කෙනෙක් කවදාවත් පෙනුමෙන් හැඩෙන් මනින්න බෑ. එක වරම නිගමනයකට එන්න බෑ එයා මොන වගේ කෙනෙක්ද කියලා. අපි කොහේ කොතෙන ඉඳියත් අපිට මුණගැහෙන්නේ විවිධාකාර මිනිස්සු. හැබැයි කෙල්ලෙක් වුනාම තමන් කොහේ කොතන ඉඳියත් තමන්ගේ හැදියාව තියාගන්නම ඹ්න. මොකද ඒක තමා දවසක එයාගේ ආභරණේ වෙන්නේ. ඒක පොදු කතාවක් නේ. ඕනම කෙනෙක් කැමති තැන්පත් ,හැදිච්චකම තියෙන, සමාජයේ හොදින් ජීවත් වෙන යහපත් කෙල්ලෙක්ට. ඉතින් අද අපි ඔයාලට කියන්නේ අන්න ඒ හැදිච්චකම තියෙන කෙල්ලෙක් කරන්නේ නැති දේවල් කිහිපයක්.
1. කේලම් කියන්න යන්නේ නැහැ
විශේෂයෙන් හරි කෙල්ලෙක් තමන්ගේ ළඟින්ම ඉන්න කෙනාගේ දේවල් තවත් අනිත් අය එක්ක කියන්න යන්නේ නැහැ. ඒ වගේම එයාලගේ ප්‍රශ්න තව තැනක ගිහින් කියන්නේ නැහැ. අන්න එහෙම කෙනෙක්ට ලැබෙන්නේ අනිත් අයගේ ප්‍රසාදය. හැම දේම හරි විදියට කරන කෙල්ලෙක් ළඟ කවදාවත් ඒ වගේ ගති ලක්ෂණ නැහැ.
2. අනිත් අයගේ දුර්වලතා, අඩු පාඩු හොයන්න යන්නේ නැහැ
අපේ සමාජයේ ජීවත් වෙන කිසිම කෙනෙක් සර්ව සම්පුර්ණ නැහැනේ. අපි හැමෝම ළඟ අඩු පාඩු දුර්වලතා තියෙනවා. අන්න ඒ දේ තේරුම් ගත්ත කෙල්ලෙක් කවදාවත් තවත් කෙනෙක්ගේ දුර්වලතාවයන් විවේචනය කරන්න හෑල්ලු කරන්න උසුළු විසුළු කරන්න යන්නේ නැහැ. ඒක තමන් ගේ අතින් සිදුවෙන විශාල වැරැද්දක් විදියට එයාලා දකිනවා.
3.කට පරිස්සම් කරගෙන අනිත් අය එක්ක කතා කරනවා
මෙන්න මේ කාරණාව නම් ඇත්තටම කාන්තා පාර්ශවයට කරන්න අමාරු දෙයක්. හැබැයි නොකර ඉන්න ඉබැරි තරම් අමාරු දෙයකුත් නෙවේ. හැබැයි හරි කෙල්ලෙක් නොකිය යුතු දේවල් යාලුවෝ හරි පිට අය එක්ක හරි කියවන්න වගේම අනිත් අයගේ පෞද්ගලික කාරණා ගැන අනවශ්‍ය විදියට හාරා අවුස්සන්න යන්නෙත් නැහැ.
4. අනිත් අයගෙන් පලි ගන්න යන්නේ නැහැ
හැදිච්ච කෙල්ලෙක් ගාව තියෙන්නේ අනිත් අයට සමාව දෙන පුරුද්ද විතරයි. තමන්ගේ පැත්තෙන් හිතලා යාලු මිත්‍රයින්, හිතවතුන් අතින් සිද්ධ වෙන වැරදි, හිත රිදීම් අමතක කරන්න වගේම ඒවාට සමාව දෙන්නත් පුළුවන් හිත හොඳ කෙල්ලෙක්ට විතරයි. ඉතින් හැදිච්ච කෙල්ලෙක් ලග තියෙන තවත් හොද පුරුද්දක් තමයි මේන්න මේක.
5. කවදාවත් ඔලුව උදුම්මාගෙන ඉන්නේ නැහැ
අනිත් අයට සමාව දෙන එක වගේම තමන් අතින් වෙන වැරදි වලට සමාව ඉල්ලන එකත් නිහතමානී ගුණයක්. ඒක දෙපාර්ශයටම පොදු කාරණාවක්. සමාජයේ හොදට හැදිච්ච කෙල්ලෙක් ලග මේ නිහතමානී ගුණය අනිවාර්යයෙන්ම තියෙනවා. කවදාවත් උඩඟුකමෙන් මාන්නේ ඔලුව උදුම්මාගෙන ඉන්නේ නම් නැහැ.
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…
1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…
"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…
අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…
පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…