ජනප්‍රිය අය ගැන

ගිනිමල් පොකුරු චිත්‍රපටයේ ආන්දෝලනාත්මක චරිතයක් නිරුපණය කල චුලක්ෂි

කතාබහට ලක්වී සිටින සුරුපී සරාගිනිය ඇයයි. ඇය මේ දිනවල රිදී තිරයේ තිරගතවන උදයකාන්ත වර්ණසුරියගේ ගිනිමල් පොකුරු චිත්‍රපටයේආන්දෝලනාත්මක චරිතයක් නිරූපණය කරන්නීය. වැඩිහිටියන්ට පමණක් සීමාවූ මේ චිත්‍රපටයේ ඇය සරාගි නිළියක් බවට එක රැයින් පත්වී හමාරය. ඇය චූලක්ෂි රණතුංගය. මෙරට ලක් රූ රැජිනක් ද වූ ඇය නිරූපිකාවක ලෙස ඉහළ ජනප්‍රියත්වයක් ලබාගත් අතර අද දවසේ දී ඒ සියල්ල අභිබවාසිනමාවේ විශාල ප්‍රසාදයක් මෙන්ම ආකර්ෂණයක් ද හිමිකර ගෙන සිටින්නීය.

ඉතින් අද අප ඔබ වෙත ගෙන එන්නේ ඇයගෙන් විමසු පැණයන්ට ඇය ලබා දුන් පිළිතුරුයි.

ඇයි ඔබ එකපාරටම අඩ නිරුවත් චරිත රංගනයකට එක්වුණේ?

“අඩු නිරුවත් චරිත කලාව තුළ හැම තිස්සෙම ප්‍රායෝගික දේවල්. අපි රංගනයෙන් ඉදිරිපත් කිරීමක්. වැඩිහිටියන්ට පමණක් දර්ශනවලට පෙනීසිටින්න කැමැති අකමැති කම් තුළ රඟපාන කට්ටිය සීමාවල් දාගෙන ඇති. එහෙත් මම රූපණය කියන මාධ්‍යයට ඇවිත් වෘත්තීමය රංගනශිල්පිනියක් විදිහට රඟපෑම තමයි සිද්ධ කරන්නේ. ඒ තුළ මම දන්නවා තමන්ගේ චරිතයට අදාළව නිර්මාණය තුළ වැඩිහිටියන්ගේ දර්ශනයක්තිබෙනවා නම් ඒ දර්ශනයට පෙනී සිටින්න කැමැත්තෙන් මම පිටපත භාර ගත්තා. එකේ චුලක්ෂි නොවෙයි ඉන්නේ පියුමි කියන චරිතයට අවශ්‍යකෙනා ඉන්නේ. ගිනිමල් පොකුරු කියන්නේ වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයක්. ඒ ගණයේ චිත්‍රපටයක් බව දැන ගෙන තමයි මම රඟපෑවේ.

තව මම රඟපෑ චිත්‍රපට කීපයක් තිබෙනවා. මේ වසංගතය හමුවේ චිත්‍රපට බලන්න පවුල් පිටින් එන්නේ නැහැ. එහිදී යම්කිසි ආකර්ෂණයක් සහිතචිත්‍රපටයක් තුළින් වැඩිහිටියන් ගෙන්වා ගැනීමට පුළුවන්. මොකද දරුවන් මෙම වසංගතය හින්දා ගේන්න අමාරුයි. ඉතිං වැඩිහිටියන්ගේ මානසිකආතතිය යම්තාක් දුරකට දුරුකරගන්න චිත්‍රපටයකට හෝ කලා කෘතියකට පුළුවන් වෙනවා. මේක ඒ හින්දා අවශ්‍ය කාලේ කළ හොඳ චිත්‍රපටයක්ලෙසටයි මා දකින්නේ.”

සමහරු කියනවා ඔයා මේ චිත්‍රපටයට තමන්ගේ අඟ පසඟ පවා වෙනස් කර ගත්තා කියලා. ඇත්ත ද ඒ කතාව?

“මම මොඩල් කෙනෙක්. නිරූපිකාවක් ලෙස සිහින් ඇඟක් මට තිබෙන්නේ. එහෙත් පියුමි කියන්නේ සාමාන්‍ය කාන්තාවක්. ඒ හින්දා මම ව්‍යායාම්කරන්නේ නැතුව ජිම් එකට යන්නේ නැතුව ඒ චරිතයට අවශ්‍ය විදියට ඇඟ හදා ගත්තා. එහෙම නැතුව කෘතිමව අඟපසඟ වෙනස් කර ගත්තේ නෑ. එහෙම දෙයක් පේන්න නෑ නේද? මම සාමාන්‍ය කාන්තාවක්. කාන්තාවක සතු ලක්ෂණ මා තුළ තිබෙනවා.”

චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාරත් එක්ක ඔයා දැන් සරාගී නිළියක් වෙලා. ඉතින් එතකොට ඔය සරාගී බැල්මවල් එහෙම ඔයාට වැටෙනවා ඇති නේද?

“මගේ රඟපෑමත් එක්ක මිනිස්සුන්ගේ ආකර්ෂණය බැල්ම මට වැටෙන්න ඇති. සාමාන්‍ය ප්‍රේක්ෂකයා දන්නවා මම එන්නේ වාණීජ චිත්‍රපටයකින්කියලා. ඊට පස්සේ ඓතිහාසික චිත්‍රපටයක් වන විජයබා කොල්ලය රඟපෑවා. මම වර්ගීකරණයක් වෙලා නෑ. එකිනෙකට වෙනස් චිත්‍රපට ත්‍රිත්වයකින්මම ප්‍රේක්ෂකයා හමුවට ආවේ. එහෙම ලොකු යෝජනා මට ආවේ නෑ. එදා තිබූ ප්‍රේක්ෂකයන්ගේ ආදරය අදටත් එලෙසම මට තිබෙනවා. ඒකේවෙනසක් වෙලා නෑ. වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපටයක රඟපෑවා කියලා.”

ඔයා නිරූපිකාවක් ලෙස හිඳිමින් ලක් රූ රැජිණ බවටත් පත් වූ සුරුපිනියක්. එහෙම මුල් කාලයේ දී ඉදිරියට එන විට ඔයාට අයුතු යෝජනා බලපෑම්එල්ලවුණේ නැද්ද?

“නෑ එහෙම වෙලා නෑ. තමන්ගේ හැසිරීමත් එක්ක තමයි ඒ දේවල් සිද්ධවෙන්නේ කියලා මම නම් හිතන්නේ අයුතු යෝජනා කියන එක මේ කලාවතුළ විතරක් සිද්ධ වෙන එකක් නොවෙයි නේද? ඒක හැම ක්ෂේත්‍රයකම තිබෙන දෙයක්. කලාවෙත් මේ දේ තිබෙනවා. ඒත් මට නම් එහෙම දේවල්ආවේ නෑ.”

ඔයා නිතරම සරාගී ඡායාරූප මුහුණු පොතේ ඉන්ස්ටග්‍රෑම්වල පළ කරනවා. මේවා කරන්නේ ආකර්ෂණයක් ලබාගන්න ද? මේවාට ලැබෙන ප්‍රතිචාරකොහොමද?

“මම ගොඩාක් වෙලාවට දකින්නේ මිනිසුන්ගේ සාක්ෂරතාව අනුව බුද්ධි මට්ටම අනුව තම තමන්ගේ රුචි අරුචිකම් මේවා හරහා පෙන්නුම් කරනවාකියලයි. ඡායාරූපයක් දිහා බලලා එය තේරුම් අරගෙන විචාර කරන්නේ කීයෙන් කී දෙනා ද? එයාගේ චින්තනයට අනුව සිතන පතන විදාිහට අනුවතමයි ඒවාට කමෙන්ට්ස් ලැබෙන්නේ.

මම ලංකාවට විතරක් නොවෙයි ජාත්‍යන්තරයේ හරි යම් කිසි මට්ටමකට ළඟා වෙන්න අවස්ථාවක් තිබෙනවා නම් ඒකට යන්න පුළුවන් විදිහට තමයිරංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරන්නේ. ඒ දක්වා මට කරන්න පුළුවන් දේවල් හදාරන්න පුළුවන් දේවල් කරනවා. ඒ අවශ්‍ය දේවල් හදාරනවා. ඒසඳහා මම සමාජ මාධ්‍ය පාවිච්චි කරනවා. ඒ දිහා මිනිස්සු බලන විදිහ මට වෙනස් කරන්න බැහැ. වැරදි කමෙන්ට්ස් දානවා නම් ඒක එයාගේ බුද්ධිමට්ටම හා සාක්ෂරතාවයේ දැක්ම තමයි. ඒවා ගැන මම හිතන්නේ නැහැ.”

ජාත්‍යන්තරයට අවශ්‍ය ආකාරයට ඔයාට නිරුවත් චරිතයක් ලැබුණොත් එය භාරගන්නවාද?

“පිටපතක් බලන්නේ නැතුව මම නිරුවත පෙන්වනවාද කියන තැනට යන්න මගෙ අදහසක් නෑ. පිටපත මොකක්ද ඒ අධ්‍යක්ෂකවරයාගේ දැක්මමොකක්ද කියා මට අවශ්‍ය වෙනවා. ඒ තුළ තමයි මගේ ගමන තීරණය වෙන්නේ.”

ඔයා අම්මාත් සමග ජීවත් වුණත් ස්වාධීනව තමන්ගේ කටයුතු කරන අභියෝගවලට බය නැති කාන්තාවක්. එහෙම ස්වාධීනව කාන්තාවකට මේසමාජය තුළ ඉන්න ඉඩක් තිබෙනවාද?

“මම ස්වාධීන විදිහට ජීවත් වෙනවා. මම හිතන්නේ කාන්තාවක් විදිහට තමන්ගේ දැක්ම තුළ තමන් හදාගෙන තිබෙන රාමුව තුළ ඒ විදිහටහදාගෙන ඒකට අනුකූලව ලිස්ට් එක දාගෙන ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන් ද කියන එක බලාගෙන ජීවත් වෙන එක තමයි මම කරන්නේ. මට නම්බලපෑම් නෑ. හරිම නිදහසේ සාමකාමීව තමන්ගේ පාඩුවේ ගමනක් යන්න උත්සාහ කරනවා. මගේ දැක්ම තුළ මගේ චින්තනය තුළ මම යනවා. මමකවුරු මොනවා කිව්වත් වැඩක් නැහැ. ඒවා මට අදාළ නෑ. මම ජීවත් වෙන්නේ මට හරියන මගේ සිතිවිලි එක්කයි. ස්වාධීනව ගැහැණියකට ජීවත්වෙන්න පුළුවන් වාතාවරණයක් ලංකාව තුළ නෑ කියන එක මා නම් දකින්නේ නෑ. ජීවත් වෙන්න පුළුවන්කම තිබෙනවා.”

ඔයා විලාසිතා කරන්නේ අනෙක් අයගේ ආකර්ෂණය ලබාගන්න ද එහෙම නැතිනම් ඔයාගේ ආසාවට ද?

“මම විලාසිතාව ඇවිල්ලා ගියාද ඇවිල්ලාද කියලා හොයලා බලන්නේ නෑ. මට මා යන තැන්වලට ගැලපෙන්නේ කුමන ඇඳුම ද ඒ අඳුම ඇඳගෙනයනවා. මගේ ඇඳුමින් තව කට්ටියක් පිනවන්න කලින් මට මුලින් මාව සතුටු කරන්න පුළුවන්ද කියා බලනවා. විශේෂයෙන් මගේ සමේ පැහැයට අනුවතමයි විලාසිතා තෝර ගන්නේ. මට ඇඳුම ඇන්දාම ලස්සනයි කියලා දැනෙන්නෙ ඕනෑ. ඒක දැකලා තව කෙනෙක් ලස්සනයි කියනවා ද බණිනවාදකියන එක මට අදාළ නෑ. මට ඇඳුමෙන් යන තැනට ආලෝකයක් ගෙන දෙනවා කියලා හිතෙනවා. නම් ඒ ඇඳුම අදිනවා. අපි ගැලපෙන තැනටගැලපෙන දේ ඇඳගෙන ගියාම ප්‍රශ්න ඇති වෙන්නේ නෑ.”

1

2

3

4

5

6

7

8

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago