ලස්සන වෙන්න රහස්

සැපට නිදාගෙනත් ඔන්න බර අඩු කරගන්න පුළුවන් සුපිරි ක්‍රම කිහිපයක්

අපි කවුරුත් කැමතියි සිහින් සිරුරකට වගේම හැඩට ප්‍රියමනාපව ඇඟ තියාගන්න. හැබයි හැමෝටම ඒ වගේ ඇඟක් ලැ‌බෙන්නේ නැහැනේ. ඉතින් අපේ සිරුරේ බර වැඩිවීමට ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. එකක් තමයි නවීන තාක්ෂණයත් එක්ක මිනිසුන්ට කය වෙහෙසා කරන්න තියෙන වැඩ අඩු වෙලා තියෙන එක. අනිත් එක තමයි අපි ගන්නා ආහාර රටාව. විශේෂඥයන් පවසන පරිදි ව්‍යායාම තරමටම හොඳ ගුණාත්මක නින්දකුත් බර අඩු වීමට දායක වෙනවා. නමුත් ඒක හරියටම ක්‍රියාත්මක වෙන්න නම් නින්දේදී ඔබේ පරිවෘත්තීය හොඳින් සිදු වෙන ආකාරයේ පුරුදු කිහිපයක් ඔබ අනුගමනය කරන්න ඹ්න. ඉතින් අද අපි ඔන්න ගෙනාවේ අන්න ඒම සැපට නිදාගෙන බර අඩු කරගන්නේ කෝමද කියන්න.

1. ක්‍රමවත් නිදා ගැනීමේ කාල සටහනක් අනුගමනය කරන්න​

අධ්‍යයන වලට අනුව අක්‍රමවත් නිදාගැනීමේ පිළිවෙල බර වැඩිවීම හා බලපානවා. ඔබගේ නිදාගැනීමේ හා අවදි වීමේ කාල සටහන අක්‍රමවත් නම් melatonin හෝමෝනය නිපදවීමේ ක්‍රියාවලියට බාධා ඇති වෙනවා. එමඟින් නින්දේ ගුණාත්මක භාවය අඩු වීමත් වෙහෙසකර ගතියකින් යුක්තව පසුදා අවදි වීමත් ඒ වෙහෙස නැති කර ගැනීමට නැවත ශක්තිය උත්තේජනය කර ගැනීමට ඉහළ කැලරි ප්‍රමාණයකින් යුතු ආහාර ගැනීමටත් පෙළඹෙනවා. ඉතින් මෙයින් වැළකීමට දෛනිකව එකම වේලාවකට නිදාගැනීම හා අවදි වීම සිදු කරන්න. සෞඛ්‍යසම්පන්න නින්දක් සදහා පැය 7-8ක් නිදා ගත යුතුයි. ඒ වගේම එපමන පැය ගණනක්  නිදා ගැනීමෙන් සිරුරේ මේදය දහනය කිරීමේ ක්‍රියවලියටද හොද බලපෑමක් ඇති කරනවා.

2. නිදා ගනිද්දී සිසිල් පරිසරයක නිදා ගැනීම

විශේෂඥයන් විසින් ඔබගේ බර අඩුකර ගැනීම සඳහා රාත්‍රියේදී කාමර උෂ්ණත්වය සෙල්සියස් අංශක 18 කට පමණ පවත්වා ගත යුතු බවට නිර්දේශ කරනවා. ශරීරයේ උෂ්ණත්වය යාමනයට වගකියන මේද සෛල විශේෂය ක්‍රියාත්මක වන්නේ සීතල පරිසරයකදී බව පරීක්ෂණවලින් ඔප්පු වෙලා තියෙනවා. එයට හේතුව වන්නේ ඔබ සිසිල් පරිසරයක නිදා ගන්නවානම් සිරුරේ උෂ්ණත්වය නියමිත මට්ටමේ පවත්වා ගන්න සිරුර විසින් වැඩි ශක්තියක් දහනය කරනවා. 

3. අඳුරු කාමරයක නිඳා ගැනීම

ඔබට පුළුවන් නම් මුළුමනින්ම අඳුරේ නිදා ගන්න ඒ මඟින් ඔබේ සිරුරට අවශ්‍ය මෙලටොනින් හෝමෝනය නිපදවීම වේගවත් කරනවා. ඒ මඟින් හොඳ නින්දක් ලැබෙනව විතරක් නෙවෙයි කැලරි දහනය  සඳහා ද  සිරුරට අවශ්‍ය ශක්තිය ලබා දෙනු ලබනවා.

4. කෙටි කෑම වර්ග ආහාරයට ගැනීම

නින්දට පෙර snack  එකක් ලෙස කුඩා ආහාරයක් ගැනීමේ වරදක් නැහැ. නමුත් එසේ කරනවා නම් අඩු මේද ආහාර,  යෝගට්, පීනට් බටර් වැනි ප්‍රෝටීන වලින් සරු ආහාරයක් ලබා ගත යුතුයි. එමගින් ඔබගේ පරිවෘත්තීය වේගය වැඩි කර මාංශ පේශි වර්ධනයට උපකාරී වෙනවා. 

5. නිඳාගැනීමට පෙර මත්පැන් පානයෙන් වැලකී සිටීම

නින්දට පෙර මත්පැන් පානය කිරීම මඟින් ඔබේ ශරීරයේ මධ්‍යසාර මට්ටම ඉහල යන්න පටන් ගන්නවා. අන්න  ඒ හේතුවෙන් සිරුරේ කැලරි දහනය කිරීම සදහා අවශ්‍ය හෝමෝන වර්ග නිපදවීම වලක්වනවා. ඒ නිසා අඩුම තරමින් නින්දට යාමට පැය තුනකටවත් පෙර මත්පැන් පානයෙන් වැලකී සිටිනවා නම් ඔබට ශරීරයේ බර අඩු කර ගන්න පුළුවන්.

6. හැකි සෑම විටම ඇඳුම් නැතුව නිදාගැනීම

මෙය ඇසූ විට හිනා යන්නත් පුළුවන්. නමුත් මේ ආකාරයට නිදා ගැනීමෙන් ශරීරයට බොහෝ වාසි තියෙනවා. ඔබේ ශරීරය සිසිල්ව තබා ගැනීමෙන් ශරීරයේ මේදය දහනය කිරීමේ ක්‍රියාවලිය වේගවත් කරනවා වගේම  නින්දේදී ශරීරය සිසිල් වීම කර  ශරීරයේ හොඳ මේදය වැඩි කර එමඟින් කැලරි දහනය කිරීමට උපකාරී වෙනවා.

7. ඖෂධීය තේ

විවිධ ඖෂධීය තේ වර්ග රාත්‍රී කාලයේදී ඔබට ලබා ගන්න පුළුවන් නම්  ඔබගේ බර අඩු කරගන්න පුළුවන්. හැබැයි ඒ කියන්නේ එක රූකින් බර අඩුකරන පාන නෙවෙයි. ස්වභාවික herbal  තේ වර්ග ගැනයි. ඔබගේ සෞඛ්‍යට විවිධාකාරයෙන් දායකවෙලා ඔබව නිරෝගිමත් කිරිමට මෙම herbal තේ වර්ග උපකාරී වෙනවා. උදෑසන බඩ පිපීමට එරෙහිව කුරුඳු තේ  සටන් කරන අතර  පෙපර්මින්ට් තේ මගින් ඔබගේ ආහාර රුචිය තරමක් අඩු කර අනවශ්‍ය ලෙස ආහාර ගැනීමෙන් වළක්වනවා.

ඉතින් මෙන්න මේ වගේ දේවල් නින්දත් එක්ක ගළපගන්නවා නම් ඔබට බර අඩු කරගන්න එක මහලොකු දෙයක් නෙවෙයි.

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago