් කිරීම කළ යුත්තේ මුහුණ ක්ලෙන්සර් එකකින් පිරිසුදු කරගත් පසුවයි.

ක්ලෙන්සර් කිරීමෙන් සමේ රෝම කූප විවෘත වේ. එලෙස විවෘත වූ රෝම කූප වැසීම සිදුවන්නේ ටෝනර් ගැල්වීමෙනි.

ඔබ ටෝනර් නොකර නිවෙසින් පිටතට ගියහොත් කුණු දුහුවිලි ඔබගේ සමට ඉක්මනින් ඇතුළු වෙනවා. ඒ නිසයි ටෝනර් කිරීම එතරම් වැදගත් වන්නේ.

ටෝනර් කිරීමෙන් සම ශක්තිමත් කරයි. සම දීප්තිමත් කර සමට පෝෂණයක් ලබා දෙයි. සමට කරන සත්කාරවල පෝෂණ ගුණ සම තුළට උරා ගැනීම වේගවත් වීමට ටෝනර් හේතුවක් වනවා. සමෙහි ස්වභාවය අනුව ඔබ භාවිතා කල යුතු ටෝනර් වර්ග වෙනස් වෙනවා.ටෝනර් ඔබට ගෙදරදී හදාගන්න පුලුවන් ක්‍රම තියෙනවා ඒ වගේම වෙලදපොලෙන් ගන්න පුලුවන් ටෝනර් වර්ග බොහොමයක් තියෙනවා

ටෝනර් කිරීමෙන් සමේ සිදුරු තුළ ඇති අපද්‍රව්‍ය ඉවත්කර සමේ සෛලවල ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරයි.

ටෝනර් කිරීමකදී සැලකිය යුතු කරුණු

ටෝනර් එකක් තෝරාගත යුත්තේ තමන්ගේ සමේ ස්වභාවය අනුවයි. තෙල් සහිත සමක් සඳහා නිපදවූ ටෝනර්වල පවතින ඇල්කොහොල් ප්‍රතිශතය වැඩියි. වියළි සමක් සහිත අයකු, තෙල් සහිත සමක් සඳහා නිපදවූ ටෝනර් භාවිත කිරීමෙන් ඔහුගේ හෝ ඇයගේ සම තවත් වියළෙන්නට ඉඩ තියෙනවා.

සම ටෝනර් කිරීම කළ යුත්තේ පුළුන් හෝ ටිෂූ ආධාරයෙනි.
අතින් ටෝනර් කිරීම සුදුසු නැත.

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago