ජනප්‍රිය අය ගැන

“මම මගේ පාඩුවේ බොරු ඕපාදුපවලින් ඈත් වෙලා ජීවත් වෙන්න උත්සාහ කරනවා” – රිචී ෆර්නෑන්ඩ්

නිරූපණ ක්ෂේත්‍රය තුළින් රංගන ක්ෂේත්‍රයට පිවිසි ඔහු මිහි’, මල් පිපෙන කාලේ” ටෙලි නාට්‍ය තුළින් වගේම මේ දිනවල හිරු නාළිකාවේ විකාශය වන ෂැඩෝ ටෙලි නාට්‍ය තුළින් ප්‍රේක්ෂකයන් හමුවට පැමිණෙන රිචී ෆර්නෑන්ඩ්ය. නවක පරපුරේ දක්ෂ නළුවෙක් ලෙස හඳුන්වාදිය හැකි ඔහු නිරූපණක්ෂේත්‍රය තුළින් රංගනයට පිවිසි කෙනෙක්.

මේ දවස්වල ජීවිතේ ගෙවෙන්නේ කොහොමද?

“ජීවිතේ හොඳයි. මේ දිනවල ටිකක් කාර්යබහුලයි. ටෙලි නාට්‍ය දෙකක වැඩ කරනවා

ෂැඩෝ ගැන කතා කරමු?

“නාලක විතානගේ අයියා මට කතා කරලා මෙහෙම වැඩක් තිබෙනවා එන්න කියලා කිව්වා. නමුත් මම එදා මල් පිපෙන කාලේ ටෙලිනාට්‍යයේ රූගතකිරීම්වල නුවරඑළියේ සිටියේ. එම නිසා මට එදා යන්න නොහැකි වුණා. නැවතත් දවසක එහි සහාය අධ්‍යක්ෂවරයා මට කතා කරලා තිරපරීක්ෂණයට එන්න කිව්වා. ඒ අනුව තමයි මම ෂැඩෝ ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණේ. මේ ටෙලි නාට්‍යයේ මම දුෂ්ට චරිතයක්ම නොවෙයි කරන්නේ. ආදරය, මිතුරුකම සහ හාස්‍ය මුසුවූ චරිතයක්. ඉදිරියේදී කතාව වෙනස් පැත්තකට යයි. අපි බලමු. ෂැඩෝ එකේ වැඩ කරන පිරිස ඉතාමසහයෝගශීලියි. ඒ වගේහ්ම මතක් කරන්න ඕනෑ ධනංජය සිරිවර්ධන අයියා මගේ ගුරුවරයෙක්. මම ඔහුගෙන් ඉගෙන ගෙන තිබෙනවා. ඔහු සමඟවැඩ කරන්න ලැබීමත් සතුටක්.”

රූපය කියන කාරණාව නළුවෙක්ට කොපමණ වැදගත්ද?

“මම සිතන විධියට රූපය ලස්සන වීම කියන දේ නළුවෙක්ට වැදගත් නැහැ. බඩ තිබුණා කියලා, මුහුණ කට කැත වුණා කියලා එයා රංගනයට බලපාන්නේ නැහැ. නමුත් ‍ප්‍රේක්ෂකයන් ඇස් පිනවාගන්න කැමැතියි. මගේ රූපය මට ආභරණයක් වූ අවස්ථා තිබෙනවා.”

ඔබ රංගන ශිල්පියෙක් ලෙස ප්‍රතිරූපයක් නඩත්තු කරනවාද?

“ඔව්, අනිවාර්යයෙන්ම. එය ලොකුකමක් විදියට කරන දෙයක් නොවෙයි. නමුත් ඕනෑම රැකියාවක සිටිය යුතු විධියක් තිබෙනවා. මම මගේ පාඩුවේ බොරු ඕපාදුපවලින් ඈත් වෙලා ජීවත් වෙන්න උත්සාහ කරනවා. නමුත් හැම මොහොතේත්ම සියලුදෙනා සමඟ සහයෝගයෙන් මිත්‍රශීලීවකණ්ඩායම් හැඟීමෙන් වැඩ කරන්න උත්සාහ ගන්නවා.”

ඔබ රංගනය හදාරලා තිබෙනවාද?

“ඔව්. මම රංගනය හදාරලා තිබෙනවා. ඒ වගේම දැනටත් හදාරනවා. දැනුමෙන් යාවත්කාලීන වීම රංගන ශිල්පියකුට අත්‍යවශ්‍ය කාරණයක්.”

ප්‍රසිද්ධිය නිසා ඇතැම් අවස්ථාවලදී පෞද්ගලිකත්වයට යම්කිසි හානියක් පීඩාවක් සිදුවෙනවා නේද?

“ඔව්, අනිවාර්යයෙන්ම. මේ ලෝකයේ ජීවත් වෙන සෑම මනුෂ්‍යයකුටම ජීවිතේ ප්‍රශ්න ඇති වෙනවා. අපි නළුවෝ වුණාට මනුෂ්‍යයෝ. ජනප්‍රිය නොවනපුද්ගලයකුගේ ජීවිතය දිහා බලන පිරිසට වඩා වැඩි පිරිසක් අපේ ජීවිත දිහා බලාගෙන සිටිනවා සහ අපේ ජීවිත ගැන බොහෝ පිරිසක් කතා කරනවා. එය තමයි තිබෙන විශේෂත්වය. එය සමහර අවස්ථාවලදී අපහසුතාවක් වෙනවා. මම ප්‍රසිද්ධියට ලොකු කැමැත්තක් නැහැ. සාමාන්‍ය ජීවිතයේදී මාවනළුවෙක් විධියට හදුන්වා දෙනවාට මම එතරම් කැමැති නැහැ.

ඔබ නියෝජනය කරන නව පරපුරට ප්‍රවීණයන්ගෙන් විවිධ චෝදනා එල්ල වෙනවා. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?

“ඇතැම් පිරිස් රූගත කරන ස්ථානයට පැමිණිලා දුරකථනයේම එල්ලිලා සිටිනවා. මම රූගත කරන ස්ථානයට පැමිණියාම දුරකථනය නිශබ්දකරනවා. නමුත් අැත්තෙන්ම බොහෝදෙනෙකු එහෙම නැහැ. මගේ පරපුරේ එවැනි වැරදි මමත් දකිනවා.”

1

2

3

4

5

6

7

8

9

10

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago