ආදරේ සුන්දරයි කිව්වට ඒ සුන්දරත්වය නිකම්ම ලැබෙන්නේ නැහැ.ඒක එහෙම වෙන්න නම් දෙන්නගෙම ආකල්ප, හැසිරීම්, අපි ඒ සම්බන්දෙට දෙන වටිනාකම වගේ ගොඩක් දේවල් බලපානවා. ඒ වගේම තමයි හොඳ පෙම්වතියක් වෙන්න නම් පෙම්වතියක් ළඟ තියෙන්න ඕන වැදගත් ලක්ෂණ ගොඩාක් තියෙනවා. කියවලා බලන්න මොනවද ඒ කියලා සහ ඔයා ළඟත් මේ දේවල් තියෙනවද කියලා.ඉතින් අද අපි ඔබට ඉදිරිපත් කරන්න යන්නේ එවැනි ලක්ෂණ කිහිපයක් ගැනයි.ඔයා පෙම්වතියක් නම් බලන්නකෝ ඔයා ලගත් මේ ලක්‍ෂණ තියෙනවාද කියලා. එහෙම නැත්තම් ඔයා පෙම්වතියක් ඉන්න කොල්ලෙක් නම් බලන්නකෝ ඔයාගේ කෙල්ල ලගත් මේ ලක්‍ෂණ තියෙනවාද කියලා.
1.පෙම්වතාව ඔයාට ඕන විදියට වෙනස් කරගන්න උත්සාහ කරන්නේ නැහැ.
ආදර සම්බන්ධයකින් අපි අනිත් කෙනාගෙන් බලාපොරොත්තු වෙන්නේ ආදරය, සෙනෙහස, රැකවරණය වගේ දේවල්. ඒත් ඔයා ඒ දේවල් වෙනුවට එයාව පාලනය කරන්න, එයාට අයිතිවාසිකම් කියන්න නම් උත්සාහ කරන්නේ ඔයා අතින් මුලින් කිව්ව දේවල් මඟහැරෙනවා. අපි ඉන්න විදියට, අඳින පළඳින, කතා බහ කරන විදියට තවත් කවුරුත් බලපෑම් කරනවට වත් ඒවා වෙනස් කරන්න උත්සාහ කරනවටවත් අපි කැමති නැහැනේ. ඔහුගේ පැත්තෙනුත් අන්න ඒ විදියටම හිතනවා නම් ඔයා එයාව වෙනස් කරන්න උත්සාහ කරන්නේ නැහැ.එයාව අයිති කර ගන්න දඟලනවට වඩා එයාට උපරිමෙන් ආදරය කරනවා නම්, සෙනෙහස දෙනවා නම් එයා හැමදාමත් ඔයාගේ ළඟ රැඳෙනවා.
2.ආදරේ කියන්නේ අයිතිකර ගැනීමට නෙවෙයි කියන එක ඔයා දන්නවා
ආදර සම්බන්ධයකින් අපි අනිත් කෙනාගෙන් බලාපොරොත්තු වෙන්නේ ආදරය, සෙනෙහස, රැකවරණය වගේ දේවල්. ඒත් ඔයා ඒ දේවල් වෙනුවට එයාව පාලනය කරන්න, එයාට අයිතිවාසිකම් කියන්න නම් උත්සාහ කරන්නේ ඔයා අතින් මුලින් කිව්ව දේවල් මඟහැරෙනවා. එයාව අයිති කර ගන්න දඟලනවට වඩා එයාට උපරිමෙන් ආදරය කරනවා නම්, සෙනෙහස දෙනවා නම් එයා හැමදාමත් ඔයාගේ ළඟ රැඳෙනවා. එයාව අයිති කර ගන්න අමුතුවෙන් මහන්සි වෙන්න ඕන නැහැ.
3. ඔයා නිතරම පෙම්වතා ගැන හොයලා බලනවා
ඔහු යන්නේ කොහෙද, ඉන්නේ කොහෙද, මොනවද කරන්නේ කියන එක හොයල බලන එක ඇත්තටම වැදගත්. එක අතකින් ඒක ඔයාගේ වගකීමක්. හැබැයි හොයලා බලනවා කියන්නේ සැක කරනවා කියන එක නෙවෙයි. සමහර අය ඉතින් හොයලා බලන්නේ කිසිම වැඩකට නැති බොරු හේතු හිතේ තියාගෙනනේ. එත් ඔයා එයාව සැක කරනවා කියලා එයාට තේරුනොත් ඔයාලා අතරේ ප්‍රශ්න ඇති වෙන්න ඒක ප්‍රධානම හේතුවක් වෙනවා. අවංකවම ඔයා එයා ගැන හොයලා බලනවා නම්, වද වෙනවා නම් ඇත්තටම ඔයා හොඳ පෙම්වතියක්.
4. සම්බන්ධය තුල දෙන්නගෙම සතුට ගැන නිතරම සැලකිලිමත් වෙනවා.
සතුට කියන්නේ අපි ලග තියෙන ලොකුම ධනය. මොක්ද අපි හැමදේම කරන්නේ සතුටින් ජීවත් වෙන්න. හොඳ පෙම්වතියක් නම් හැම විටම ඔයාලා දෙන්න අතරේ සතුට කියන දේ රඳවා ගන්න උත්සහ කරනවා. ප්‍රශ්න ඇති වෙන්න තියෙන අවස්ථා හැකි තරම් අවම කරගෙන සතුට රැකගෙන බැඳීම් ඉදිරියට අරගෙන යන්න උත්සාහ කරනවා. සතුටින් ඉන්න කියලා මුදල් වියදම් වෙන ලොකු ලොකු දේවල් කරන්න ඕන වෙන්නෙ නැහැ.හොඳ පෙම්වතියක් නම් ඇය දන්නවා තමන් ගේ සහකරුවාව කොහොමද සතුටින් තියන්නේ කියලා.
5. ප්‍රශ්න දුර දිග ගෙනියන්නේ නැහැ
ප්‍රශ්න නම් ඉතින් අපි හැමෝටම අඩුවක් නැතුව හැමදාමත් තියෙන දෙයක්නේ. ආදරේ කරද්දීත් ඉතින් ප්‍රශ්න වල අඩුවක් නැහැ. ඒක සාමාන්‍ය දෙයක්. මෙහෙම ඇති වෙන ප්‍රශ්න තව වැඩි කර ගන්නේ නැතුව විසඳගන්න ඔයා උත්සාහ කරනවා නම් ඇත්තටම ඔයා බුද්ධිමත් පෙම්වතියක් කියලා කියන්න පුළුවන්.
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…
1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…
"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…
අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…
පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…