ජනප්‍රිය අය ගැන

“පුංචි කාලෙට යන්න මම හරි ආසයි.” – වොල්ගා කල්පනි

මේ දිනවල ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන (පාර දිගේ) ටෙලිනාට්‍යයේ ටුටූ එක්ක අපි පොඩ්ඩක් කතා කළා. ඇත්තම කිව්වොත් මේකතා කළේ ටුටූ නම් නෙවෙයි එම චරිතයට අපූරැවට දායක වන ඇය වොල්ගා කල්පනීයි.

වොල්ගාට පුංචි කාලෙට යන්න අවස්ථාව ලැබෙනවා. එහෙම වුණොත් යන්න කැමති කොයි කාලෙටද?

“පුංචි කාලෙට යන්න මම හරි ආසයි. ඒ අතරින් මම වැඩිපුරම කැමති කඳාන ශාන්ත සෙබස්තියන් විදුහලේ ඉගෙන ගත්තු කාලයටයි. ඒ අතරින් දහයවසර සහ එකොළහ වසර කාලය තුළදී මම ගත කරපු කාලයට මම හරි ආසයි. ඒ කාලේ හිතේ ප්‍රශ්න නැහැ. වගකීම් නැහැ. හරිම සැහැල්ලුවෙන්යාළුවෝ එක්ක හිනාවෙලා ගත කරපු සුන්දර කාලයක්. ඒ කාලයට ආයෙත් යන්න තියෙනවානම් ඒක මරු.”

නොහිතූ වෙලාවක කලා ක්ෂේත්‍රයෙන් ඔයාව ප්‍රතික්ෂේප වෙනවා. එහෙම වුණොත්?

“අම්මෝ.. එහෙම වුණොත් ඒක මට සෑහෙන්න දරාගන්න බැරිවේවි. එහෙම වුණොත් මම මොනවද කරන්නේ කියලා හිතාගන්නවත් මට අමාරුයි. ඒතරමට මම මේ කලාවට කැමතියි. කලාවට ආදරෙයි.”

නොකරපු වරදකට වොල්ගාට දඬුවම් ලැබෙනවා. එහෙම වුණොත් මොකද කරන්නෙ?

“මගේ ජීවිතේ මෙතෙක් මට දඬුවම් ලැබිලා තියෙන්නෙත් මම නොකරපු වැරදිවලට තමයි. ඒ නිසා ඒක දැන් මට හුරුයි. ඒ නිසා ඒක මට කිසිප්‍රශ්නයක් නැහැ. දැන් මම එහෙම නොකරපු වැරදිවලට ලැබෙන දඬුවම් ගැන ලොකුවට ගණන් ගන්න කෙනෙක් නෙමෙයි. කවුරු මොනවා කිව්වත්මගේ හිත දන්නවානම් මම වරදක් කළේ නැහැ කියලා මම කාලයට ඉඩ දීලා බලාගෙන ඉන්නවා. කවුරු මොනවා කිව්වත් ඒවා මගේ ජීවිතේට අදාළකර ගන්නෙ නැහැ.”

දේශපාලනයට යොමුවෙන්න අවස්ථාවක් වගේම ආරාධනාවකුත් ලැබෙනවා. එහෙම වුණොත් මොකද කරන්නෙ?

“අම්මෝ.. මම කවදාවත් දේශපාලනය නම් කරන්නෙ නැහැ. මේ පවතින තත්ත්වයත් එක්ක දේශපාලනය කිරීම බොරු වැඩක්. ඒ නිසා පවතිනතත්ත්වයත් එක්ක ඒ රාමුවේ ඉඳගෙන දේශපාලනය කරන්න මම දක්ෂ නැහැ. ඒ නිසා නොදන්නා දේවල් වගේම කැමති නැති ක්ෂේත්‍රවලට යොමුනොවී දන්නා දේ කරගෙන ඉන්න එක ඇඟට ගුණයි.”

හිතපු නැති මොහොතක වොල්ගාට කෝටි ගණනාවක දිනුමක් ලැබෙනවා. එහෙම වුණොත් ඒ මුදලට මොකද කරන්නෙ?

“මට හිතාගන්නවත් බැහැ ඒකට මොකද කරන්නේ කියලා. ඒක ලැබුණට පස්සේම තමයි බලාගන්න පුළුවන් වෙන්නෙ. මුදල් කියන දේ අද මම ළඟතිබිලා හෙට තව කෙනෙක් ළඟ තියෙන්න පුළුවන්. හරිම අවිනිශ්චිත දෙයක්. තව කෙනෙක් විනාශ කරගෙන මිනිස්සු මෙහෙම මුදල් හම්බ කරන්නෙඇයි කියලත් මම දන්නෙ නැහැ. මට නම් ජීවත් වෙන්න සල්ලි තිබුණාම ඇති. ඒ නිසා ලොකු ලොතරැයි දිනුම් ගැන ලොකු බලාපොරොත්තු නැහැ.”

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago