ජනප්‍රිය අය ගැන

“අපි සැවොම මහන්සි වී වැඩ කරපු නිසා ඉතා හොඳ නිෂ්පාදනයක් කරන්නඅපිට පුළුවන් වුනා.” – රයිනි චාරුකා

රූකා – ලේඛා නම් වූ ශක්තිමත් බැමෙන් සංගීත දැනුම සහ ආභාසය ලබාගත් රයිනි චාරුකා ඇගේම අනන්‍යතාවකින් ක්ෂේත්‍රයේ නම රැඳවූගායිකාවක් ලෙස හඳුන්වාදිය හැකිය. තරුණ ගායිකාවන් අතරින් ඇයට හිමිවන්නේ ඇයටම අනන්‍ය වූ හඬ පෞරුෂයකි.

නත්තල් සරුයිද?

“නත්තල හොඳයි. පසුගිය නත්තල් උත්සවවලට වඩා වැඩියෙන් මෙදා සැරේ නත්තලට අපි ගොඩක් වැඩ කළා. මගේ පියාගේ සහ මවගේ ගීතඅතරින් වැඩිපුරම අපට අහන්නට නොලැබෙන ගීතවලට අලුත් ජීවයක් ලබා දෙන්න ‘නත්තල් තරුව’ නමින් ප්‍රසංගයක් ද කළා. ඒ සඳහා අපි සැවොමමහන්සි වී වැඩ කරපු නිසා ඉතා හොඳ නිෂ්පාදනයක් කරන්න අපිට පුළුවන් වුනා. ඒ වැඩ කටයුතු හේතුවෙන් මෙදා නත්තල කාර්යබහුල වුණා.”

මෑතකදී නිකුත් වූ “කළුවරට හිත බය හින්දා” ගීතය ගැනත් කතා කරමු?

“ඇත්තටම මම අවුරුදු 07කට පසුව තමයි ගීතයක් නිකුත් කළේ. 2015දී “නොබලා මා දිහා” ගීතය නිකුත් වුණාට පසුව නැවත අලුත් ගීතයක් කරන අවුරුදු හතක්ම ගත කරන්න සිද්ධ වුණා. එයට හේතුව මට රස විඳින්නට හැකි නිර්මාණයක් නොලැබීමයි. පෞද්ගලිකව අකැමැති නම් මම එවැනිනිර්මාණ සිද්ධ කරන්නේ නැහැ. නමුත් දිනේෂ් ගමගේ මල්ලි නිර්මාණය කළ මෙලඩියේ කොටසක් මට වාදනය කරල පෙන්වුවා. මම ඒ මෙලඩියට කැමැති වෙලා ඉක්මනින් වැඩ කටයුතු කරලා ගීතය නිකුත් කළා. ගීතයේ සිංහල පද රචනය මනුරංග විජේසේකරගේ. දිනේෂ් මල්ලිගේ මෙලඩි වල පුංචි දමිළ ආරකුත් තිබෙන නිසා මම ටැමිල් වර්ෂන් එකක් කළා. දමිළ ගීතයේ පද රචනය කළේ පොට්ටුවිල් අස්වින්.”

ටැමිල් වර්ෂන් එකක් කරන්න ඕනෑ බව සිතුවේ ඇයි?

“මට චංචල දෑසේ මායා ගීතය කරපු කාලේ සිටම ආසාවක් තිබුණා එම ගීතයේ ටැමිල් වර්ෂන් එකක් කරන්න. නමුත් ඒ වන විටත් රාජ් එම ගීතයවෙනත් රටවලට දීලා තිබුණා. මෙම ගීතය බෙංගාලි වර්ෂන්, තෙලිඟු වර්ෂන් මලයාලම් වගේ ගොඩක් වර්ෂන්වලට නිර්මාණය වුණා. ඒ වගේම මල්වාරම් ගීතයෙත් ටැමිල් වර්ෂන් එකක් තිබෙනවා. එම ගීතය කාංචනා 3 චිත්‍රපටයේ ප්‍රධාන ගීතය බවටත් පත්වුණා. නමුත් ඒ ගීතවල නිෂ්පාදන අයිතියමට හිමි නැහැ. “කළුවරට හිත බය හින්දා” ගීතයේ නිෂ්පාදන අයිතිය තිබෙන්නේ මට. එම නිසා කිසිදු බාධාවකින් තොරව ටැමිල් වර්ෂන් එකක්කරන්න පුළුවන් වුණා. මට දමිළ ගීත ගායනා කිරීමට පුළුවන් බව මේ වෙනතුරුත් බොහෝ දෙනා දැනුවත් නැහැ. තවද එම ගීතයේ මලයාලම්වර්ෂන් එකක් කරන්නත් මේ දිනවල සූදානම් වෙනවා.”

මලයාලම් වර්ෂන් එකක් කිරීම අභියෝගයක් වුණාද?

“ඔව්. ඇත්තටම ඒක ලොකු අභියෝගයක්. දමිළ භාෂාව නම් අපට අහල පුරුදුයි. නමුත් මලයාලම් භාෂාව අපිට නිතරම ඇහෙන්නේ නැහැ. ඒකනිසා මලයාලම් ගීතය ගායනා කිරීම විශාල අභියෝගයක්. මම ඒ අභියෝගය කෙසේ හෝ ජය ගන්න අභිප්‍රායෙන් තමයි ඉන්නේ. “

හින්දි තනුවලට සිංහල වචන යොදා නිර්මාණය කරන ගීත සම්බන්ධව ඔබේ අදහස කුමක්ද?

“ලංකාවේ ගීත ඉතිහාසය දෙස බැලුවම බොහොමයක් චිත්‍රපට ගීත නිර්මාණය කළේ හින්දි තනුවලට අනුවයි. ඒකෙන් සිද්ධ වුණේ අපේ ගීතවලදියුණුවට බ්‍රේරෙක් එකක් ගැහුවා වගේ වැඩක්. ලංකාවේ තනු සහ වචන ඉතාමත් ලස්සනයි. සරලයි. නමුත් ඒ මෙලඩිවල සහ වචනවල අමුතුමනිර්මාණාත්මකභාවයක් තිබෙනවා. හොඳම උදාහරණය “මැණිකේ මගේ හිතේ” ගීතය. එම ගීතයේ වචන සහ මෙලඩිය ඉතාමත් ලස්සනයි. එමගීතය දැන් ලංකාවේ පමණක් නොවේ මුළු ලෝකයේම ජනප්‍රියයි. ඉන්දියාවේ චිත්‍රපටවලටත් මැණිකේ මගේ හිතේ ගීතයේ තනු භාවිත වෙනවා. ලංකාවේ ගීතය දියුණු වීමට අවශ්‍ය වෙන්නෙ ඒ තැනටයි. ශ්‍රී ලාංකේය අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් දේශීය ශබ්ද භාවිත කරමින් හොඳ නිර්මාණබිහි කරන්න ඕනෑ. එසේ නොමැති නම් අපි එක තැන පල් වෙනවා.”

අපිට ජාත්‍යන්තරයට යන්න බැරි ඇයි?

“ලංකාව කියන්නේ බොහොම පුංචි රටක්. ලෝකයම සැලකිල්ලට ගතහොත් ලෝකය තුළ ලංකාව එතරම්ම ජනප්‍රිය නැහැ. ඇමෙරිකාවේ මිනිස්සු දහ දෙනකුගෙන් ඇසුවොත් ලංකාව ගැන, ඉන් එක් අයෙක් නැත්නම් දෙදෙනකු පමණයි ලංකාව ගැන දැනුවත්. එතරම් ජනප්‍රියත්වයක් නොමැති අපි වගේ රටක ගායකයකුට හෝ ගායිකාවකට ජාත්‍යන්තර වේදිකාවට යන්න බොහොම අපහසුයි. ඇමෙරිකාවේ මිනිසුන් අතරේ තිබෙනවා. කතාවක්, “ඔබ ඇමෙරිකාව තුළ ජනප්‍රියයි නම්, මුළු ලෝකයේම ජනප්‍රියයි” කියලා. ඔවුන් එසේ පවසන්නේ ලෝකයේ ඔවුන්ට හිමි බලය නිසයි. අනෙක් කාරණය තමයි අපිට ජාත්‍යන්තරයට යනවා නම් රාජ්‍ය අනුග්‍රාහකත්වයසහ ආර්ථික හැකියාවත් ප්‍රබලව අවශ්‍ය වෙනවා.”

The Voice Sri lanka වැඩසටන් පුහුණුකරුවකු ලෙස කටයුතු කළා. කොහොමද ඒ අත්දැකීම?

“ඒක වෙනස්ම අත්දැකීමක්. මම බොහොමයක් තැන්වල සිදු කළේ විනිසුරුවරියක් විදියට වැඩ කළ එක. එවිට අපි සිදු කරන්නේ තරගකරුවන්ගේහොඳ සහ වැරදි සොයා බලා විනිශ්චයන් ලබාදීම පමණයි. නමුත් පුහුණුකරුවකු ලෙස කටයුතු කරන විට අපට සිද්ධ වෙනවා. තරගකරුවන්වෙනුවෙන් ගැටෙමින් නිතරම ඔවුන්ගේ වැරදි අඩුපාඩු මොනවාද, ඔවුන්ගේ දක්‍ෂතා සහ දුර්වලතා මොනවාද කියා සොයා බලා පීඩනයත් වැඩියි. ඇත්තටම පුහුණුකාරියක් විදියට කටයුතු කිරීමට කැමැතියි කියලා මට තේරුම් ගියේ Voice Sri Lanka සමඟ වැඩ කළ පසුවයි. එයින් ලබාගත්අත්දැකීම් සමඟ මම දැන් හඬ පුහුණු පන්ති පවත්වමින් ළමයින්ට උගන්වනවා.”

තමන්ගේ හඩ අනන්‍යතාව හදාගන්න උත්සාහ දරන අයකුට ලබා දෙන පණිවුඩය කුමක්ද?

“තමන්ගේම අනන්‍යතාවක් හදාගන්නවා නම් මුලින්ම තමන් තමන් විය යුතුයි. වෙන කවුරුවත් වෙන්න යන්නේ නැතිව, තමන් කවුද? සුදුසු කුමක්ද? තමන් කැමැති කුමක්ද?

තමන්ට තමා ගැන තිබෙන දැක්ම කුමක්ද? කියා වටහා ගෙන කටයුතු කරන්න අවශ්‍යයි. එවිට ඔබට ගොඩනැගෙන්නේ ශක්තිමත් ශ්‍රාවක පිරිසක්. ඒපිරිස දහයද, පහළොවද කියන එක වැදගත් නැහැ. ඒ එකතු වන දහදෙනා හෝ ඔබ වටා එකතු වන්නේ ඔවුන් ඔබට කැමැති නිසයි. කෙදිනක හෝ ඔබේ ඉදිරි ගමනට උදවු වන්නේද ඔවුන්මයි.”

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago