ජනප්‍රිය අය ගැන

2022 වසරම කැළඹ වූ රාජකීය නොවන *මිතුරෙකුගේ* උපන් දින සාදය

“මට ඔයා මගෙ පණ වගේ” ගීතය ගායනා කළ සමීර විරවර්ණ පසුගිය දිනක ඔහුගේ උපන් දින සාදය කොළඹ ෂැන්ග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී දින දෙකක් පුරාවටම සමරා තිබෙනවා.

දැනට දශකයකට පමණ පෙර එළිදැක්වූ “මට ඔයා මගෙ පණ වගේ” ගීතය එක්තරා යුගයක් නියෝජනය කරමින් ඉතාමත්ම ජනාදරයට පත්වූ අතර “දෙරණ 2013 වසරේ නැගී එන ගායකයා” ට හිමි සම්මානයට පාත්‍ර වීමට තරම් සමීර වීරවර්ණ වාසනාවන්ත වුණා. ඉන්පසු කිසිම දිනක මාධ්‍යවෙත නොපැමිණි මෙම ගායකයා නැවතත් කරළියට එක් වූයේ මෙම පින්තූර මාධ්‍ය වෙත නිකුත් කිරීමත් සමඟයි.

මෝටර් රථ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ස්ථානයක් දරා සිටින “Sameera Auto Traders” සමූහ ව්‍යාපාරයේ අධිපතිතුමන් වන “සමීර වීරවර්ණ” මහතාගේ මෙම සාදය ඉතාමත්ම පුද්ගලික උපන්දින සාදයක් වූ අතර එයට සහභාගි වීමට පැමිණ සිටියේ 2012 වසරේ සිට ඔහුගේ ගායන සහ ව්‍යාපාරික ගමන් මගට බෙහෙවින්ම උපකාර කළ සහ ඔහුගේ ළඟම හිතමිත්‍රාදීන් පමණක් වීම විශේෂ කරුණකි.

මේ සඳහා කොළඹ ෂැංගිලා හෝටලයේ පහළොස් වැනි මහලේ සියලුම කාමර සහ විවිධ ස්ථාන ද වෙන්කර තිබූ අතර ඉතාමත් මිල අධික මත්පැන් සහ ආහාරපාන වලින් සමන්විත වූ මෙම උපන්දින සාදය දින දෙකක් පුරාවටම හෝටල් පරිශ්‍රය තුළ පැවතීම පුදුමය දනවන කාරණයකි.

මෙම වසර තුළ “මට ඔයා මගේ පන වගේ” ගීතය නැවත සුරූපී ගායිකාවක් වන “කාවින්ද්‍යා අධිකාරි” සමග එක්ව ගායනා කිරීමට සහ තවත් අලුත් ගීත දෙකක් වීඩියෝ සහිතව එළිදැක්වීමට නියමිත බව “සමීර වීරවර්ණ” උපන් දින සාදය අතරතුර දී පවසා තිබෙනවා.

ඔහුගේ මිතුරන් සහ සේවක පිරිස සමග *සැමරූ* මෙම විශේෂිත උපන්දිනයට සහ ඉදිරි කලා කටයුතු වලට අපි සුභ පැතුම් එක් කරමු

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

30

31

32

33

34

35

36

37

38

39

40

41

42

43

44

45

46

47

48

49

50

51

52

53

54

55

56

57

59

60

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago