ජනප්‍රිය අය ගැන

“සමහරු මගතොටදී පවා මට බනින්න ගත්තා.”- මනිෂා නාමල්ගමගේ

කලා ක්‍ෂේත්‍රයේ ශිල්පීන්ට නිරන්තරයෙන්ම කතා හැදෙනවානේ. එය සාමාන්‍ය දෙයක්. හැබැයි මේ කියන්නට යන්නේ වෙනස්ම විදිහේකතාවක්. ජනප්‍රිය රංගන ශිල්පිනී මනිෂා නාමල්ගමගේ ආදරණීය නැඟණිය තමයි කාංචනා ඛාන් (Kanchana Kaan) කියන්නේ. ඇගේඅක්කා වගේම දක්‍ෂ රංගන ශිල්පිනියක්. ඉතින් පසුගිය දවසක කාංචනාට අමුතුම කතාවක් හැදිලා තියෙනවා.

කාංචනාට මේ හැදුණු කතාව මොකක්ද..?
මොනවා ගැනද අහන්නේ කියලා මට තේරෙන්නේ නැහැ. එහෙම කතාවක් මට හැදිලා නැහැ මම දන්න තරමින්.

එහෙනම් අපි ‘මේක පුදුම කතාවක්’ ගැන කතා කරමුකෝ. ඒ ගැන තමයි අහන්නේ..?
ලාල් ප්‍රියදේව අධ්‍යක්‍ෂණය කරන සිනමා නිර්මාණයක් තමයි ‘මේක පුදුම කතාවක්.’ සුනිල් ටී. ප්‍රනාන්දු සහ තුෂාර පෙරේරා තමයි ඒ චිත්‍රපටයනිෂ්පාදනය කරන්නේ. මම මේ චිත්‍රපටයේ ‘සොනාලි’ ලෙසට තමයි රඟපාන්නේ.

‘සොනාලි’ චරිතය හරහා ඔබේ ඉදිරි සිනමා ගමන වෙනසක් සිදුවෙයිද..?
අනිවාර්යෙන්ම… මටත් එහෙම හිතෙනවා. මම මේ වගේ චරිතයක් මෙයට පෙර කරලම නැහැ. උප ප්‍රධාන චරිතයක් තමයි මම රඟපාන්නේ.

මගේ රංගන ජීවිතයත් හැරවුම් ලක්‍ෂය්‍යක් කියලා කියන්නත් පුළුවන්. මම මවකගේ චරිතයක් රඟපාන්නේ. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මගේනංගිගේ දරුවා හදාගන්නෙත් මම. මුලදි සොනාලි අහිංසක බව පෙනුණට පස්සේ නපුරු වෙනවා. ඉතින් මේ චිත්‍රපටයට මාව තෝරාගත්තසියලුමදෙනාට ස්තුතිය පුද කරනවා.

පසුගිය කාලෙ නම් ඔබට පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක නේද හිටියේ..?
අම්මෝ ඔව්… ‘හදවතේ කතාව’ ටෙලිනාට්‍ය මම නිරූපණය කළ ‘කාන්ති’ චරිතය නිසා ගොඩදෙනෙක් මාව ප්‍රතික්‍ෂේප කළා. සමහරු මගතොටදීපවා මට බනින්න ගත්තා. හැබැයි ඉතින් පස්සේ හොඳට කතා කළා. ඒ චරිතයට ලැබුණු ප්‍රතිචාර නම් ඉහළයි. ඉතින් මම ‘කාන්ති’ චරිතයට හොඳසාධාරණයක් කළා කියලා ලැබුණු ප්‍රතිචාරත් එක්ක හිතාගන්න පුළුවන්.

ඉතින් අද ඔබ ඉන්න තැන ගැන සතුටු වෙනවද..?
ඇත්තටම ගොඩාක් සතුටුයි. මම හෙමින් ගමනක් තමයි ආවේ. හෙමින් ආවත් බාධක නැතුවාමත් නෙවෙයි. හැබැයි මම ගැහැනියක් විදියට ඒසියල්ලටම මුහුණ දුන්නා. ඉතින් මට ලැබෙන හැම නිර්මාණයකටම, චරිතයකටම මම උපරිම සාධාරණයක් කරමින් මගේ ගමන මේ විදියටමඉදිරියට යනවා.

‘නිරාවරණය’ ටෙලිනාට්‍ය තුළින් නේද ඔබේ ගමන වෙනස් වුණේ..?
‘නිරාවරණය’ ටෙලිනාට්‍යයේ මම නිරූපණය කළ චරිතයෙන් තමයි මාව ගොඩදෙනෙක් දැනහඳුන ගත්තේ. ඒ ගැන සතුටුයි. ‘නිරාවරණය’ ටෙලිනාට්‍යයේ අධ්‍යක්‍ෂ රොෂාන් කුරුප්පු අයියාව මම කවදාවත් දැකලා තිබුණෙත් නැහැ. ඉතින් මම ගැන තැබූ විශ්වාසයට ඔහුට මම ස්තුතියපුදකරනවා.

කාංචනා වඩාත් කැමැති සිනමාවටද, එහෙමත් නැතිනම් ටෙලිනාට්‍ය සඳහාද..?
එහෙම කිසිම වර්ගීකරණයක් නැහැ. හැබැයි පසුගිය කාලේ චිත්‍රපට වෙනුවෙන් වැඩි කාලයක් යොදවන්නට සිදුවුණා. සමහරවිට මගේ උස, පෙනුමනිසා මාව චිත්‍රපට සඳහා තෝරාගන්නවා වෙන්නත් පුළුවන්. වේදිකාවට මම ගොඩාක් කැමැතියි. ඒත් වේදිකාව වෙනුවෙන් මට ලොකු කාලයක්යොදවන්න අපහසුයි.

ඔබ රංගනයට වගේම නර්තනයටත් දක්‍ෂයි නේද..?
මම පුංචිම කාලේ ඉඳලා නර්තනය හැදෑරුවා. ඒ තුළින් වෙනම ශාරීරික අභ්‍යාසයක්ද ලැබුණා. උපුල් අරුණශාන්ත ගුරුවරයා යටතේ බැලේ පවාහැදෑරුවා.

ඔබේ සහෝදරිය ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇයගෙන් ලැබෙන සහාය..?
මගේ අක්කා තමයි මනිෂා නාමල්ගම කියන්නේ. ඇය මට ගොඩාක් ආදරෙයි. මමත් ඒ වගේම තමයි. හැබැයි මම කවදාවත් මගේ අක්කා මනිෂානාමල්ගම කියලා නම පාවිච්චි කරමින් රඟපාන්න අවස්ථාවක් ඉල්ලගෙන ගිහින් නැහැ. මගේ පාර මගේ උත්සාහයෙන්මයි හදාගත්තේ.

අක්කා – නඟාලා දෙන්නා ප්‍රේක්‍ෂකයන්ට මාරුවෙන අවස්ථාත් ඇති නේද..?
එහෙම නැහැ… මම අක්කාට වඩා ගොඩාක් වෙනස්. අපි දෙන්නාගේ කොණ්ඬේ විතරයි එකවගේ සමානකම් තියෙන්නේ. මම අක්කාට වඩාගොඩාක් උසයි. පැහැයෙනුත් වෙනස්.

පෞද්ගලික වැඩකටයුතුත් එක්ක කොහොමද කලාකටයුතු කරගෙන යන්නේ..?
මගේ පෞද්ගලික ජීවිතය ගැන මාධ්‍යයට තවම කියලා නැහැ. ඒ වගේම මොන වැඬේ තිබුණත් මම කරන කලාකටයුතුවලදී ඒ දේවල් පටලගන්නේනැහැ. මට පැවරෙන වැඬේ මම හරියට කරනවා. නිදහසේ, සරලව ඉන්න කෙනෙක් මම.

1

2

3

4

5

6

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago