ජනප්‍රිය අය ගැන

“නිෂ්පාදකවරයෙක් වෙන්න ලොකු කැමැත්තක් තිබෙනවා” – විශ්වකොඩිකාර

ඇසිපිය හෙළන ක්ෂණයෙන් වෙනස්වුන, අලුත්වන කලා ලොව තුළ කඩා නොවැටී බැබළීමේ ශාස්ත්‍රය ප්‍රගුණ කළ වූවන් ඇත්තේ අතළොස්සකි. එකීකිහිපදෙනා අතරට විශ්ව කොඩිකාර යන නමද එක්වන්නේ කුමන කාල වකවානුවකදී වුවත් යම් කලා නිර්මාණයකින් ඔහු අපගේ සිතට සමීප වනනිසාය. අද ‘හදගැස්ම’ වෙන්වන්නේ ඔහුටයි.

කොහොමද මේ දවස්වල ජීවිතේ?

“මේ දිනවල තරමක් කාර්යබහුලයි. පසුගිය දිනවල වර්ණ කියලා චිත්‍රපටයක වැඩකටයුතු නිම කළා. ඊට අමතරව තලවකැලේ ප්‍රදේශයේ කළ ටෙලිනාට්‍යයක රූගත කිරීම් අවසන් කළා. ඒ වගේම කියා දෙන්න ආදරේ තරම් හි රූගත කිරීම් සිදු කරනවා.”

අලුත් අවුරුද්දේ අලුත් සැලසුම් මොනවාද?

“හොඳ නිර්මාණවලට දායක වීමයි ලොකුම බලාපොරොත්තුව. ඊට අමතරව දරුවන්ගේ වැඩකටයුතු, පවුලේ වැඩකටයුතු බොහොමයක් සැලසුම්කර තිබෙනවා. ඉදිරි සැලසුම් ඉදිරියේදී කියන්නම්.”

බිරියත් මෑතකදී අලුත් ව්‍යාපාරයක් ආරම්භ කළා නේද?

“ඔව්. ඒ ව්‍යාපාරය ආරම්භ කළේ මගේ යෝජනාවකට. ඇය දුවගෙයි, පුතාගෙයි දෙවැනි උපන් දිනය හරි අපූරු විධියට සැලසුම් කළා. ඒ අනුව මම යෝජනා කළා ඇයට ඇයගේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න කියලා. ඒ අනුවයි ඇය Creative Touch කියන Event Planning ආයතනය ආරම්භකළේ. ඇයගේ ගමන් මඟ ගැන මට ගොඩක් සතුටුයි වගේම ආඩම්බරයි.”

පියාගේ අඩිපාරේ ගමන් කරමින් චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයට, නිෂ්පාදනයට යොමුවීමට බලාපොරොත්තුවක් තිබෙනවාද? .

“අධ්‍යක්ෂණ කාර්යය කිරීමට ලොකු කැමැත්තක් තිබුණත් මනා නිපුණත්වයක් නොමැතිව ඒ කාර්යයට අත ගසන්න අපහසුයි. ආවාට ගියාටඅධ්‍යක්ෂණය කරන්න අමාරුයි. නමුත් නිෂ්පාදකවරයෙක් වෙන්න ලොකු කැමැත්තක් තිබෙනවා. එය 2022 වසරේදිවත් ඉෂ්ට සිද්ධ වේවා යැයි මමප්‍රාර්ථනා කරනවා.”

පුංචි තිරයට සාපේක්ෂව රිදී තිරයේ ඔබට අවස්ථාව ලැබුණේ සීමිතව නේද?

“මම ක්‍ෂේත්‍රයට පිවිසෙන්නේ රිදී තිරය හරහායි. නමුත් පුංචි තිරයට සාපේක්ෂව රිදී තිරයේ මට ලැබුණු අවස්ථා සීමිතයි. එයට මගේ නොසැලකිලිමත්කමත් යම් තරමකින් බලපෑවා. යම් ටෙලි නිර්මාණයකට දායක වන අතරතුර චිත්‍රපටයකට ආරාධනා ලැබුණොත් මම එය ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසාම මට චිත්‍රපට තුනක් පමණ මහහැරුණා. නමුත් වර්තමානයේ එසේ ලැබෙන අවස්ථා මගහැර නොගෙන සමබරව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.”

එසේ රිදී තිරය අත්හරින විට ඔබව පුංචි තිරයට පමණක් කොටු වෙනවා නේද?

“කිසිම රංගන ශිල්පියෙක්ව එක් ක්ෂේත්‍රයකට හෝ එක් චරිතයකට කොටු කරන්න එපා කියන අහිංසක ඉල්ලීම මම ඉල්ලනවා. ඇතැම් රංගනශිල්පීන්ට දුෂ්ට චරිත, ප්‍රහසන චරිත, වීරයාගේ චරිත ආදී බොහෝමයක් චරිත සාර්ථකව කළ හැකියි. ඔවුන්ව එක් චරිතයකට කොටු කිරීමසැබැවින්ම සුවිශාල අපරාධයක්.”

ඔබ ව්‍යංගයෙන් පවසන්නේ විශ්ව කොඩිකාරත් ඇතැම් චරිත අතරේ කොටු වෙලා කියලාද?

“බොහෝ විට ඔව්. මේ ළඟකදී මම කිසිම දිනෙක රංගනයෙන් දායක නොවූ චරිතයකට මට එක් අධ්‍යක්ෂවරයෙක් ආරාධනා කළා. මම එය ගොඩක්සතුටින් භාර ගත්තා. ඉදිරියේදී ඒ ගැන මම කියන්නම්.”

නෑ හිතවත්කම් මත රංගන ක්ෂේත්‍රයට පිවිසීම තුළ එහි පැවැත්ම ගොඩනගා ගන්න පහසු වුණාද?

“මව, පියා හෝ හිතවත් කෙනකු ක්‍ෂේත්‍ර යේ සිටින විට ගේමක් නැහැ කියා බොහෝ දෙනා සිතුවත් ඔවුන් නොමැති දිනක වගේම ගම්වල සිටින දක්ෂතරුණ තරුණියන් ක්‍ෂේත්‍රයට පැමිණි විටක ඔවුන් කලා ක්‍ෂේත්‍රය තුළ අතරමං වෙනවා වගේත්ම කඩා වැටෙනවා. මගේ පියා නිෂ්පාදකවරයෙක්, අධ්‍යක්ෂවරයෙක් වුණත් මම ක්‍ෂේත්‍රයට එක සැණින් පිවිසුණේ නැහැ. අවුරුදු 3ක් මහේන්ද්‍ර පෙරේරා අයියාගේ රංගන පාසලේ පුහුණුවීම් කිරීම තුළයිමම රංගනය ඉගෙන ගත්තේ. මගේ දක්ෂතාවයෙන් ක්‍ෂේත්‍රය තුළ ගමන් කළ හැකි දුරක් පවතිනවා. එහෙයින් එතැනට අධ්‍යාපනයක් නොමැතිව ගමන්කළ නොහැකියි. ඒ නිසා ක්‍ෂේත්‍රය පිළිබඳ හැදෑරීමකින් තොරව එයට පිවිසීම අපහසුයි.”

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago