ජනප්‍රිය අය ගැන

සුරතලාගේ සමුගැනීම නිසා සංවේදී වූ මංජුල පුෂ්පකුමාර

අපේ රටේ ඉන්න බොහෝ සතුන්ට හරි ආදරෙයි. ඒක කළා කරුවන්ට කියල වෙනසක් නැහැ. ඒ වගේම සුරතල් සතුන්ව ළමයින් වගේම අයත් ඉන්නවා. ඒ වගේ සුරතල් සතුන්ට අසීමිත ලෙස ආදරය කරන කෙනෙක් මංජුල පුෂ්පකුමාර කියලා කියන්නේ. ඉතින් මංජුලගේ නිවසේ සාමාජිකයෙක් වගේම ජිවත් වුනු සුරතලා පසුගිය දිනෙක මියගිහින් තිබෙනවා. ඒ වෙනුවෙන් මංජුල තම සුරතලා වෙනුවෙන් දානමය පින්කමක් සිදු කර තිබෙනවා.

තවද ඔහු තම මුහුණු පොතෙහි මේ පිලිබදව සටහක තබා තිබුනේ මේ ආකාරයටයි..

“අපි දෙන්නට කරන්න පුලුවන් හැමදේම කරා අචං ජීවත් වෙලා ඉන්නකොට වගේම එයා මැරුනට පස්සෙත්….💜

අද අටපිරිකර පූජා කරලා දානේ දීලා පින් අනුමෝදන් කරා හොද මනුස්ස ආත්මයක් ලැබෙන්න ඕන අපේ අචං කෙල්ලට🙏

හදවතේ ලෙඩක් නිසා අයිති කාරයෝ අතහැරලා දාල හිටිය සතෙක් මම ගෙනාවේ දුකට.. පස්සේ අක්කගේ හොදම යාලුවා උනා.. දෙන්නා ඉදිකට්ටයිනූලයි වගේ 😢

කෙනෙක් මැරෙනවා කියන දේ හිතාගන්න බැරි තරම් ඔලුව විකාර වෙන ප්‍රස්නයක් 🙄

මැරුනට පස්සේ එයා නෑ කියලා හිතෙද්දී දැනෙන දුක කියාගන්න බෑ 😢

මුලු සේසතම විකුනලා හරි ආයේ ගේන්න පුලුවන්නම් අපේ අචංව අපි ආයේ ගේනවා. ඒ තරම් දුකක් පාලුවක්.. මනුස්සයෙක් වගේ.. ඒ තරම් දේවල්තේරෙනව අපේ අචංට..

බැදීම් කියන්නේම මහා දුකක්. ඒත් මිනිස්සු බැදීම් වලට ආදරෙයි. සත්තුත් එහෙමයි. ගෙදර සත්තු කොයිතරම් හිටියත් අක්කගේ පන කෑල්ල අචංවිතරයි. අචංගේ මිනිය දවස් ගානක් ලග තියාන ඉදලා බැරිම තැන වලදැම්මා. හෙට අටපිරිකර පූජා කරලා දානේ දෙනවා.

අවසානේ හැම වෙලේම අපි හූල්ලනවා. මුලු ගේම මූසලයි😓😓😓

වසර 7 ක ආදරය

2015 – 08.01.2022”

1

2

3

4

5

6

7

8

9

10

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago